මගේ දරුවා මිය ගියේ පසුගිය මැයි මාසයේ 14 වෙනිදා. හම්බන්තොට රෝහලේ දොස්තර මහත්තය කිවුවේ දරුවා මන්ද පෝෂණයෙන් මැරුණා කියල. අපේ මනුස්සයටත් ඒ හැටි ආදායමක් නෑ. කිරි පැකට් එකක් දැක්ක කාලයක් මතක නෑ. ළමයි දුක් විඳිනව තමයි. ඒත් අපිට කරන්න දෙයක් නෑ. අපි අන්ත අසරණ වෙලා යැයි තිස්සමහාරාම නැදිගම්විල ග්‍රාම නිලධාරී වසමේ විජේපුර පදිංචිව සිට පසුගිය මැයි මාසයේ 14 වැනිදා මියගිය මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ මාස 11ක් වයසැති බිළිඳාගේ මව වන ගයාත්‍රි ඉන්දිකා ජයසිංහ මහත්මිය (42) ඊයේ (18) සවස පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා මෙම තොරතුරු හෙළි කිරීමෙන් පසු ඊයේ සවස අප එම නිවසට ගිය අවස්ථාවේදී ජයසිංහ මහත්මිය මේ පිළිබඳ එසේ කීවාය.

ගයත්‍රිගේ සැමියා වන තුසිත චන්දන මහතා රැකියාව වශයෙන් මිරිදිය මත්ස්‍ය වෙළෙඳාම කරන අතර ධීවරයකුගෙන් මිලදී ගන්නා මාළු ගම පුරා ඇවිද විකිණීමෙන් ලැබෙන සොච්චම් මුදලින් තම දරුපැටවුන්ට කන්න අඳින්න දෙන බව තුසිතගේ බිරිඳ පැවසුවාය.
තුසිතගේ පවුලේ සාමාජිකයින් ගණන පහකි. ඒ ඔහු, බිරිඳ හා දරුවන් තිදෙනා ය. දරුවන් තිදෙනා පාසල් යන්නේ නැදිගම්විල විද්‍යාලයටය. නිවසේ සිට කිලෝමීටර් 03ක් පමණ පා ගමනින් පාසලට යන්නට ඔවුන්ට සිදුව තිබේ. ළමයින් තිදෙනාටම ඇත්තේ ඇඳුම් කඩමලු කිහිපයක් පමණි. බොහෝ විට පාසල් ඇඳුමෙන්ම සවස් කාලය ගත කරන්නට එම දරුවන්ට සිදුව තිබේ.
ඔවුන් පෙරේදා (17) දිනයේ දී උදය ආහාර ලබාගෙන තිබුණේ පාසලෙනි. සම්බෝල හා අල හොදි සමග බත් කෑ බව එම දරුවෝ අප සමග කීහ. ඔවුන් දහවල් ආහාරයට ගෙන තිබුණේ පරිප්පු හොද්දක් සමග බත් පමණි.
තුසිතගේ බිරිඳ මෙසේ ද කීවාය.
මගේ දරුවා මිය ගියේ පසුගිය මැයි මාසයේ 14 දා. හම්බන්තොට රෝහලේ දොස්තර මහත්තය කිවුවේ දරුවා මන්ද පෝෂණයෙන් මැරුණා කියල. අපේ මනුස්සයටත් ඒ හැටි ආදායමක් නෑ. කිරි පැකට් එකක් දැක්ක කාලයක් මතක නෑ. ළමයි දුක් විඳිනව තමයි. ඒත් අපිට කරන්න දෙයක් නෑ. අපි අන්ත අසරණ වෙලා.
ළමය නැති වුණාට පස්සෙ අපේ ගෙදර කිරිබතක් අද වෙනකම් හැදුවෙ නෑ. අපිටත් දරු කැක්කුමක් තියෙනවා. ඇය කඳුළු සළමින් පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
මේ දරුවා මිය ගියේ ආහාර හිඟකම නිසා ඇති වූ මන්ද පෝෂණයෙන් කියල ඒ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ වාර්තාවේ සඳහන් කොට තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති උනේ කොහොමද? මේ ග්‍රාමය නියෝජනය කරමින් රජයේ නිලධාරීන් රැසක් සිටිනවා. පවුල් සෞඛ්‍ය සේවිකාව ආර්ථික සංවර්ධන නිලධාරීවරයා සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා ආදී නිලධාරීන් රැසක් ගම තුළ සිටිනවා. ඔවුන් තම රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙනවා.
ආදායම නොසලකා පෝෂණ මල්ලක් මේ වන විට රජයෙන් ලබා දෙනවා. එය මේ පවුලට ලැබුණාද කියල අප සොයා බැලිය යුතුයි. එමෙන්ම මේ පවුලට සමෘද්ධි සහනාධාරය ලැබී නෑ. ඇහැට පේන දේවල් දැකල ප්‍රායෝගිකව වැඩ නොකිරීම නිසා ඒ පවුලට සමෘද්ධි සහනාධාරය ලැබී නෑ. නිලධාරීන් හොඳට ඇඳල කාර්යාලෙ හොඳට ඉඳල හවසට ගෙදර යන එක තම වගකීම පමණක් කියල හිතනවානම් ඒක වැරදියි.
නිලධාරීන්ට වගකීමක් වගේම වගවීමක්ද තිබෙනවා. අපට තිබෙනවා අපගේ රැකියාව මත නියම වූ කාර්යයක්. ඒ කාර්ය අපි නිරන්තරයෙන් සිදුකළ යුතු වෙනවා. අපේ නිලධාරීන් එසේ නොකරන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තවදුරටත් සිදු වෙන්න පුළුවන්.
මේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මහතාගෙන් ඊයේ (18) පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී කරුණු විමසීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ කීය.
මෙම පවුලේ දරුවන් හතර දෙනෙක් සිටිනවා. මිය ගොස් ඇත්තේ බාල දරුවා. වයස මාස 11 යි. අනික් දරුවන් වයස අවුරුදු 9, 8, 5 යන වයස්වල පසුවෙනවා. මවත් ඉතාම දුර්වල මට්මක සිටින්නේ. පෝෂණ මල්ල ලබා දීමට අදාළ අයැදුම්පත් පුරවා දෙන ලෙස කියා සිටියත් ඒවා භාර දී නැහැ. සමෘද්ධි ආධාරයත් ලබා දී නැහැ. නිවසක් සාදා ගන්න නිවාස අධිකාරියෙන් රුපියල් ලක්ෂ පහක ආධාරයක් ලබා දී තිබෙනවා. නිවසට අත්තිවාරම පමණක් දා තිබෙනවා. පියා දරුවන් ගැන සොයා බලනවාට වඩා රටේ තොටේ වැඩ ගැන සොයා බලනවා. ජාතියට දරුවන් බිහිකරන්න ඕන කියලත් කියලා තියනවා. අපේ පැත්තෙන් අඩු පාඩු සිදු වී ඇති බව මම පිළිගන්නවා. අදාල නිලධාරීන් ගේ උනන්දුවීම නැති බවත් පිළිගන්නවා.
මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ පවුල් සෞඛ්‍ය සේවිකාව දරුවන් පිළිබඳ සොයා බැලීම සිදු කරමින් දරුවාගේ උස බර සටහන් කරමින් කාඞ් එකක් පවත්වාගෙන යන අතර පෝෂණ ඌණතාවයෙන් පෙලෙන මෙම දරුවන් සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නැති බව මෙම මරණයෙන් හෙළිවන හෙයින් එම කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකාව සම්බන්ධයෙන් ද වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට දන්වා යැවීමට කටයුතු කරන ලෙසට අදාළ නිලධාරින්ට මෙහි දී කීය.
මවුපියන් දරුවන් ඇති කළත් දරුවන් රැක බලා ගැනීම රජයේ වගකීමක් වන හෙයින් ඒ සඳහා ගමකට බුද්ධිමත් රජයේ නිලධාරින් ලෙස ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ග්‍රාම ශක්ති නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරින් පත් කර සිටින්නේ මේවා ගැන සොයා බැලීමට හෙයින් ඒ කිසිවෙකුගෙන් මේ දරුවන්ට යුතුකම ඉටුවී නැති හෙයින් සියලු දෙනා නිදහසට කවර කරුණු කීවත් ඉන් පලක් නැති බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණයෙන් කීය.

COMMENTS
රජයේ නිලධාරින් ගේ වගකීම පැහැර හැර තිබෙන බව පිලිගැනීම සතුටක්. රටේ සාමාන්‍ය ජනතාව හිත උණු වී මෙවැනි අයට උදව් කලත් එය යම් කාල සීමාවකට පමණයි. කරුණාකර හැකි ඉක්මනින් ඔවුනට දිය යුතු සහය දෙන්න. අනෙක් අතට මම ඉල්ලා සිටිනවා මේ දරුවන්ට කැපකරු මාපියන් වී ඔවුන්ගේ අනාගතය ගොඩ නගා දෙන්නට ඉදිරිපත් වන ලෙස. අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුව කැපකරු මාපිය ක්‍රමයක් වහාම ගොඩ නැගිය යුතුයි. එවිට මෙවැනි දුක්ඛිත තත්වයන් ඇතිවීම අවම කරගන්නට හැකි වෙනවා .
ඔන්න බලන්න පාලකයන්ගේ වත්මන් හා හිටපු ක්‍රියාවන්ගේ ප්‍රතිපල.
පෝසත් රටක් කරන්ට බලය එක පැත්තකට අනික් පැත්තට මාරු කර කර දෙන්න
මහ ලොකුවට ජාතිය නගාහිටුවන්න, ළමයි තව හදන්න කියන නෝනලා මහත්තුරුන්ට ඔන්න කරන්න වැඩ තියෙනවා.
නිලධාරීන්ට වහා දඩුවම්.
ජනාධිපති ඇතුළු පවුලක්ම පාලනය කරපු පළාතක් නේද මේ...?
අහිංසක දරුවගේ ජීවිතය අපරාදේ. හැබැයි දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රකාශයට අප ස්තුතිවන්ත වෙනවා. එතුමත් රජයේ නිලධාරියෙක් වෙලා විවෘතව කථා කිරීම පිළිබඳව... මේ රටේ උපාධිදාරින් කියන අයට හැම රජයකින්ම මොන අටමගුල් නමකින් හරි රස්සා දීලා තියනවා. ප්‍රා.ලේ එකක එක් එක් ක්ෂේත්‍රවලට වගකියන රජයේ නිලධාරින් 10ක් 15ක් විතර ඉන්නවා. ඒ අය සඳුදාට හා බදාදාට කාර්යාලයට වාර්තා කර අනිත් දවස් ටික ගෙදර වගා කටයුතු හෝ කුඹුරේ වගා කටයුතු හෝ වෙනත් ආදායම් උපයන මාර්ගයක හෝ නිරත වෙලා රජයේ පඩියත් අරන් සැප විඳිනවා. ප්‍රා.ලේ කියලා තියන විදියට මේ මිනිස්සු පෝෂණ මල්ල අරගන්න අයැදුම්පත් දමල නෑලු.. එහෙම එකක් තියනවද කියලවත්, ඒක පුරවන්නේ කොහොමද කියලවත් මේ අයට තේරෙන පාටක් මට නම් පේන්නේ නෑ. රජයේ නිලධාරින් වන අනිත් අයට ඒ ටික තේරුම් යන්න ඕනෑ හැමදේටම ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි මුල් කරගෙන ප්‍රායෝගිකව ලෝකය නොදකින රාජ්‍ය සේවයක් අපිට තියෙන්නේ... ඒකයි මේ අවාසනාව... මේකෙන් හරි අනිත් සේවකයන්ට පාඩමක් ඉගෙන ගන්න මේ අදාල නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්න... කරුණාකරලා අර මැරුණ ළමයගේ ආත්මය වෙනුවෙන් අපිට වෙන කරන්න දෙයක් නෑ. මේ රට දැං දැං පුදුම අවාසනාවන්තයි, හැමදේම විනාශයි...
පිටිකිරි නම් බිව්වා කියලා වැඩක් වෙන්නේ නෑ. මෙතන නොකියවෙන දෙයක් තිබෙන බව පේන්න තිබෙන්නේ පියාගේ ක්‍රියා කලාපය හරියට වාර්තා වෙලා නැති නිසා. ඇතැම් විට ඔහු පවුල ගැන හරියට සොයා නොබලනවා විය හැකියි.
පිටි කිරි නම් බිව්වා කියලා වැඩක් වෙන්නේ නෑ. මෙතන නොකියවෙන දෙයක් තිබෙන බව පේන්න තිබෙන්නේ පියාගේ ක්‍රියා කලාපය හරියට වාර්තා වෙලා නැති නිසා. ඇතැම් විට ඔහු පවුල ගැන හරියට සොයා නොබලනවා විය හැකියි.
කොළඹ, නුවර ඉඳන් උද්ගෝෂණ, උපවාස කරමින්, ජනප්‍රිය වෙන පින්වතුන්ට මේවා පෙන්න නැත්තේ ඇයි? ලාංකික දරුවකුට මෙම ඉරණම වුණා පිළිබඳව කණගාටුයි
තව හතර පහක් හදන්න කියලා අපේ කට්ටිය කියනවා . මේ පේනවද මිනිස්සු විදින දුක. ඔය කියන්න කට්ටියට ඕව පෙන්නේ නැද්ද දන්නේ නැහැ. එකට ඡන්දෙ කාලෙට මාර ආදරේ ජනතාවට .
ගම් වල දැනුම් තේරැමි නැති අමිමලා තාත්තලා ඉන්න නිසා තමා එවට රජයෙන් නිලධාරීන් පත් කරලා තියෙන්නේ ජනතාවගේ සල්ලි වලින පඩි ගෙවලා. ඉහළ ඉදන් පහළට චෝදනා නොකර අපේ සල්ලි වලින් පඩි ගන්න එකේ ගන්න පඩියට වත් වැඩ කරපල්ලා කියලා තමා කියන්න තියෙන්නේ බහුතරයක් රජයේ සේවකයන්ට.
මේ කතාව ඉතාම කණගාටුදායකයි. ඒත් මවුපියන්, දරුවන් ඇතිකළත් දරුවන් රැක බලාගැනීම රජයේ වගකීමක් කියන එක නිසරු කියමනක්...
පාටි වලටයි රට සවාරි වලට වියදම් කරන දනස් කන්දෙන් මේ මිනිසුන්ට උදව් කරන රජයක් පත් කර ගන්න ලේසි නෑ.....
දරුවන්ගේ වගකීම තියෙන්නේ දෙමාපියන්ට... ඔවුන් නිකන් දුන්නු ත්‍රිපෝෂ ගන්න ගිහිනුත් නෑ... අනික පෝෂණ මල්ල ගන්න පුරවන්න තියෙන ෆොර්ම් පුරවලා දීලත් නෑ... සමෘද්ධි දෙනකන් උඩබලන් ඉන්නේ නැතුව ගිහින් කතා කරලා ඉල්ලගන්න තිබුණානේ... ඔක්කොම ඔඩොක්කුවට වැටෙනකන් ඉඳලා හරියන්නේ නෑ. අපි ඔය ඔක්කොම පැත්තකින් තියමු නිකමටවත් උත්සාහ කරේ නැද්ද මොනවා හරි අල, එළවළු ටිකක් වවා ගන්න... එහෙම නැත්තම් කිකිලියෝ ටිකක් හදාගන්න බිත්තර වලට. මිනිස්සු ජීවත් වෙන්න කොච්චර වැඩ කරනවද? මේ අමු කම්මැලියන්නේ. දැන් ඒකේ වරද පටවන්න හදන්නේ නිලධාරීන්ට...
රටේ දරුවන් මන්ද පෝෂණයෙන් මිය ගියත්, මැති ඇමැතිලාට වාහන ගෙනෙන්නට ලක්ෂ 500 වෙන්කරන ඉන්දියන් සාගරයේ අමුතු ඇටය...
ඒක කොහෙත්ම නිසරු කතාවක් නෙවෙයි .ලෝකේ අනික් රටවල් නම් එහෙම තමයි දරුවන් බිහිකලාට දෙමුපියෝ , දරුවන්ව අයිති රජයට. ඒ කිව්වේ රටට .ඒ හින්ද ඒ රටවල දරුවෝ රජයේ වත්කමක් විදියට තමයි සලකන්න්නේ . අවාසනාවකට මේරටේ ඕකේ අනික් පැත්ත රටේ ගොඩක් උන්ට දරුවෝ වෙන්නේ තමන්ගේ උන් විතරයි මේක මේ රටේම අවාසනාව ඒ නිසා දැන්වත් මේ තත්වේ වෙනස් වෙනවනම් හොදයි . රජයට දරුවන්ගේ අයිතිය ගැන මෙහෙමවත් හිතුනු එක ලොකුදෙයක් . රටේ කිරි අහක නොදා , දබුල්ලේ එළවලු ටොන් ගණන් විසි නොකර, වී ටික ගුල්ලන්ට නොදී , මේවා හරි යාන්ත්‍රණයක් හරහා රජයට බැරි නම්, රටේ විද්වත් ධනවත් මිනිස්සු ටිකවත් එකතුවෙලා සාධාරණ විදියට නැති බැරි මිනිස්සුන්ට අඩුමිලකට වත් බෙදුවනම් . මේ මිනිසුන්ට අඩුමිලකට වත් ලැබෙන්න ඈරියනම් මේවගේ අවාසනාවන්ත පුවත් අහන්න නොලැබේවි .
71 වසරක අපේ රටේ දේශපාලකයන්ගේ කෙරුවාව
අර වාහන ගන්නේ මේවා ගැන හොයන්න තමයි බොලවූ...
අපි ඔක්කොම එක්වෙලා අපේ රට හදමුකෝ සෙට් වෙලා. එහෙම කළොත් ඡන්දෙ නැතත් ඔක්කොම දිනලා. රාජකාරිය දේවකාරියක් යැයි සලකා දුප්පත් මිනිසාට උදව් කරමු...
හරිම කණගාටු දෙයක්, නමුත් කන්න අඳින්න දෙන්න බැරිනම්, ළමයි හදන්නේ ඇයි? ගොඩක් පිටිසර දුප්පත් මිනිස්සු ළමයි 5, 6 හදලා... ළමයින්ගෙන් ගොඩයන්න දඟලනවා. මේවා හරි වැඩ නෙවෙයි. ළමයි තමන්ට නඩත්තු කරන්න පුළුවන් ගානට හදන්න. නැත්නම් නොහදාඉන්න. එතකොට දුප්පත්කම ඊළඟ පරම්පරාවට යන්නේ නෑ. එහෙම යන්නේ නැති වුණාම රටේ දුප්පත්කම නිකම්ම අඩු වෙනවා. මේවාත් එක්ක රටේ දූෂණය, නාස්තිය අඩු වුණාම තමයි රට දියුණු වෙන්නේ...
ඔයාලා ඔක්කොම මේ පැත්තේ රජයේ නියෝජිතයන් හැටියට වැඩකළොත් ඔබලාටම ලැජ්ජ හිතේවි.. පඩි ගන්නකොට..
ලංකාවේ කන්න නැතිව මැරෙන්න ඕනෑ නැහැ. පංසලකට දානේ වේලාවට ගියා නම් යම් තරමකට මේකෙන් මිදෙන්න පුලුවන්. අම්මයි, තාත්තයි ලොකු වරදක් කරලා තියෙනවා. ලංකාවේ අසල්වැසියන් පාසල් ගුරුවරු මේ තත්වයේ ඉන්න පවුල් ගැන නොබලා ඉන්නේ නැහැ. මෙතැන වෙන වරදක් තියෙනවා. අම්මා, තාත්තා ආබාධිත නැත්නම්... ආබාධිත දෙමව්පියෝත් මීට වඩා හොඳට දරුවො හදනවා.
ඔහොම ඉතින් ළඟට පාත් වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ... රජය පැත්තෙනුත් වරදක් වෙලා තියනවා... රජය ඉතින් කවදත් වැරදි කරන එකනේ.. ඒක ගැන කතා කිරිල්ල පැත්තකින් තියමුකෝ... අම්මලා, තාත්තලා වුණාම මීට වැඩිය අවබෝධයක් තියෙන්න ඕනෑ. මේ නිව්ස් එක මම නිව්ස් වලත් දැක්කා.. මට හිතෙන විදිහට මේ තාත්තා වැඩිය උනන්දුවක් නැති කෙනෙක්... පවුල ගැන හොයලා බලලා වැඩකරන කෙනෙක් නෙමේ.. ඉඩම හොඳට තියන එකේ අලයක් බතලයක් හිටවාගන්න පුළුවන්නේ.. රජයෙන් දෙනකන් බලන් ඉන්න එපා.. අපේ රජය මිනිස්සුන්ට උදව් කරන රජයක් නෙමේ... තාත්තේ කරුණාකරලා කම්මැලිකම අතඇරලා වැඩක් පලක් කරන්න..
රාජපක්ෂ, සිරිසේන ඇතුළු නඩ නම් කෝටිපතියන් වුණා. ඒ අයගේ ළමයින් කෝටි ගණන් වල ගෙවල් හදනවා, ගන්නවා, එ්ත් හරිහමන් රස්සාවක්වත් කරන්නේ නැතුව. මේ හොරු රැල එලවන්න පෙරට එන්න කාලයයි මේ...
තමුන්ට නඩත්තු කරන්න පුළුවන් ගාණට ළමයි හැදුවා නම් ඉවරයිනේ... හැම දේටම රජයට දොස් කීම වැරදියි. කම්මැලි තාත්තෙක් වගේ පේන්නේ..
ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ග්‍රාම ශක්ති නිලධාරි නරකම නැහැ.
නිලධාරීන් ළමයි හැදුවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.
මේකට වැරදි දෙමව්පියෝ නෙවෙයි...
මොවූන්ගේ ලිපිනය දන්නවානම් කියන්න