IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කැලේට දැමූ ගිලන් රියට පණ දුන්නාම සෞඛ්‍යයෙන් උස්සන් යයි

(තිලකරත්න දිසානායක)

භාවිතයෙන් ඉවත් කළ ගිලන් රථයක් රුපියල් ලක්ෂ 5කට අධික වියදම් දරා අලුත් වැඩියා කළ පසු නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් රැගෙන ගිය පුවතක් ගම්පහින් මල්වතුහිරිපිටියෙන් වාර්තා වෙයි.

භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව තිබූ මෙම ගිලන් රථය මල්වතුහිරිපිටිය රෝහල් භූමියේ දිගු කලක සිට අතහැර දමා තිබූණි.

මල්වතුහිරිපිටිය ස්වශක්ති තරුණ සංවිධානය ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ඉතා හොඳ මට්ටමට අලුත්වැඩියා කර කොරෝනා ආසාදිතයනට ප්‍රතිකාර කිරීමට සහ සැක සහිත තැන් පරික්ෂා කිරීම සඳහා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදුන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

පොලිසියේ ගාල්කර තිබූ එම ගිලන් රථය පසුගිය දිනක ගම්පහ සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් රැගෙන ගිය බවත් මෙවන් තත්වයක් තමන් බලාපොරොත්තු නොවූ බවත් එම සංවිධානය පවසයි.

මෙම ගිලන් රථය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාචික අවසරය මත අලුත්වැඩි කර ඇත.

මේ සම්බන්ධයෙන්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගිලන් රථයක් වෙනත් ස්ථානයක භාවිතා කිරීම අවභාවිතයක් වන බැවින් රථය දෙපාර්තමේන්තුව යටතේ තිබීම වියයුතු බව කියා සිටියේය'



අදහස් (13)

කැලේට දැමූ ගිලන් රියට පණ දුන්නාම සෞඛ්‍යයෙන් උස්සන් යයි

nuwan jayasekara Monday, 28 June 2021 01:33 PM

රටක් ලෙස දියුණු වෙන්න බැරි ඒකනේ. ඔය වාහනය අරන් ගිය නිළධාරියට බැරි වුණාද මේ තරුණයන් කල දේ මිට පෙර ඉටු කරන්න.නිකරුනේ විනාශයට යන්න ඉඩහැර තිබූ වාහනය දිරන්න නොදී හදලා දුන්නම ඒක තමන්ගේ දේපලක් කිටලා ගෙනියන එක කොහොම අනුමත කරන්නද.එක තැන දිර දිරි යද්දී ඔය නිළධාරීන්ට අමතක වුණාද මේක ඒ අයට අයත් දේපළක් කියලා.

:       3       340

VithanaThursday, 01 July 2021 09:56 AM

ඒ තරුණ කැල සහ ප්‍රාදේශීය දේශපාලඥයා කළ යුතුව තිබුනේ එය අලුත්වැඩියා කොට රෝහලටම ලබාදීමයි. පොලීසියට දීමෙන් ඔවුනුයි වරද කර තිබෙන්නේ. ගිලන් රියක වැඩි ප්‍රයෝජනය රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ටයි. හැබැයි රෝහලට ආපසු දුන්නා නම් නම ගහගන්න බැරි වෙනවා. පොලීසියට දෙන්න හේතුව ඒක වෙන්න පුළුවන්...

:       0       0

janabala asamagi Monday, 28 June 2021 04:02 PM

අනේ මන්දා අපේ රටේ මේ මිනිස්සු

:       1       121

චුලා ඒකනායක Monday, 28 June 2021 04:46 PM

මා දන්නා පරිදි මේ වාහනය කවුරු අලුත්වැඩියා කලත් එහි inventory අයිතිය තිබෙන නිලදාරියා වාහනයට වගකිව යුතුයි. එසේ නැතහොත් ලිකිත අවසරයක් පොලිසියට නිකුත් කලයුතුය.

:       111       88

ranjith Monday, 28 June 2021 06:04 PM

රජයේ ආයතන වල ධාවනයෙන් ඉවත් කර ඇති වාහන අලුත්වැඩියා කරගත හැකි ආයතනවලට වහාම ලබාදෙන්න. මේවා දිරනකම් බලා ඉන්න එක අපරාදයක්...

:       0       127

පළපුරුදු රාජ්‍ය සේවකයා. Monday, 28 June 2021 06:23 PM

නිලධාරියාට දොසක් කියලා ඵලක් නැහැ. ඒක තමයි රජයේ රෙගුලාසිය... ඕකට කරන්න තිබ්බේ වාහනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට ලබා දීලා ලේඛන වල සටහන් කිරීම... දැන් වුණත් ඒක කරලා වාහනය දෙන්න පුළුවන්... හැබැයි මේ නිලධාරියා වරදක් කරලා තියෙනවා. ඒ තමයි මෙම වාහනය මුල් වතාවේදී වෙන පිරිසක් අතට නියමිත ක්‍රියාපටිපාටියෙන් බාහිරව ලබාදීම...

:       0       185

jabalaTuesday, 29 June 2021 04:00 PM

කෙහෙල්මල් රෙගුලාසි, ඕකේ අලුත්වැඩියාව සඳහා වන හොර බිල්පත් දමලා සල්ලි අරගෙනත් ඉවරයිලු.. ඉතින් මොකද කරන්නේ.. ඕකයි තත්වේ..

:       0       0

සෙන්ජී Monday, 28 June 2021 06:28 PM

මෙයින් පැහැදිලිව පෙන්වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිල්ලයි. වැටුප් වර්ධක සඳහා නම් වර්ජනය කරයී. ගමේ සාමාන්‍ය මහජනතාව කරන, සිතන පතන දේ වත් ඔවුන්ට වැදගත් නැත. උගතුන් පාර්ලිමේන්තු යවන්න කියනා කට්ටියට මෙය හොඳ කනේ පාරකි..

:       1       51

dayarathna Monday, 28 June 2021 06:35 PM

මේ වගේ තක්කඩි හින්දා තමයි රටේ රජයේ දේපළ විනාශයට යන්නේ... කළින් ඇස් ඇරෙන්නේ නැහැ.. දැන් තමයි ඇරිලා තියෙන්නේ...

:       1       223

gunarathnaTuesday, 29 June 2021 08:39 AM

මම හරියටම කියන්නම් ඔය මනුස්සයා ඔය වාහනේ හැදුවා කියලා ලොකු බිලක් දානවා අමාත්‍යාංශයට... ඕකේ තව ලොක්කෙක් ඒක අනුමත කරලා සල්ලි දෙනවා. මම එක පොඩි පාසලක ලොකු ගේට්ටුවක් හදලා දුන්නා මගේ වියදමෙන්. නමුත් පස්සේ කාලෙක මට දැන් ගන්න ලැබුණු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හැදෙව්වා කියලා සල්ලි පාස් කරගෙන තිබුණා.

:       0       9

Bempi Tuesday, 29 June 2021 05:38 AM

මෙහෙම රටක් ලෝකෙම නැතුව ඇති...

:       0       0

JANATHA HANDA Tuesday, 29 June 2021 04:01 PM

මේ අයට මේක කළින්ම හදාගන්න බැරිවුණේ ඇයි?

:       0       0

wajira Wednesday, 30 June 2021 04:30 AM

අමනාප නොවන්න. ගිය වියදම ලබා ගැනීමට ක්‍රමයක් සොයන්න. තවත් මෙවැනි වාහන සොයා පණ ගන්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1246 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 316 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1342 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site