(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)

 

පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 68ක් , සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (8) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ ලුණු ලේවායක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 68ට ආසන්න ප්‍රමාණයක් හා  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ට ආසන්න ප්‍රමාණයක් බව පොලිසිය කියයි.

පුත්තලම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර තිබූ අතර, එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි.

මත්ද්‍රව්‍ය තොගය සමඟ සුඛෝපභෝගි ජිප් රථයක් හා මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇත.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ )