(ඩයනා උදයංගනී)
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් කන්කසන්තුරය, සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං ඇතිවන නිසා ධීවර හා නාවුක කටයුතුවල නිරත පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී අවදානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දැනට පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිසාවට ගමන් කරමින් 18 වැනිදා උදෑසන කාලයේදී ගුජරාටි සහ පකිස්තානු වෙරළ තීරයට ඇතුළුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ඒ හේතුවෙන් හෙට (15) සිට ක්‍රමයෙන් මෙහි බලපෑම අඩුවී යනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීවේය.
එසේ වුවත් හෙට (15) සහ අනිද්දා (16) දිනවල උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.
බස්නාහිර, මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලක් හෙට (15) දිනයේදීත් වැසි ඇතිවන අතර උතුරු සහ උතුරුමැද පළාත්වල ද මද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
121
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
971
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2576
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්