IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කලාකරුවෝ රැසක් ටෙනිසන්ට අවසන් ගෞරව දක්වති

 

 

 

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

(ඩයනා උදයංගනී)


ජනප්‍රිය විකට රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු, තිරකතා රචකයකු සහ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂකවරයකු වූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, රසිකයින් ඇතුළු පිරිස් මොරටුව, විල්ලෝරාවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිති.


ටෙනිසන් කුරේ මහතා කොළඹ ජාතික රෝහලේ දී ඉකුත් 28 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර එදින සිටම ඔහුගේ නිවසට විවිධ අංශ නියෝජනය කරන පිරිස් පැමිණෙමින් සිටින්නේ තමන් සිනහගැන්වූ ඒ සොඳුරු කලාකරුවා අවසන් වරටත් දැකගැනීමේ අරමුණෙනි.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු පිරිසක් අද (30) දිනයේ ද ටෙනිසන් කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.


මොරටුව විල්ලෝරාවත්තේදී උපත ලැබූ ටෙනිසන් කුරේ මහතා අභාවප්ප්‍රාප්ත වන විට 68 වියේ පසුවිය.


ඔහු එක්දරු පියෙකු වන ඔහු මොරටුව මෙතෝදිස්ත උසස් විදුහලේ අධ්‍යාපනය හදාර තිබේ.


‘පෙරළිකාරයෝ, නොම්මර එකයි, සොමි බොයිස්, වැඩ බැරි ටාසන්, චණ්ඩියගෙත් චණ්ඩියා, හොඳ හොඳ සෙල්ලං, හිතහොඳ පුතෙක්, දෙමෝදර පාළම, පාර්ලිමන්ට් ජෝක්ස්, තැන්ක් යූ බර්ටි, රෑ දනියෙල් දවල් මිගෙල්, ජොන්සන් ඇන්ඞ් ගොන්සන්, ඔබටයි ප්‍රියේ ආදරේ, රඹා සහ මධූ, රන්දෙණිගල සිංහයා, කොළොම්පූර්, ඇසළ සඳ, රංජා, ජීවිතේ ලස්සනයි, ආසයි බයයි, චෙරියෝ ඩාලිං, කිව්වද නහී නොකව්වද නහී, කම් ඕගෝ චිකාගෝ, අජේ සහ විජේ, චෙරියෝ කැප්ටන්, සුපිරි අන්දරේ, සිංග මචාං චාලි, චාන්දනී, ලව් 94, ලව් 2002, ඔහොම හරිද, ජුන්ඩයි ගුණ්ඩයි, අපායේ තත්ත්පර අසූහාරදහසක් ඇතුළු චිත්‍රපට රාශියකට හා පටලැවිල්ල ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකට ඔහු රංගනයෙන් දායක විය.


තැන්ක් යූ බර්ටි චිත්‍රපටය ඔහු අධ්‍යක්‍ෂණය කළ එකම චිත්‍රපටය වන අතර එහි කථාව, දෙබස් හා තිර රචනය ඔහු විසින්ම සිදුකර තිබේ.


දෙමෝදර පාළම චිත්‍රපටයේ කථා සංඛල්පයද ටෙනිසන් කුරේ මහතාගේ වන අතර එම චිත්‍ර පටය සදහා ඔහු විසින් ගීත දෙකක්ද රචනා කර තිබේ.


කැප්ටන් කූල් හා සිවම්මා ධනපාල ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ද ඔහු විසින් අධ්‍යක්‍ෂණය කර ඇත.
 

ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මොරටුව, මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේ දී හෙට (1) පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.



අදහස් (5)

කලාකරුවෝ රැසක් ටෙනිසන්ට අවසන් ගෞරව දක්වති

විජිත් Wednesday, 30 September 2020 07:22 PM

"ලොවක් සනසා සිනහගැන්වූ ඔබ - ඒ ලොවම හඬවා යන්න යනවලු. "ජීවිතය යනු තණ අග රැඳෙන පිනි බින්දුවක් මෙන් අතාත්වික - අස්ථිර දෙයක් බව නැවතත් අපට පසක් කළ ප්‍රිය රංගධරයාණෙනි, ඔබට දෙව් සමිඳුන්ගේ රාජධානියේ දොරටු විවර වේවා...!!!

:       0       1

69 lakshe api Wednesday, 30 September 2020 10:37 PM

ටෙනිසන් නැති අඩුව වැඩිය දැනෙන එකක් නැහැ. මොකද ගෝඨාභය ඉන්නවනේ...

:       0       1

රවී Thursday, 01 October 2020 03:05 AM

ඔක්කොමත් හරි, අර බන්දු සමරසිංහ මේ මනුස්සයා මැරුණු මොහොතේ ඉඳලා මෙහෙම ඉන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ. ප්‍රාදේශීය සභාවක හරි ඉන්න ආසාවක් තියෙනවා වගේ පේනවා...

:       0       0

විජිත් Thursday, 01 October 2020 07:41 AM

"ලොවක් සනසා සිනාගැන්වූ ඔබ - ඒ ලොවම හඬවා යන්න යනවාලු අද .." ප්‍රිය රංගධරයාණෙනි, ස්වර්ගයේ දෙව්පියාණන්ගේ රාජ්‍යයේ දොරටුව ඔබ වෙනුවෙන් විවර වේවා..!!!

:       0       5

Demuni Uduwara Thursday, 01 October 2020 12:20 PM

සාමයේ සැතපේවා...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 964 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site