(නිමල කොඩිතුවක්කු)
සාගර පර්යේෂණ සදහා නවීන පහසුකම් වලින් සමන්විත අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට සාගර පර්යේෂණය පිළිබද කොරියානු විද්‍යායතනය තීරණය කර ඇත.කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායමක් හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතර අද(21) පැවති සාකච්ජාවකදී මෙම තීරණය ගනු ලැබිණි.
ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය සහ කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනය අතර ඒකාබද්ධ පර්යේෂණ සහයෝගිතා වැඩසටහන පිළිබඳව සාකච්ජා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
ඒ අනුව සාගර පර්යේෂණ කටයුතු සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ විශේෂඥන් සදහා පුහුණුව සහ නවීන පහසුකම් සැලසීම දෙරට අතර සාගර පර්යේෂණ සහයෝගිත වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කම ජපානය තරහවේවිද දන්නේ නැහැ.. මොකද දැන් ඒ දෙගොල්ලෝ පැටලිලානේ ඉන්නේ...
පරිත්‍යාගයක්? පරිත්‍යාගයක් කොහොම වෙතත් ඕකටත් බිලක් වැටේවි...
කොරියානු ජනතාවට ස්තිතුයි !
ඕකගන්න කලින් අර වංශ මලයගෙන් අහලා බලන්න කුමන්ත්‍රණයක් එහෙම තියනවද කියලා... නැතිනම් ටීවී එකේ චැනල් මාරු කරකර ඉන්න වෙනවා... අපිට කටේ සවුදම නොඇසෙන්න...
පරිත්‍යාග කිරීමට තීරණය කරලා විතරයිනේ...
සාගර පර්යේෂණ කියන්නේ ආර්ථිකයට මොකද්ද දෙන දායකත්වය..? පණ යනකල් මන්නාරමේ මුහුදේ තෙල් තියෙනවා තියෙනවා කියලා කාලයක් නැටුවා. දැන් තෙලුත් නැහැ, කටවලුත් නැහැ.. රටට වැඩදායක ආර්ථිකයට හිතකර දෙයක් නම් කවදාවත් වෙන්නේ නැහැ මේ කාලකන්නි ජාතකේ ඉන්නකල්..