(අංජුල මහික වීරරත්න)
කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.
කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
කුමන පසුබිම්ක් යටතේ වුවද අද (01) දිනයේ පැවති දායක සභා රැස්වීම්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
දේපල සම්බන්ධයෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලකින්ම නිදොස් වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ දී ම පැහැදිලිව ම දැනුම් දුන් බව ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS
අර නාලිකාව "බ්‍රේකින් නිව්ස්" එකක් දැම්මේ නැද්ද ? සමහරවිට ඡන්දෙ ඉවර වෙනකල්ම මේ ප්‍රවෘතිය පට්ට ගහයි මගේ හිතේ.
මිනිසුන් මේ ඇම්ඩන්ට සූත්තර පුංචා කියන්නේ නිකන්ද?
හාමුදුරුවන්ට මොකටද දේපල? රාජපක්ස හොරුන්ව පන්සලට වැද්ද ගත්තේ හොරකමට උපදෙස් ගන්න වෙන්න ඇති.
ගිහියන්ට වැඩිය පැවිදි පක්ෂයට දේපල තණහාව තියෙනවද . කාටද මේවා , පවුලේ කට්ටියටද . ගෙවල් නැති දුප්පත් ජනතාව කොයිතරම් ඉන්නවද . නායක හාමුදුරුවන්ට පුවත් පත් බැලුවනම් බලාගන්න පුළුවන් , අලි ගම්මාන වල වැසියන් ජිවත් වෙන හැටි මොකටද ඔහොම ධනය රැස් කරගෙන
හරි! තමන් එහෙම නම් දූෂණ ෙචා්දනා තිබෙන රජයෙන් ද අස් විය යුතු යි.
අපගේ ප්‍රදේශයේ පුරාණ විහාරයක දායක සභාවක් පවත්වන්නේ නැහැ. කෝරළයක අධිකරණ සංඝනායක තනතුරක් දරණ නායක හාමුදුරුවන් කියන්නේ බුද්ධ සාසන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අනුව දායක සභාවේ සභාපති හාමුරුදුවොලු. පන්සලේ හාමුදුරුවන් දායකයෙක් නොවේ කිව්වට පිලිගන්නේ නැහැ ඉතින් දායක සභාව නමින් රජයෙන් ලැබෙන සියළු මුදල් වලින් කිසිවක් සිදුකරන්නේ නැහැ. ඒවාට වෙන්නේ මොනවාද කවුරුත් දන්නේත් නැහැ. පංසලත් එන්න එන්නම පරිහානියට පත්වෙනවා.
ඊ ලගට ඔය තනතුර. ඇයි කල් ඇතිව. කිවුවේ නැත්තේ. ආගමට නිගරු කරන්න එපා.
ඊ ලගට ඔය තනතුර. ඇයි කල් ඇතිව. කිවුවේ නැත්තේ. ආගමට නිගරු කරන්න එපා.
රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන්නේ හරි දෙයක්.
මහා සංඝරත්නයට අපහස කිරීම මෙම අයගෙ සිරිතයි.එයට නායකත්වය සපයන්නෙ අගමැතිතුමා බව දැන් පැහැදිලියි.කෙසේ වෙතත් අප කුමන පක්ෂයක කුමන ආගමක වුනත් දෙශපාලුවන් ආගමික නායකයන්ට පරිබව කිරීම හෙලා දැකිය යුතුයි . ජාතින් වශයෙන් මදිවට එකම ආගම මිනිසුන්වත් මෙලෙස වෙන් කරන්න දගලන්නෙ අැයි.අරමුණ සිංහල බෙෘද්ධ ජනතාව විනාශ කර දැමීම විය හැක.නමුත් ඔවුන්ට එය කල හැකිද..බෙෘද්ධයන්ගෙන් 80
ඇත්තටම මට හරිම සැකයි මෙයාද ඉස්සර කිතුල් ගහට ගියේ කියලා ..මොන මගුලක් වුනත් ගානට උත්තර නම් තියෙනවා .. වැඩ බැරි උනත් ගම .....
ඕක හමයි මේ රටේ තියෙන මජර දේශපාලනය . ඔය විනිවිදභාවය , ඔය අවංකකම , බන්දුම්කරේ ට සම්බන්ද උදවියට , කෘෂිකර්ම අමාත්යන්ශේ ගොඩනැගිල්ලෙන් බිලියනගණන් වංචා කරපු උන්ට පෙන්නුවේ නැත්තේ ඇයි
ඇම්ඩන් විහාරධිපතිද? අගමැතිද? විහාරධිපතිවරුන්ට චෝදනා එල්ල වෙනකොට දැවිල්ල අල්ලන අයත් ඉන්නවා. නිදොස් වීම වැදගත්.
මේ රනිල් වික්‍රමසිංහ නමැති චරිතය මෙච්චර පිරිසිදු චරිතයක් නම් තමා වගකීමෙන් පත් කල මහා බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා සියලු චෝදනා වලින් නිදොස් වන තුරු අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් විය යුතයි. එය එසේ නොකරන්නේ ඇයි? මෙවැනි සිනි බෝල කතා කියා තවදුරටත් ජනතාව රවටන එක මහා පාපයක් කියා රනිල් තේරුම් ගත යුතයි.
මහා බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් සියලු චෝදනා වලින් නිදොස් වන තුරු අග්‍රාමාත්‍ය දූරයෙන් වහාම අස්විය යුතුය. එත් එහෙම සිදු උනේ නැ. මේ ආණ්ඩුවේ මොනතරම් වංචා දුෂණ සිදු වෙනවද .එත් ඒවා ගානක්වත් නැහැ. පන්සල අල්ලාගෙන දගලනවා.
රනිල්ගේ පරම්පරාව නැත්නම් කැලණිය අදත් වල් වැදුන පන්සලක් පමණි. කොමන්ට්දාන මහත්වරු කැලණි පන්සලලේ ඉතිහාසය කියවන්න... පල්ලි 300 හාරසිය හදපු අය වගේ නොවේ බුදු දහමට අගනාම සේවයක් කළ පරපුරක්.
බැදුම්කරේ ලිහලා බලමුද
කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බවත් කුමන පසුබිම්ක් යටතේ වුවද 01.09.2019 දිනයේ පැවති දායක සභා රැස්වීම්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි. ජන විඥාණය අගමැති කෙරෙහි කලකිරවන සැම සිදුවීමක්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගන අදෘශ්‍යමාන හස්ත කිහිපයකින් මෙහෙයවන බවනම් ඉතා පැහැදිලිය.හදිසි නිතිය පැනවු විට පමණක් ඒකාධිපති වන ජේආර් හැදු ව්‍යවස්ථාව පවා සදා ඒකාධිපති කර රජවෙන්න හැදු නායකයෝ සිටිත්දී කව්රු කෙසේ කිවත් උසාවි පොලිසි හමුදා රජයේ ආයතන යනාදී රාජ්‍යයාන්ත්‍රණය ස්වාධින කොමිෂන් කර ජනපති සතුව තිබු ඒකාධිපති බලතල ජනපති අගමැති කතානායක අතර බෙදීයන අයුරු 19 සම්මතකරගැනීම අගමැති තුමාගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් රාජ්‍යතන්ත්‍රඥාණය මෙහෙයවා කල බැරෑරුම් කර්තව්‍යයකි.
පන්සල් කොහොමත් 95% රාජපක්සලගේ පැත්තේ. දැන් ඉදලම ඈත් වෙන එක හරි තීරණයක්.
පන්සල වටේටම දේශපාලන පක්ෂයක කටටුට් ගහල. ශාසනේට කිසිම වැඩක් වෙන්නේ නැහැ .
බුදුන්වහන්සේ හෝ වෙන කවුරු කිව්වත් පොතක ලියා තිබුනත් විමසා බලා හරියයි වැටහේනම් පමණක් පිළිගත යුතුය යන බුද්ධ වචනයද යම්තාක් ශ්‍රාවකයෝ ඇත්ද ඔවුන් අතර මම පළමුවැනියායයි කිමද බුදුන්වහන්සේගේ පුර්ණ වශයෙන් පිළිබිඹු කරයි. ඒකාධිපති රජකම අතහැර පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව උපාය කෞශල්‍ය හා සියුම් ප්‍රඥාව මෙහෙයවා බොහෝ ජනයාගේ හිත සුව පිණිස කටයුතු කළ බුදුන්වහන්සේට විරුද්ධව තම පිරිස අතරින් ඇතිවූ දේවදත්ත ගිහි පැවිදි 5000ක පිරිසක් සමග උන්වහන්සේට කළ අපහාස උපහාස පහර ගැසීමද, ගල්පෙරලා උන්වහන්සේව ඝාතනයකර හෝ තමා බුදුවෙන්න ගිහින් අපාගත වූ හැටිද සළකා බලත්දී රනිල් වැනි නුතන ලෝකයෙහි වසන ප්‍රජාතන්ත්‍රවාදී ලෞකිකයෙකුට ඒකාධිපති මානසිකත්වයෙන් පහරගසන ලෞකික ගිහි පැවිද්දන් සිටීම අරුමයක්ද? බුදුන් දේශනාකර ඇති ඒ කලන න්‍යායට අනුව යනවා හැර වෙන මග යාමෙන් හතර අපාගත විමෙන් වළකින්නට බැරිය යන අරුතයි උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිව්වේ. කලණ න්‍යාය අනුව යාම කැලණිය වඳීම යනුයි. වටිනාකම් මෙන්ම දුර්වල කම් ඇති ලෞකික ගිහි පැවිද්දන් තනි ඒකාධිපතියෙකු බිහිකිරීමට දරණ ප්‍රයත්න සියල්ල දේවදත්තලාගේ ක්‍රියා වැනිය.
මේ ගැන දේශපාලන පක්ෂයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ මොකද? මෙය එක්සත් ජාතික පක්ෂයට අදාලද ?
ටයර් එකක් උඩ යන්න ආසද?
20වැනි ශත වර්ෂයෙහි මුල් භාගයෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මිත්තනිය හෙලේනා විජයවර්ධන මැතිණිය පෘතුගීසි ආක්‍රමණයට පසු ප්‍රථම වතාවට කැලණිය පන්සල පිළිසකර කර එදා පටන් කැළණි පන්සල රැකබලාගත් එම පරපුරේ වත්මන් අගමැතිතුමාට නොදන්වාම ඉවත් කර තිබේ නම් එය බුදුදහමටත් කරන නිගාවකි. පන්සල් වලින්ම බුදුදහම විනාශ කරමින් සිටින මේ කාලයේ භික්ෂු සංඝයා කෙරෙහි බෞද්ධයින්ගේ විශ්වාසය නැතත් විෂඝෝර සර්පයින් ගෙට වැදුණු විට ගේ හැර නොයන්නා සේ පන්සල අරිඅටගි මග හා පටිච්චසමුප්පාදය ඔස්සේ රාග, ද්වේශ, මෝහ නමැති අවිද්‍යාවෙන් මිදී ප්‍රභාශ්වර චිත්තය බිහිකර ප්‍රථම ද්විතිය තෘතිය චතුත්ත ධ්‍යාන ලබාගැනීමට හැකි ආරාම බවට පත්කරගැනිමයි නියම බෞද්ධයින්ගේ අදහස. අද සමහරු භික්ෂු සංඝයා ලෙස පෙනිසිටිමින් නොයෙක් ව්‍යාපාර කරමින් දේශපාලන නායකයින් වෙනුවෙන් ද්වේශය වගුරමින් කතා කරන හැටි ඇහුණාම බෞද්ධයෝම එය ප්‍රතික්ෂේප කරනු දැක තිබේ. පැවිද්දාගේ කතාව හා ක්‍රියාව ශාන්ත යන ජන විඥානය නිසා ගිහියන්ට වඩා පැවිද්දන් කරන වරදට සමාජ ප්‍රතිචාරය දරුණුය.
පැරකුම්, මෙයා පොහොට්ටුවක් නෙවෙයි, ගම් උදාවක් විය හැකියි...
ජනාධිපති අපේක්ෂකත්වය බාර අරගෙන මුලින්ම කැලණිය වන්දනාවේ ගිය උන්නැහේට දායක සභාවේ සභාපතිකම දෙන්නයි තියෙන්නේ. එතකොට තකට තක තියෙයි.