IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

රටවල් 110 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙන කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (11) නිල වශයෙන් නිවේදනය කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 4,300 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර 119,711 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ඒ බව ප්‍රකාශ කළේය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් එහි බරපතළකමත් වයිරසය මර්දනය කිරීමටත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොමැතිවීමත් යන කරුණු හේතුවෙන් කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව හෙතෙම එහි ද පැවැසීය.

‘‘කෝවිඩ්-19 ගෝලීය වසංගතයක්’’ යැයි ද හෙතෙම කීය.

ඉදිරි දින හා සති කිහිපයේදී කොරෝනා මරණ හා ආසාදිතයන් ගණන ඉහළ යා හැකි යැයි ද ඔහු කීවේය.

‘‘කොරෝනා වයිරසයක් හේතුවෙන් වසංගත තත්ත්වයක් ඇතිවෙනවා අපි මීට කලින් දැකලා නැහැ’’ යැයි ඔහු කීය.

අඩු සම්පත් මධ්‍යයේ වුවද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීමට ඉරානය ඔවුන්ගේ උපරිමය කර ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති එම මාධ්‍ය හමුවේදී පැවැසීය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගුවන් මගින් බීජිං නුවරට පැමිණෙන සියලු දෙනා විශේෂයෙන්ම ජාත්‍යන්තර මඟීන් සති දෙකක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට ලක්විය යුතු යැයි චීන බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.

යුරෝපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඉතාලියෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත.

ජර්මනියේ සමස්ත ජනගහනයෙන් සියයට 60ත් 70ත් අතර පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ ප්‍රකාශ කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් 1,000කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.

ඒ.එෆ්.පී.

055



අදහස් (2)

කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Wasantha Wednesday, 11 March 2020 06:41 PM

තව කල් ඉන්න තිබුනේ.

:       0       1

හේරත් Thursday, 12 March 2020 06:33 AM

අපේ රට මේ වසංගත තත්වයට මුහුණ දෙන ආකාරය නම් හිතා ගන්නවත් බැහැ!!! "ව්‍යවසන කළමනාකරණය" සම්බන්ධව අපිට තිබෙන "ආකල්ප" - "දැනුම" - "කුසලතා" අතිශයින්ම අවමයි. අනිත් අතට ඊට නායකත්වය දෙන්න පුලුවන් පාලකයින් රැලක් අපිට නැහැ! - ව්‍යවසන කළමනාකරණයේදී වැදගත්ම සාධකය "නායකත්වය" - අතීතයේදි අප මුහුණ දුන් ව්‍යවසන වලද අපේ හැකියාවට වඩා නොහැකියාව ඉස්මතු වුණා...!!!.. ව්‍යවසනය පවා දේශපාලනීකරණයට පත් වුණා...!!! රටේ මිනිස්සු තුළ තිබෙන්නේ සාමූහිකත්වයට වැඩිය බෙදීමක්... නිවැරදි දෙයට වඩා "බොර-කටක" බලවත් - උගත්කමට වඩා නූගත්කම ඉස්මතු වෙනවා...!!! මේවා ගැන හිතනකොට, අපේ රටට මේ වසංගතය නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site