ඉන්දිකා රාමනායක

මෝටර් රථයකින් ගොස් රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරා ගැනීමේ නිරත සැකකරුවකු මෝටර් රථයක් ද සමග මොරටුව ප්‍රදේශයේ දී බස්නාහිර බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ නිවෙස් බිදීම් පහකට සහ ගල්කිස්ස ප්‍රදේශයේ එකකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය පවසයි ,

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව කොරලවැල්ල පදිංචි (50) සැකකරුවෙකි .

මොහු විසින් නිවෙස් බිඳ සොරාගන්නා ලද රන් බඩු , මුදල් විදේශ මත්පැන් ඇතුළු භාණ්ඩ වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි .