IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂාවීමට උපදෙස් මාලාවක්

(ඩයනා උදයංගනී)

මේ වන විට සීඝ්‍රයෙන් ලෝකය පුරා පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂාවීම සඳහා වන උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති උපදෙස් ඇසුරින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ දැනට මෙම රෝගීන් නොමැති වුවත් ජනතාව මෙම උපදෙස් අනුගමනය කිරීම සුදුසු බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය, අධ්‍යාපන හා ප්‍රචාර) ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාසෝම මහතා පැවසීය.

ඒ අනුව නිතර සබන් යොදා දෑත් සේදීම, පොදු ස්ථානවල ගැවසෙන අවස්ථාවල මුහුණ, කට, නාසය හා ඇස් ස්පර්ශ නොකිරීම, කැස්සකදී හෝ කිවිසුම් යන අවස්ථාවලදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ වැළමිටෙහි ඇතුල් පැත්තෙන් මුඛය හා නාසය ආවරණය කරගැනීම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටීම, වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා ගතවූ දින 14 ක කාලයේ දී විදෙස් සංචාරවල නිරත වී ඇත්නම් වෛද්‍යවරයා ඒ ගැන දැනුවත් කිරීම කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

කොරෝනා වයිරසයෙන් ආරක්‍ෂාවීමට උපදෙස් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 252 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 303 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site