IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සුව වූ රෝගීන්ගෙන් චීනය ඉල්ලීමක් කරයි

රුධිරය පරිත්‍යාග කරන්නැයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව සුව වූ රෝගීන්ගෙන් චීන සෞඛ්‍ය බලධාරීහු අද (17) තදින් ආයාචනා කළහ.

එසේ රුධිරය පරිත්‍යාග කළ පසු එහි තිබෙන රුධිර ප්ලාස්මා උකහාගෙන ඒවායින් අවදානම් හා බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි බව පවසමින් සෞඛ්‍ය බලධාරීහු එසේ ආයාචනාත්මකව ඉල්ලා සිටියහ.

කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ සොයාගැනීම සඳහා ඖෂධ නිෂ්පාදකයෝ මේ වනවිට දැඩි වෙහෙසක් ගෙන සිටිති.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය නිසා මිය ගිය ගණන මේ වනවිට 1,770 දක්වා ඉහළ ගොස් ඇති අතර වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 70,500 ඉක්මවා ගොස් ඇත.

මාරාන්තික කොරෝනා වයිරසය ‘කෝවිඩ් - 19’ යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේදී පියවර ගත්තේය.

සුව වූ රෝගීන්ගේ රුධිරයෙන් ලබාගන්නා ප්ලාස්මාවල වයිරසය පාලනය කිරීමට හැකි ප්‍රතිදේහ ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. ඒවා යොදාගනිමින් බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි යැයි ද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව මාධ්‍ය හමුවක් පවත්වමින් අද (17) සඳහන් කළේය.

‘‘මම කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු සුවය ලැබූ රෝගීන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි. ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරන්නැයි මා ආයාචනා කරනවා. එමඟින් බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට බලාපොරොත්තුවක් ගෙන එන්න පුළුවන්’’ යැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ වෛද්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ගුවෝ යැන්හොන්ග් පැවැසීය.

පසුගිය සතියේදී වූහාන් හි රෝහලක සිටින රෝගීන් 11 දෙනකුට සුවය ලැබූ පුද්ගලයන්ගෙන් ලැබුණු රුධිර ප්ලාස්මා ඇතුළත් කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජීව විද්‍යා මධ්‍යස්ථානයේ සන් යැන්රොන්ග් කීවාය.

‘‘ඔවුන්ගෙන් එක් රෝගියකු දැනටමත් රෝහලෙන් නික්ම ගිහින්. තවත් එක්කෙනකු ඇඳෙන් නැගිටලා ඇවිදිනවා. අනෙක් අය සුවය ලබමින් සිටිනවා’’ යැයි ඇය පැවැසුවාය.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවලදී පරීක්ෂණ ද සිදු කර ඇත. එම පරීක්ෂණ කර ඇත්තේ චීන රජයට අයත් වෛද්‍ය නිෂ්පාදන නිපදවන සමාගම වන අතර එම පරීක්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමත් සමඟ සෞඛ්‍ය බලධාරීහු ඉහත ඉල්ලීම කළහ. වූහාන් නුවර ‘ෆස්ට් පීපල්ස්’ රෝහලේදී එම අත්හදා බැලීම් කර ඇත.

සුවය ලැබූ පුද්ගලයන්ගෙන් ගන්නා රුධිර ප්ලාස්මා රැගෙන ප්‍රතිකාර කළ පසු බරපතළ තත්ත්වයේ සිටි රෝගීන්ගේ තත්ත්වය පැය 24 ක් ඇතුළත යහපත් අතට හැරුණු බව ‘චයිනා නැෂනල් බයෝටෙක් සමාගම’ සඳහන් කළේය.

‘‘සුව වූ අයගෙන් ලබාගන්නා ප්ලාස්මා බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට ඇතුළත් කිරීම ආරක්ෂිත බවත් එමඟින් ප්‍රතිඵල ලැබෙන බවත් සායනික අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා’’ යැයි සන් යැන්රොන්ග් පැවැසුවාය.

රුධිරය පරිත්‍යාග කරන්නන්ද නැවත වරක් පරීක්ෂණයකට ලක් කර ඔවුන් නිරෝගී යැයි තහවුරු කරගත් පසු ඉදිරි පියවර ගන්නා බව පීකිං විශ්ව විද්යාෂලයට අයත් ‘ෆස්ට් රෝහලේ’ ප්‍රධාන වෛද්‍ය  වැන්ග් ගිචියැන්ග් පැවැසීය.

‘‘අපි රුධිරය ගන්නේ නැහැ. ප්ලාස්මා විතරයි ගන්නේ’’ යැයි ද හෙතෙම කීය.

‘‘රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා ඇතුළු රුධිරයේ අනෙකුත් සංඝටක නැවතත් දානපතියන්ගේ සිරුරට ඇතුළු කරනවා’’ යැයි ද ඔහු කීවේය.

ඒ.එෆ්.පී

055

 



අදහස් (4)

කොරෝනා සුව වූ රෝගීන්ගෙන් චීනය ඉල්ලීමක් කරයි

chandima Monday, 17 February 2020 06:00 PM

ඔය වැඩේ අපේ ඩෙංගු වලටත් හරියන්න පුළුවනි සමහර වෙලාවට.

:       0       52

Shantha Monday, 17 February 2020 08:58 PM

හොඳ දෙයක් මෙතෙක් ලෙඩ වූන ගණන කියන කටිටිය සනීප වූන ගණන කියන්නේ නැහැ එකට චීනය දුන්න හොඳ ප්‍රති උත්තරයක්

:       0       25

අනුර Tuesday, 18 February 2020 02:18 AM

මෙම ක්‍රමයෙන් රෝගය පාලනය කරගැනීමට හැකි වේවා!

:       0       142

JANIS Wednesday, 19 February 2020 09:32 AM

සුව වූ රෝගීන්ගෙන් චීනය ඉල්ලීම කරන්න තිබුනේ මේකට නොවෙයි. දිවි ඇති තෙක් සතුන් කන්න එපා කියලා.

:       0       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 807 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 928 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site