IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


කොරෝනා වයිරසයෙන් බෙල්ජියමේ 3 ක් මරුට

ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි බෙල්ජියම අද (11) පළමුවරට නිවේදනය කළේය.

බෙල්ජියමෙන් පළමුවරට මරණ වාර්තා වන අතරවාරයේදී යුරෝපා කොමිසමේ නිලධාරීන් සිවුදෙනකු ද අසනීප වී ඇතැයි එම කොමිසමේ නිලධාරීහු කීහ.

අවුරුදු 73ක පුද්ගලයකු සහ වයස අවුරුදු 90ක කාන්තාවක බ්‍රසල්ස් නුවර රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් 86 හැවිරිදි තවත් පුද්ගලයකු අගනුවරට දකුණු දෙසින් පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවත් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

‘‘රෝහල්වල සිටින ආසාදිතයන්ගේ ගණන වැඩිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා තිබෙන රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. කොරෝනා වයිරසය රට තුළ වසංගතයක් බවට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා’’ යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

‘‘අපි අපේ පුරවැසියන් ආරක්ෂා කර ගත යුතුයි. විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන්, සෞඛ්‍ය සම්පන්න නැති සහ වැඩිහිටියන් විශේෂයෙන් ආරක්ෂා කරගන්න ඕනෑ’’ යැයි ද එහි සඳහන් විණි.

සුරක්ෂා නිවහන්, ඇතැම් රෝහල්, සුරක්ෂා මධ්‍යස්ථාන යනාදිය පිටස්තර පුද්ගලයන්ට තහනම් කිරීමට බෙල්ජියමේ බලධාරීන් පියවර ගෙන අතර දහසකට වඩා රැස්වන ස්ථාන හෝ විවිධ උත්සව හා ඉසව් තහනම් කරන්නැයි බලධාරීන් බෙල්ජියමේ නගරාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

අද වනවිට බෙල්ජියමෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 314ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ එම ආසාදිතයන්ගේ ගණන සටහන් වූයේ 267ක් ලෙසය.

ඒ.එෆ්.පී

055



අදහස් (0)

කොරෝනා වයිරසයෙන් බෙල්ජියමේ 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 161 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site