IMG-LOGO

2024 මැයි මස 28 වන අඟහරුවාදා


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෞද්ගලික රෝහල් අවසර ඉල්ලයි

(හර්ෂණ තුෂාර සිල්වා)

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි.


‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට මට්ටම් තුනක් යටතේ ප්‍රතිකාර කරන අතර එහිදි අදියර පහක් යටතේ රෝගීන් වර්ගීකරණය කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන වෙනත් රෝගී තත්ත්ව නොමැති වයස අවුරුදු 18ත් 65ත් අතර රෝගීන් එහි මුල් අදියරට අයත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2020 ජනවාරි 26 වැනිදා දාතම යටතේ නිකුත් කළ චක්‍රලේඛය යාවත්කාලීන කරමින් පෙබරවාරි මස 6 වැනිදා නිකුත් කළ මාර්ගෝපදේශවල ඉහත කී රෝගීන් වර්ගීකරණය දැක්වේ.

‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දැයි පෞද්ගලික රෝහල්වලට ඉල්ලීම් ඉදිරිපත් වූ බවත් මේ සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමයේ ලේකම් වෛද්‍ය
සුනිල් රත්නප්‍රිය මහතා පැවැසීය.

අතරමැදි එනම් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල වෙනම අංශයක් ස්ථාපිත කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ බව ද හෙතෙම තවදුරටත් කීය.



අදහස් (1)

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පෞද්ගලික රෝහල් අවසර ඉල්ලයි

chandima Wednesday, 16 December 2020 02:48 PM

ප්‍රතිකාර කියන්නේ? ඉඟුරු කොත්තමල්ලිද? දන්න තරමින් නම් ප්‍රතිකාරයක් තවම හොයාගෙන නැහැ. ඇඳක් දීලා ගාණක් කඩාගන්නද යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩුබායි වෙසක් මහ ඉහළින්
2024 මැයි මස 28 90 0

වෙසක් උත්සවය වෙනුවෙන් ඩුබායිහි අලෙයින් ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් වෙසක් කලාපයක් පසුගිය 25 වැනිදා සංවිධානය කර තිබිණි.


බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ
2024 මැයි මස 28 112 0

නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි.


’’ඔන්මැක්ස් ඩී.ටී.’’ මුදල් වසර දෙකකින් දෙනවා
2024 මැයි මස 28 302 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ නමැති පිරමීඩාකාර නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය


ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ
2024 මැයි මස 28 785 2

නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි
2024 මැයි මස 28 594 1

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය


කාණුවක කාන්තා මළ සිරුරක්
2024 මැයි මස 28 903 0

සීදූව , ලියනගේමුල්ල සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය අසල කාණුවක කාන්තා මළ සිරුරක් තිබී සොයාගත් බව සීදූව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 977 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2541 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2173 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site