(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් රෝගය වැළඳුණු දරුවන් 15දෙනකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කෙසේ වෙතත් මේ දරුවන් කිසිවෙකුටත් බරපතල සංකූලතා නැතැයි කී අධ්‍යක්ෂවරයා නව කොරෝනා රැල්ලත් සමඟ කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බවද ප්‍රකාශ කළේය.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ මේ වන විට දැඩි තදබදයක් පවතින බවත් තත්වය එසේ වුවද එහි කටයුතු මැනැවින් කළමනාකරණය කර ගැනීමට හැකිවී ඇති බවත් අත්තනායක මහතා කීය .