(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුද්ගලයකුට පහර දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් ඇප මත අද (1) දින මුදා හැර තිබේ.
පසුගිය 26 දින කරුවලගස්වැව 7 කනුව ප්‍රදේශයේ දී සභාපතිවරයාගේ පහර කෑමට ලක්වු කරුවලගස්වැව විජයපුර පදිංචි ඩි.ජයරත්න මහතා පුත්තලම මුලික් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
අදාළ පහර දිමේ චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ පහර දිම සම්බන්ධව පැමිණිල්ල කරුවලගස්වැව සමත මණ්ඩලයට යොමු කරමිනි.

COMMENTS