(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරී පැවසීය.
දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වේ.
ඒ අනුව අද (1) අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.
මේ ආකාරයට පසුගිය දින කීපය තුළ දී දකුණු කොරියාවේ සිට , පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වය 100F° වැඩියෙන් පැවති, උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනා ගෙන, ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් වේ .

COMMENTS
අනුරුද්ධ, ඉක්මනට එන්න.
මේ එන අය නිරෝධනයට ලක්කරන්නේ නැද්ද? ළඟදීම ඉල්ලන් කන්න වෙයි.
මේ එන අය මෙහෙ ටිකදිනක් හියාම තමයි මේ රෝගය පිටවෙන්නේ දින 14 -21 වගේ කාලයකින් එතෙක් මේ අය මේ රට තුළ සිට තව තව අයට මේ රෝගය බෝ කරනවා. නමුත් රජය මේ කරන දේ ප්‍රතිඵල ළඟදීම ඔබට සහ මට දැකගන්න පුළුවන්. ඩෙංගු රෝගයට පිළිතුරක් නැති මේ රටේ මෙවැනි රෝගයකට කිසිම සූදානමක් නැහැ. එන ඕනෑම කෙනෙක් රටට බාර ගන්නවා වගේම කිසිම අපහසුවක් නැතිව රටවල්වලට යන්න එන්න දී තිබෙනවා... අපි තවමත් ගුවන් ගමන් මෙහෙයවනවා චීනයට...
ඕනේ කුණු කන්දලක් ලංකාව බාර ගන්නවනේ.. ලංකාවට දෙයියන්ගේම පිහිටයි.
මොකෝ කොරියාවේ අය ගෙනියන්න අර අඟහරු ලෝකේ ඇඳුමින් සැරසුණු වීර චිත්‍රපටියේ ගුවන්යානය ආවේ නැද්ද? රසායනික යුද්ධයකදී මෙන් ගෑස් මාස්ක් රණවිරුවන් ඔබලාව ගෙනියන්න හමුදා ආරක්ෂාව සමග ගුවන්තොටුපොළට ආවේ නැද්ද? දියතලාවට ගෙනියලා නොමිලේ කෑමබීම සමග වයිෆයි දෙන්න බැරිවුණාද? එහෙම නැත්නම් වීර තිරනාටකයක් මේකට ලියාගන්න බැරිවුණාද? මාත් කොරෝනා ආසාධිත මිලානෝ නගරයේ ජනේලයෙන් බලා ඉන්නේ අර අඟහරු ලෝකේ ඇඳුම දාගත්ත ගුවන්සේවිකාවක් අපිව බේරාගන්න එනකල්... තිස්තුනක් විතරක් බේරාගෙන දහස් ගණනක් අමතක කරනවා නම් එක වීරකමක්ද?
කොරියාවේ සිට එන සියල්ල කයිට්ස් දුපත වැනි ජනශුන්‍ය ප්‍රදේශයක සති තුනක් රඳවා තබා මුදාහරින්න. මෙය භයානක තත්වයක්...
චීනයට ඒ විදිහට ගියේ බීජිං වලටවත්, ෂෙන්හයි, කැන්ටන් වලට නෙමේ. එදා ගියේ කොරොනා පැතිර තිබූ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකට ඒ වගේම කොරොනා ආසාධිත අය බහුලව සිටි පෙදෙසක සිටි පිරිසක් රැගෙන ඒමටයි.