(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා(රත්තරන්)ට එරෙහිව පවරා ඇති නඩුව අද(03) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අක්මීමණ පොලිසියට නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බව පැවසීම හේතුවෙන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු (31) දක්වා කල් තැබුවාය.
දහසය හැවිරිදි දැරියක අපයෝජයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා තිබිණි.
ඉකුත් පෙබරවාරි මස 28 අධිකරණයට බාරවු ඒ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.
අක්මීමණ පොලිසියේ පොලිස් පරික්ෂක වික්‍රමතන්ත්‍රී මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරු වෙනුවෙන් දසුන් තරංග මාවඩවිල සහ සංජන ගමගේ යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධ කියමනක් තියෙනවා 'යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි" කියලා. ඒ අතින් අපරාදේ කියන්න බෑ. අපේ රටේ කිසිම නඩුවක් අවුරු 40 - 50 කට වඩා ප්‍රමාද වෙන්නේ නෑ. තාත්ත නඩුවක් දැම්මහම මුණුබුරාට තමයි තීන්දුව ගන්න උසාවියට යන්න වෙන්නේ.