රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි අවදානමක්’’ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (9) අනතුරු ඇඟවීය.
කෙසේ නමුත් එය පාලනය කළ හැකි බව ද එම සංවිධානය අවධාරණය කරයි.
‘‘කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

‘‘අපි මේ වයිරසය සුළුවෙන් තකන්නේ නැහැ. එහෙත් ලෝක ඉතිහාසයේ පාලනය කළ හැකි පළමු වසංගතය ලෙස මෙය සලකන්න පුළුවන්’’ යැයි ද චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ද එහිදි ඔහු කීය.
කොරෝනා ආසාදිතයන්ගෙන් 80,000කට වැඩි පිරිසක් සිටින්නේ චීනයේ යැයි ද ඔවුන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇතැයි අදනොම් කීවේය.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 3,800කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 110,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.
කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ බොහෝ රටවල් දැඩි මෙන්ම කිසිවකුත් අපේක්ෂා නොකරන ආකාරයේ පියවර ගනිමින් සිටිති.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා සිරකරුවන් 70,000ක් තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය අද පියවර ගත් අතර ඉතාලිය ඇතුළු රටවල් රැසක් මේ වනවිට පොදු ස්ථාන මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දමා ඇති අතර තවත් බොහෝ රටවල් නගර වසා දමමින් ගමන්බිමන් සීමා කරමින් දැවැන්ත නිරෝධායනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

පාසල් වසා දැමීම යනාදී ක්‍රියාමාර්ග හේතුවෙන් ලොවපුරා සිටින මිලියන 290කට වැඩි දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළවල දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කරන අතර බොරතෙල් මිල ගණන් ද පහත වැටී ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස් කරගෙන නිවෙස්වලට වී සිටින්නැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු අද එරට වැඩිහිටි සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවට උපදෙස් දුන්හ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.0ත් 2.0ත් අතර පාඩුවක් සිදුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයෝ අද අනතුරු ඇඟවූහ.
ඒ.එෆ්.පී.
055
COMMENTS
බුදුන්වහන්සේ දෙසු ධර්මය මෙම ව්‍යසනය මනා කොට තේරුම් කර දෙයි. වැඩි විස්තර මෙහි ලිවීමට නොහැකි වුනත් කෙටියෙන් කියතොත්, උන්වහන්සේ මිනිසාට කිසිම විටකදීවත් ආහාරයට සුදුසු නොවන මාංශ වර්ග ගැන දේශනා කළේ නිකමට නොවේ. ඉන් එකක් සර්ප මස් සහ අනෙක අශ්ව මස් (තවත් වර්ග ඇත). චීනයේ වුහාන් ප්‍රදේශය සර්ප මස් ලෝලීන්ගේ රජදහනක්. එහි ඇති සර්ප මස් විකුණන වෙළඳමධ්‍යස්ථානය ආශ්‍රිතව ගැවසුණු සියල්ලටම මුලින් කොරෝනා හැදුනු බව ඔප්පු වුන නිසා එය විෂබීජානුහරණය සඳහා ගිනිතිබ්බා. කොරියන් කාරයෝද නයි කන්න චීනට දෙවැනි නැහැ. ඇයි දැන් ඉතාලිය? උතුරු ඉතාලියේ ප්‍රධානතම සහ ප්‍රියතම මස් වර්ගයක් තමයි අශ්ව මස්. මිලානෝ ඇතුළු උතුරු ඉතාලියේ අශ්ව මස් සඳහා වූ වෙනම මස් කඩ තිබෙනවා. අපේ සිංහල අයත් තලු මර මර බොහොම ගුණයි, ප්‍රෝටීන් ගොඩක් තියෙනවා කියා කියා අශ්ව මස් කනවා මා දැක තියෙනවා. මෙය රහසක් නොවේ. බුදු බණ දහමේ තිබෙන දේවල් සර්වකාලීනයි. මේවා ගැන දැනමුත්තන්ගෙන් අසා වැඩි විස්තර සොයා ගන්න.
ලංකාවේ මිනිස්සුන්ට මේක හැදෙන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. ඒ නිසා ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මේ වෛරසය බිහිවෙලා තියෙන්නෙම සහ ව්‍යාප්ත වෙන්නේ සීත රටවල මිනිස්සුන්ට. සමකය ආසන්න ප්‍රදේශ වල මෙය ගමන් කරන්නේ නැහැ. අපි බයවෙන්න ඕන ඩෙංගු වසංගතය සහ උතුරුමැද පළාතේ ව්‍යාප්ත වෙන වකුගඩු රෝග වගේ අංශ ගැන. නමුත් අපේ පාලකයෝ ඒවා වලින් මිනිස්සු මැරෙන්න ඇරලා මේ කොහෙවත් නැති කොරෝනාවක් පාලනය කරන්න බොරුවට දඟලනවා. අපේ රටේ ඩෙංගු පාලනය කරන්න මොනවද අරන් තියෙන පියවර? බොහොම සුළු වියදමකින් ඩෙංගු රෝගය සහ මේ මදුරු වසංගතය විනාශ කරන්න පුළුවන් කම තියෙද්දිත් නිදාගෙන ඉඳලා දැන් ලංකාවට එන්නේ නැති කොරෝනාවක් ගැන බොරුවට මිනිස්සු බය කර කර සල්ලි වියදම් කරනවා.
ලංකාවට ප්‍රශ්නයක් නෑ. අපි කොරෝන වලට වඩා දරුණු රාජපක්ෂ සහ රනිල් වසංගතයන් සමග දශක 2 කට වඩා ජීවත් වෙනවා. තව ඉදිරියට අවුරුදු 5ක් දරුණු වසංගතයකට ලක ලැස්ති වෙමිනුයි අපි ඉන්නේ. තවම පේනතෙක් මානයක අපිට එන්නතක් නෑ.
ගෝලීය ආර්ථිකය කඩා වැටුනා කියල සල්ලි වලින් කරන්න බැරි දේවල් තියනව කියලා ලෝකවාසී සියලු සත්වයන්ට වැටහේවා !
මෙයාලට මේ බව මතක් වෙන්නේ යුරෝපයට බෝ වෙන්න පටන් ගත් පසුවයි. චීනය දහ දුක් වින්දා-දැක්කෙ නැහැ වගේ හිටියා.
වසංගත අවදානමක් බව කාටත් තේරෙනවා. මේ සංවිධානයෙන් ලෝකයා බලාපොරොත්තු වන්නේ මේ රෝගය පිළිබද දැනුවත් කිරීමක්. කොහොමද මේ වසංගතය වැළදෙන්නේ ? ඒ ගැන නිසි උපදෙස් දෙන්න ඕන. එන්නතක් සොයනවද? පර්යේෂණ තත්වයේද තියෙන්නේ ? මේ ගැන පැහැදිලි කිරීමක් කරලා මිනිස්සුන්ගේ රෝග බිය නැති කරන්න ඕන.
වසංගත අවදානමක් බව කාටත් තේරෙනවා. මේ සංවිධානයෙන් ලෝකයා බලාපොරොත්තු වන්නේ මේ රෝගය පිළිබද දැනුවත් කිරීමක්. කොහොමද මේ වසංගතය වැළදෙන්නේ ? ඒ ගැන නිසි උපදෙස් දෙන්න ඕන. එන්නතක් සොයනවද? පර්යේෂණ තත්වයේද තියෙන්නේ ? මේ ගැන පැහැදිලි කිරීමක් කරලා මිනිස්සුන්ගේ රෝග බිය නැති කරන්න ඕන.