



ප්‍රියානි මංගලිකා
කොරෝනා වයිරස ආසාදිතයන් අටදෙනෙකු වාර්තා වූ නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපත් කළ වීදි නාට්‍ය සංදර්ශනයක් අද ( 23 ) නිකවැරටියේ දී පැවැත්විණි.
මෙහිදී ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපැදිය යුතු බවද ,ජනතාව නගරයට පැමිණිය යුතු ආකාරය පිළිබඳවද, එලෙස කටයුතු නොකරන අයට නීතිමය පියවර ගන්නා බවද නාට්‍යයෙන් දැනුවත් කෙරිණි.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා ප්‍රකාශ කළේ නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් , රස්නායකපුර , කොටවෙහෙර , කොබෙයිගනේ , මහව, අඹන්පොළ , ගල්ගමුව , ගිරිබාව , පොල්පිතිගම , මීගලෑව , පන්සියගම යන සෙසු පොලිස් වසම් දහය තුළද මෙම වීදි නිට්‍ය සංදර්ශන මාලාව පවත්වා ජනතාව දැනුවක් කිරීමට පියවර ගන්නා බවය.
කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව, පොලිස් අධිකාරී කාර්යාල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකය විසින් වැඩසටහන සංවිධානය කෙරිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතට සතුට ගෙනදෙන දසුන් පෙළක්. සත්‍ය වශයෙන්ම මෙවන් අවස්ථාවකදී නාට්‍ය ආකාරයෙන් රෝගය සම්බන්ධව ජනතාවගේ සිත් සතන් වලට ඔවුන්ටද නොදැනෙන ආකාරයට කරුණු කාරණා මතකයේ රැඳවීම හොඳ බුද්ධියකින් කළ වැඩක්. නිකවැරටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා ප්‍රමුඛ සැමට අපගේ ස්තුතිය...
මේක රඟපෑමක් වෙන්නේ කොහොමද?
පහර දෙන්න අපේ පොලිසිය හරි දක්ෂයෝනේ?
ගල් යුගයේ ජීවත්වෙන ගොරකයින්ගෙන්, අපේ රට පිරිලා ඉතිරිලා...
මෙවැනි රඟපෑම් ඉතාම කදිමයි. නමුත් හොර කසිප්පු බීලා ගෙදර ගියොත් ඔය පොලු සංග්‍රහය ගෙදර උන්දැලාගෙන් ලැබෙන්න පුළුවන්...