(යොහාන් භාසුර)

වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කරගැනීමට රජය මේ දක්වා වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කරනොමැති වීම නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට ලබාදීමට විදේශ නිෂ්පාදනය සමාගම සමඟ සාකච්ඡා කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

වාණිජ බැංකු සමඟ අද පස්වරුවේ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බව කීය.

ඩොලරයක් රුපියල් 238 බැගින් ලබාදීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35 ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගත හොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වැයක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144 ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.