
(සුජිත් හේවාජුලිගේ )
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබා දෙන සහන ප්‍රමාණවත් නැති බවත් මෙම අසමතුලිත තත්වය හැකි ඉක්මනින් පාලනය නොකළහොත් කඩිනම් ආර්ථික සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීම රජයට අභියෝගයක් වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලිපියක් යවමින් දැනුම් දෙයි.
මෙය "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නිර්ණායකයන්ට ඉතා ප්‍රතිවිරුද්ධ තත්වයක් බවද හෙතෙම සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බැංකු ණය වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාර, මිලදී ගැනීම් හා විකිණීම් ව්‍යාපාර සඳහා බවත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙත බැංකු ලබාදී ඇත්තේ මුළු ණය දීම් ප්‍රමාණයෙන් සියයට පහළොවකට අඩු ප්‍රතිශතයක් බවත් වීරවංශ මහතා එම ලිපියෙන් දැනුම් දී ඇත.
එසේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවලට ලබාදුන් ණය සඳහා අයකරන පොලී ප්‍රතිශතයද ඉහළ අගයක් පෙන්නුම් කරන බව පවසන ඇමැතිවරයා කර්මාන්ත වලට ලබාදුන් ණය සඳහා අය කෙරුණු පොළී මුදල්වලින් බැංකු ඇතුළු මූල්‍ය ආයතන සිය ආදායම් විශාල වශයෙන් වර්ධනය කර ගෙන ඇතැයිද සඳහන් කරයි.
මේ අනුව රටේ විශාල පසුබෑමකට ලක්ව ඇති ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදී ඇති අසමානතාවයන් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂිත වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙනු ලැබිය යුතු බවත් ණය මුදල් නැවත අයකර ගැනීම සඳහා ලබාදෙන සහන දීර්ඝ කිරීම, සහ සියලුම කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම කර්මාන්තකරුවන්ට සෘජු ප්‍රතිලාභ ලැබෙන ආකාරයට කරන්නැයි තමා යෝජනා කරන බවත් විමල් වීරවංශ මහතා එම ලිපියෙන් දැනුම් දෙයි.
COMMENTS
උපවාසයක් කරන්න නැත්නම් ඇමැතිකමින් ඉල්ලා අස්වෙන්න එහෙම බැරි වෙයිද.? විපක්ෂේ ඉන්නකොට විතරයි කට...
ඇමතිතුමා හරි වුනත් මැති ඇමතිලා බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව ගමට මංතීරුවක් සකස්කර ගැනීමයි. කර්මාන්ත හදලා මොන රටේද ඇමතිතුමා දියුණුවක් ලැබුනෙ.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබා දෙන සහන වගකීමෙන් කියනවා සහන දෙන්නේ ලැබිය යුත්තන්ට නොවෙයි දේශපාලන හෙන්චයියන්ට.
ගරු ඇමතිතුමනි, මෙය ඉතා හොඳ සම්බන්ධයක්ද ?
සෞභාග්‍යයේ දැක්ම රෙද්ද පල්ලෙන් බේරෙනවා නේද සෑර්. දැන් උඹලා අවුට්. තමන්ගේ රටට අවශ්‍ය දේ කරන්න ඇමරිකානු පුරවැසියන් දිවුරුමක් දෙනවා පුරවැසිකම ලබන අවස්ථාවේ. රජ පවුලේ කටයුතු ඒ අනුවයි.
ඉස්සර ඔයා ලිවුම් ලිව්වේ නැහැ නේ. උපවාස කළා, උද්ඝෝෂණ කළා කොච්චර දේවල් කලාද? දැනුත් ඒවා කරන්නකෝ. ලියුමක් ලියලා මාධ්‍යයේ ප්‍රසිද්ධ කර බලන් ඉන්නවට වඩා යමක් කරන්න. නැත්නම් රවට්ටන්න අමාරුයි .