
(නිමල කොඩිතුවක්කු)
දියර කිරි සදහා කිරි ගොවියාට රුපියල් 100 ක ඉහල මිලක් ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා කොළඹදී අද (25) පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාරාහේන්පිට කිරි කර්මාන්තශාලාව එම ස්ථානයේම පවත්වා ගනිමින් අවශ්‍ය නවීකරණයන් කිරීමට කටයුතු කරන බවත් හේරත් මහතා කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට මිල්කෝ ආයතනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd