(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා රෝගීන් නිවෙස්වල රඳවන ආකාරය ගැන කොවිඩ් 19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විස්තර කරයි .
මේ වැඩපිළිවෙල යටතේ කොරෝනා රෝගීන් සියලු දෙනා නිවෙස්වල රැඳවීමට පියවර නොගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපතිවරයා මෙසේද පැවසීය.
"ජනාධිපතිතුමා සහවිශේෂඥ වෛද්‍යවරුන් කාර්ය සාධක බලකායේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ ක්‍රමවේදය ගැන පැහැදිලි කළා.නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමට ක්‍රමවේදයක් සකස් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා .ඒ නිර්ණායක මේ සති අන්තයේ දී සකස් වේවි."
"මේකෙන් කියන්නේඔක්කොම ගෙදර තියෙනවා කියන එක නෙවෙයි.මෙතනදී අනුගමනය කරන ක්‍රම තුනක් තිබෙනවා.බරපතළ අය රෝහල් තුළම ප්‍රතිකාර ගත යුතුයි .බරපතළ නැති අය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරනවා . රෝගය වැළඳී ඇතත් රෝග ලක්ෂණ නොමැති වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිටිය හැකි අය පමණක් නිවෙස්වල රඳවනවා .නමුත් මේක තෝරන්නේ වෙනත් කවුරුත් නෙවෙයි වෛද්‍යවරුන්.නමුත් සමහරුන්ට නිවෙස්වල ඉන්න පහසුකම් නෑ .ඒ වගේ අය අනිවාර්යෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවනවා ."
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ක්‍රම තුනකට
සිරිබිරිස් Monday, 17 May 2021 11:50 AM
ඉස්සර ලෙඩ්ඩු හොයාගෙන ගිහිල්ලා ඉස්පිරිතාලෙට ඇතුල් කළා. දැන් බලන්නේ ගෙදර කොහොමද තියන්න කියලා. අනේ හැබෑට අපේ රටට ගිය කලක්....!!!
Sri Lanka Monday, 17 May 2021 01:05 PM
ඔබතුමා දැන් කොරෝනාවලට කඩේ ගියාට අමතක කරන්න එපා. අපේ රට බෙහෙත් දීපයක්.. කොරෝනා හැදුණාම ඉස්සර සංචරණ සීමා, පී.සී.ආර්., නිරෝධායන ... මේවා කරන්න ඕනෑ නෑ. ගෙදර ඉඳලාම සනීප කරගන්න පුළුවන්... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.. !!!