(යොහාන් භාසුර)

කිරිපිටි කිලෝවක් රුපියල් 1300 ක සහ ග්‍රෑම් 400 ක් රුපියල් 520 ක් දක්වා උපරිම සිල්ලර මිල ඉහළ දමන බවත් මෙම උපරිම මිල තව දුරටත් ඉහළ නොයන බවත් කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය.

මීට පෙර කිරිපිටි කිලෝවක් රුපියල් 945 ක සහ ග්‍රෑම් 400 ක් රුපියල් 380 ක උපරිම සිල්ලර මිලක් පැවතුණි.