
(ඉන්දිකා රාමනායක)
කුරියර් සේවාවක් හරහා ත්‍යාග පාර්සල් යවන මුවාවෙන් කොළඹ සිට මත්කුඩු පාර්සල් යැවූ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය.
මෙම සැකකාරිය කොම්පඤ්ඤ වීදියේ පදිංචි මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කාරියක් වන කුඩු නෝනි (49) නැමැත්තිය බවත් ඇයගේ කඩුවෙල නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 56 ක අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත .
සැකකාරිය බෝනික්කෙක් තුළ මත්කුඩු සඟවා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙත යැවීම සඳහා අදාල කුරියර් සමාගමට ලබාදී ඇති බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරු අනුව අදාල පාර්සලය පොලිස් බාරයට ගේන ඇති අතර එය බාර දුන් සැකකාරිය සහ භාර ගැනීමට නියමිතව සිටි අනුරාධපුර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි ..
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් පසුවෙති. .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු නෝනිවත් ඔය විදිහටම ගැලෙව්වොත් කුඩු හොයා ගන්න පුළුවන් වේවි...