
(තිලකරත්න දිසානායක)
භාවිතයෙන් ඉවත් කළ ගිලන් රථයක් රුපියල් ලක්ෂ 5කට අධික වියදම් දරා අලුත් වැඩියා කළ පසු නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් රැගෙන ගිය පුවතක් ගම්පහින් මල්වතුහිරිපිටියෙන් වාර්තා වෙයි.
භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව තිබූ මෙම ගිලන් රථය මල්වතුහිරිපිටිය රෝහල් භූමියේ දිගු කලක සිට අතහැර දමා තිබූණි.
මල්වතුහිරිපිටිය ස්වශක්ති තරුණ සංවිධානය ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ඉතා හොඳ මට්ටමට අලුත්වැඩියා කර කොරෝනා ආසාදිතයනට ප්‍රතිකාර කිරීමට සහ සැක සහිත තැන් පරික්ෂා කිරීම සඳහා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදුන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.
පොලිසියේ ගාල්කර තිබූ එම ගිලන් රථය පසුගිය දිනක ගම්පහ සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් රැගෙන ගිය බවත් මෙවන් තත්වයක් තමන් බලාපොරොත්තු නොවූ බවත් එම සංවිධානය පවසයි.
මෙම ගිලන් රථය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාචික අවසරය මත අලුත්වැඩි කර ඇත.
මේ සම්බන්ධයෙන්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගිලන් රථයක් වෙනත් ස්ථානයක භාවිතා කිරීම අවභාවිතයක් වන බැවින් රථය දෙපාර්තමේන්තුව යටතේ තිබීම වියයුතු බව කියා සිටියේය'


COMMENTS
රටක් ලෙස දියුණු වෙන්න බැරි ඒකනේ. ඔය වාහනය අරන් ගිය නිළධාරියට බැරි වුණාද මේ තරුණයන් කල දේ මිට පෙර ඉටු කරන්න.නිකරුනේ විනාශයට යන්න ඉඩහැර තිබූ වාහනය දිරන්න නොදී හදලා දුන්නම ඒක තමන්ගේ දේපලක් කිටලා ගෙනියන එක කොහොම අනුමත කරන්නද.එක තැන දිර දිරි යද්දී ඔය නිළධාරීන්ට අමතක වුණාද මේක ඒ අයට අයත් දේපළක් කියලා.
අනේ මන්දා අපේ රටේ මේ මිනිස්සු
මා දන්නා පරිදි මේ වාහනය කවුරු අලුත්වැඩියා කලත් එහි inventory අයිතිය තිබෙන නිලදාරියා වාහනයට වගකිව යුතුයි. එසේ නැතහොත් ලිකිත අවසරයක් පොලිසියට නිකුත් කලයුතුය.
රජයේ ආයතන වල ධාවනයෙන් ඉවත් කර ඇති වාහන අලුත්වැඩියා කරගත හැකි ආයතනවලට වහාම ලබාදෙන්න. මේවා දිරනකම් බලා ඉන්න එක අපරාදයක්...
නිලධාරියාට දොසක් කියලා ඵලක් නැහැ. ඒක තමයි රජයේ රෙගුලාසිය... ඕකට කරන්න තිබ්බේ වාහනය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට ලබා දීලා ලේඛන වල සටහන් කිරීම... දැන් වුණත් ඒක කරලා වාහනය දෙන්න පුළුවන්... හැබැයි මේ නිලධාරියා වරදක් කරලා තියෙනවා. ඒ තමයි මෙම වාහනය මුල් වතාවේදී වෙන පිරිසක් අතට නියමිත ක්‍රියාපටිපාටියෙන් බාහිරව ලබාදීම...
මෙයින් පැහැදිලිව පෙන්වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ නොසැලකිල්ලයි. වැටුප් වර්ධක සඳහා නම් වර්ජනය කරයී. ගමේ සාමාන්‍ය මහජනතාව කරන, සිතන පතන දේ වත් ඔවුන්ට වැදගත් නැත. උගතුන් පාර්ලිමේන්තු යවන්න කියනා කට්ටියට මෙය හොඳ කනේ පාරකි..
මේ වගේ තක්කඩි හින්දා තමයි රටේ රජයේ දේපළ විනාශයට යන්නේ... කළින් ඇස් ඇරෙන්නේ නැහැ.. දැන් තමයි ඇරිලා තියෙන්නේ...
මෙහෙම රටක් ලෝකෙම නැතුව ඇති...
මේ අයට මේක කළින්ම හදාගන්න බැරිවුණේ ඇයි?
අමනාප නොවන්න. ගිය වියදම ලබා ගැනීමට ක්‍රමයක් සොයන්න. තවත් මෙවැනි වාහන සොයා පණ ගන්වන්න.