මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.
පවතින තත්ත්වය අනුව කිරිපිටි ආනයනය නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔවුහු පැවැසූහ.
කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බව එම සමාගම් කිහිපයක ප්‍රධානීහු පැවසූහ.
කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවටත් අලුතින් ඇණවුම් නොකරන බවටත් එම සමාගම් අනතුරු අඟවා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 184ක් දක්වා අවප්‍රමාණයවීම, තීරුබද්ද රුපියල් 15ක් වීම, 15% අගය එකතු කළ බද්ද, 7.5%ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම ආදී කරුණු හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ වියදම වැඩි වී ඇත.
ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත. මීට වසර කිහිපයකට පෙර කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා කිරිපිටි කිලෝවකට අය කරන ලද තීරු බද්ද රුපියල් 2ක් පමණක් විය.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3,250ත් 3,350ත් අතර වේ. එය ඩොලර් 3,400ත් 3,500ත් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ.
මෙම තත්ත්වය මත ආනයන පිරිවැය පියවා ගැනීම සඳහා කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇත.
කිරිපිටි මත පනවා තිබෙන පාලන මිල සහ එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීම මීට තිබෙන එකම විසඳුම යැයි එම සමාගම් පෙන්වා දී ඇත.
(සන්ඬේ ටයිම්ස් ව්‍යාපාරික වාර්තාකරු)
COMMENTS
ළදරු කිරිපිටි වගේ ඒවාට හැර අනිත් ඒවාට මොකුත් සහන දෙන්න ඕනි නෑ. ලංකාවේ කිරි පිටි හදන සමාගම් දෙකට සහන දීලා ලංකාවේ ගොවීන්ගෙන් කිරි ගන්න
ඔය ජරාව ගෙන්වන එක නවත්වන තැනටම වැඩ කරන්න තියෙන්නේ. නිකං මිනිස්සු ලෙඩ වෙන එක හැර ඕක බ්ව්වා කියලා ලැබෙන පෝෂණයක් නෑ. ඒතරම් කූට විදියට කිරිපිටි නිපදවන්නේ. අනික දැං ගොඩක් රටවල් මේ ජරාව බොන්නේ නෑ. ඒකයි දැං ඒක අත්‍යාවශ්‍ය නොවන කාණ්ඩය යටතට වැටිලා තියෙන්නේ. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කියල ෆාම් තෙල් කවලම් කරල කිරිපිටි නිපදවනවා මේ කූට සමාගම්. ඒවායෙන් මහාපරිමාණ ලාභ ලබන්න. අපි ඒවා උදේ හවස රස කර කර බොනවා. ඕකට වඩා හොදයි දේශීය දියර කිරි වල මිල ටිකක් අඩු කරලා හැමෝටම ගන්න පුළුවන් විදියේ වැඩ පිලිවෙලක් සැකසුවානම්. ඒකේන් දේශීය කිරිගොවියාට උනත් මොනතරම් සෙතක් වෙනවද. සාමාන්‍යෙයන් දේශීය දියර කිරි පැකට්ටුවක් රු.220ක් වෙනවා. ගෙදරක තුන්දෙනෙක් ඉන්නව නම් උදේට විතරක් බිව්වත් එක පැකට් එකක් සෑහෙන්නේ දවස් තුනකට විතරයි. එතකොට සතියට අඩුම පැකටි දෙකක්වත් යනවා ඒ කියන්නේ සතියට දියර කිරි බොන තුන්දෙනෙක් ඉන්න පවුලක වියදම රු.440. එතකොට මාසෙකට රු.1320ක්. නමුත් කිසිම පෝෂණයක් නැති දූවිලි කරපු පිටිකිරි බොන්න මේ වගේ පවුලක්ට මාසෙකට එක 400g පැකට් එකක් ඇති. ඒකේ මිල රු.325 – 395ක් වෙනවා. ඉතිං මිනිස්සු දැන දැන ජරාව බොනවා.
කිරිපිටි කියන්නේ කොහොමත් අත්‍යවශ්‍ය ආහාරයක් නොවෙයි. අනික කිරිපිටි සමාගම් කරන දැවැන්ත ප්‍රචාරණයත් එක්ක බලද්දි ඔය කියන තරම් පාඩු ලබනවද කියලත් සැකයි.
අනේ හොඳයි දියුණු රටවල පිටිකිරි බොන්නේ නැහැ. ඒ අය බොන්නේ අලුත් කිරි.
ඕවා ගෙන්වන එක නතරවෙනම් ගොඩක් හොදයි. එවිට අපේ රටේ කිරි ගවයන්ට ඉල්ලුමක් තියේවි
නවත්තන එක ලොකු දෙයක්. මිනිසුනේ ලංකාවේ කිරි බීපල්ලා...
ඉහත සදහන් සියල්ලොගේම අදහස් ඉතාමත්ම නිවැරදිය. අප රටේ කිරි සම්පත හොදින් තිබුනත් එය පරිපාලනය කිරීමට සිටින්නේ වැඩ බැරි අය බැවින් එහි ඵල නෙලා ගැනීම කෙසේ වෙතත් දේශපාලුවන්ගේ බඩවියත දවසින් දවස වැඩි කිරිමනම් හොදින් සිදුවන්නේය. යමක් වෙනත් රටකින් ගෙන තරමට දේශපාලුවන් කැමතිය. මෙය තමයි තිත්ත ඇත්ත.
ළදරු කිරි වර්ග හැර අනිකුත් කිරි වර්ග අත්‍යාවශ්‍ය නොවෙ මොකද සතෙක් උනත් කිරිබොන්නෙ වැඩෙන කාලසිමාවට විතරයි මිනිස්සු විතරයි මැරෙන කල්ම කිරිබොන්නෙ...
මෙයාලට ටිකක් තදින් හිටියොත් අපේ කිරි ගොවීන්ට තරමක් හරි සෙතක් වෙයි.
මිල වැඩි කරන්න දෙන්න එපා. නියම වැඩක් කිරිපිටි ගෙන්වන එක නවත්වන්න... පිටරට කිරි පිටි කිසි වැඩක් නැති දෙයක්. ලංකාවේ දේවල් මිලදීගන්න.
ළදරු කිරිපිටි හැර අනිත් ඒවාට මොකුත් සහන දෙන්න ඕනෑ නෑ. ලංකාවේ කිරිපිටි හදන සමාගම් දෙකට සහන දීලා ලංකාවේ හදන කිරිපිටි බොමු. කිරිපිටි කියන්නේ කොහොමත් අත්‍යවශ්‍ය ආහාරයක් නොවෙයි, ගෙන්වන එක නතරවේ නම් ගොඩක් හොඳයි.
ඔය වස විස කලවම් කරපු මළ ජරාව බොන්නේ නැති තරමට හොදයි...
මේ වයේ ඔය උලුප්පන තරම් ගුණයක් නැහැ අනික ඔය අවසාන මිලට ප්‍රචාරනය සඳහා යන අධික බර ත් ඇතුලත් වෙනවා. මේ රටේ අනිත් හැම එකකටම වගේ ඔය කිරි නිෂ්පාදනයටත් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කිරි ගොවීන් ගේ නිෂ්පාදන වලට හරි මිලක් නැහැ. නිෂ්පාදනය මදි. දේශීයව කිරි නිපදවන සමාගම් දෙකටත් තමන්ගේ අවශ්‍ය සැපයුම ගන්න විදියක් නැහැ යෝගට් නිෂ්පදකයෝන් ටත් එහෙමයි මේවා ගැන කතාකරලා වැඩක් නැහැ.
මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබනවලු? කෘෂිකර්ම, කිරි ගොවියන් ඇතුළු සියලු දේශීය ගොවීන්, ලංගම, දුම්රිය සේවය, තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය සියලු අංශ දූෂණයෙන් තොරව, නිසි වැඩ පිළිවෙල් සහිත ශක්තිමත්ව කළමනාකරණය කළ යුතුයි. නැත්නම්, මේකෙන් පීඩාවට පත් වෙන්නේ දුප්පත් රට වැසියෝ තමයි. මේවා කරන්න නම්, ප්‍රධාන පක්ෂ දෙකම අසමත්... ඔවුන්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඔවුන්ගේ එකම බලාපොරොත්තු මේකෙන් කොමිස් ගැසීම තමයි. කිරිපිටි ආනයන සමාගම්, පුද්ගලික බස් සංගම්, පුද්ගලික විදුලි නිෂ්පාදන ආයතනවල් සේරම මහජනයාට හැමදාම බර මිස කිසිම සහනයක් නැහැ...
අපේ රටෙත් අපේම කිරි නිශ්පාදන ආයතන තියෙන නිසා ඔවාට ඕන නන් නවතින්න කියන්න පුලුවන් ඒත් ආන්ඩු බයයි ඒකට. අනිවා ඕක වැඩි කරලා දේවී. හැම තිස්සේම කඩේට ගියහම රටේ නිෂ්පාදනය වෙන ප්‍රදාන ආයතන දේකේ එවම පුලුවන් තරම් මිලදී ගන්න පිටින් එන එක නැතුව. එතකොට ඕවා ඉබේම නැති වෙයි.
මේකේ හැමෝම අදහස් දාලා තියෙන්නේ හරියට "එතනෝල්'' ආනයනය කරන එක විවේචනය කරනවා වගේනේ. මේ කිසි කෙනෙක් ජීවිතේටම පිටිකිරි බීලා නැද්ද ?. කුඩා දරුවෙකුට නැවුම් හෝ පැස්චරීකරණය කල එළකිරි දීමේ හැකියාව තියෙන්නේ බොහොම සීමිත කොට්ඨාශයකටයි. විකල්පය (UHT ) කල් කිරි හෝ පිටිකිරියි. ලංකාවේ තත්වය දියුණු රටවලට සමාන කරන්න බැහැ. කිරිපිටි කියන දේ ඕස්ට්‍රේලියාවේ වෙළඳසල් වලත් බොහොම යාන්තමට වර්ග දෙක තුනක් පමණක් තියෙන්නේ කිසිවෙකු ට ඒවා මිලදී ගැනීමට අවශ්‍යතාවයක් නැති නිසයි. හැම ගෙදරකම ෆ්‍රිජ් එකක් තියන අතර පැස්චරීකරණය කල අලුත් කිරි ලීටරයක් මිල වන්නේ ඩොලරයක් පමණයි. දීර්ඝ කාලීන සැලසුම් මගින් කවදා හෝ ලංකාවේ එළකිරි නිෂ්පාදනය හා භාවිතය ඉහල ගිය දිනක, පිටිකිරි ආනයනයට යම් තහංචි පනවනවා විනා හදිසියේ ආනයනය නවතා දැමුවහොත්, උදේට කිරි එකක් විතරක් බීලා ඉස්කෝලේ යන ළමයි තැන් තැන් වල කලන්තේ දාලා වැටිලා ඉඳීවි.
පිරිසුදු එළකිරි රටේ තියාගෙන, පිටරටින් ගේන ගොන් පිටිකිරි බොන්න ඇබ්බැහි වෙලා ඉන්න මෝඩ ජාතියක් තමයි අපි? පිටිකිරි වලට ගහන බද්ධ සියයට සියයකින් වැඩි කරලා රටේ ජනතාව මේ ව්‍යසනයෙන් බේරා ගැනීමට දැන්වත් පියවරක් ගැනීම රටේ පාලකයින්ගේ වගකීමක්.
කිරිපිටි සමාගම් අතිවිශාල ලෙසට ප්‍රචාරයට වියදම් කරනවා. ඒවා නතරකළොත් ඔවුන්ට පාඩුවෙන්න බැහැ. එසේ කිරීමට සමාගම් අකමැති නම් ළදරුකිරි පමණක් සතොස වැනි ආයතනයක් හරහා පමණක් ගෙන්වීමට ක්‍රියා කරන්න. ළදරුවන් නොවන අයව කොළ කැඳ පානය වැනි දෙයකට යොමුකරන්න. එවිට සමාජයම නිරෝගී පිරිසක් වේවි...!!! විදේශ විනිමයත් ටිකක් හෝ ඉතිරිවේවි... ඒ සමගම පිටරටින් බොහෝවිට ගෙන්වන කිරිදෙනුන්ට වෙන්නේ මොනවද කියලත් බලන්න...
අනේ නවත්තන්න.. ලොකු දෙයක්... දේශීය කිරි ගොවියා දියුණු කරන්න. අනික නවසීලන්තයේත් කිරිපිටි බොන්නේ නැහැ.. ෆ්‍රෙෂ් මිල්ක් බොන්නේ. ජාරව රට පටවනවා. අනික මේ කිරිපිටි බොන එක පුරුද්දක් විතරයි. අත්‍යවශ්‍ය නැහැ. එක්තරා විදිහක ඇබ්බැහි වීමක්... නවත්තන්න මිනිස්සු පුරුදු කරන්න එළකිරි බොන්න, කර්මාන්තය දියුණු කරන්න. නිලධාරීන්ගේ කැපවීම හා පහසුකම් අවශ්‍යයි. ඕනේ වුවමනාව විතරයි..
කිරි නැතිවුණාට හරක් ඉන්නවනේ ඕනෑ තරම්...
රටට යහපතක් වේවි !!! කිරිපිටි ගෙන්වීම නතර කරන්න තිබුනේ මීට කලින්... ඔය සමාගම්වලට කිරිපිටි වලින් ලාභයක් නැත්නම් කොහොමද ඔය පෙට්ටි පියන්වලට තෑගි දෙන්නේ... පුවත්පත් දැන්වීම් පිටු ගණන් පළකරන්නේ... රූපවාහිනී දැන්වීම් දමන්නේ... රටේ ජනතාව එළකිරිවලට පුරුදු කරන්න. මිල වැඩි කරන්න දෙන්න එපා. මේ වෙලාවේ ඕක කළොත් ඉදිරි මැතිවරණයෙන් රජයට පාඩුවෙනවා.
සෑම් මහත්තයෝ කිරිපිටි නොබීපු හින්ද උදේට කලන්තේ දමල වැටිච්ච මේ ලෝකේ එකම එක ළමයකුගේ හරි නමක් දන්නවානම් කියන්න මේ නොදන්නා හින්දයි අහන්නේ (බහුජාතික කොම්පැනි කැස්ස "හංගන්න නෙමේ නැතිකරලාම දමන්න " බෙහෙත් නම් තියනවා )
තමාගේ කිරි තමාටම බොන්න කාලේ හරි.
රටෙන් හරක් ගෙනාවා. රටට අවුරුදු 3ක් කිරි ඉතිරෙව්වා. 2018 වසරේ කිරිමුට්ටිය ගඟේ ගියා.
මේ සැරේ අයවැය ගවයින් ගෙන්වන්න මුදල් වෙන්කරන්න ඕනේ නැහැ. එන ගවයින් පාලනයට වැඩපිළිවෙලක් ගේන්න.
ජයත්, මම කිව්වේ අනාගතයේදී එහෙම දෙයක් වෙන්න පුළුවන් බව මිසක් අතීතයේදී එහෙම වුණා කියලා නොවෙයි. ඒ නිසා ළමයෙකුගේ නමක් ගමක් කියන්න බැහැ. මම බහුජාතික කොම්පැනි කරන කියන දේවල් හරි යැයි කොහොමවත් කියන්නේ නැහැ. නමුත් ලංකාවේ කිරිපිටි භාවිතය නැතිවී එළකිරි භාවිතය දියුණු වෙනවා නම් ඒක සිදුවිය යුතුව තිබුනේ 70-77 කාලයේදීයි. මොකද ඒ කාලයේ ආනයනික පිටිකිරි තහනම් කරලා, ලක්ස්ප්‍රේ කියලා ලංකාවේ පැකට් කරපු බාලම බාල කිරිපිටි පැකට් එකකුත් සමුපකාරයෙන් දුන්නේ... දරුවන් ඇති පවුල්වලට මසකට රාත්තලක් පමණයි. නමුත් කිසිවෙකු එළකිරි නිෂ්පාදනය හෝ භාවිතය දියුණු කරන්න උත්සාහ කරනවා වෙනුවට කලේ, ඒ රජය ආසන අටකට බස්සවා මැතිවරණ ඉතිහාසයේ ලොකුම පරාජය ඔවුනට උරුමකර දීමයි. එළකිරි /කිරිපිටි වල ගුණාගුණත්, බහුජාතික සමාගම් වලින් කරන ඇඩ්වර්ටයිසින් කැම්පේන්වල බොරුවත් තේරුම්ගෙන ලංකාවේ දෙමව්පියන්ගේ මනස වෙනස් කරන්න වසර ගණනාවක් යාවි... එතෙක් කිරිපිටි භාවිතයට ඉඩකඩ ලැබිය යුතු බවයි මම කිව්වේ...