(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය .
කොරෝනා පාලනයට හඳුන්වා දෙනු ලැබ ඇති සෞඛ්යය නීති සහ සංචරණ සීමා සම්බන්ධයෙන් අලුත් තීන්දු තීරණ කිහිපයක් මෙහිදී ගැනීමට නියමිතව ඇතැයි එම කමිටු සාමාජිකයෙක් පැවැසීය.
COMMENTS
බයේ බෑ මොනවගේ අලුත් තීරන ගනී ද කියලා. පළාත් අතර සංචරන සීමා, නිරෝධායන ඇදිරී නීතිය වගේ රට්ටු හිනස්සන තීරණ වලට එහා ගිය තව තීන්දු මොනවත් ගන්න තියෙනව ද?
සංචරන සීමා... බොහොම දෙනෙක් තමන් ගිය තැන් කරපු කියපු දේවල් උජාරුවට කියනවා. ඒකෙන් තේරෙනව අපේ මිනිසුන්ට උගත්කම පොතේ විතරයි මොලේට වැදිල නෑ කියල. මේ වගේ කාලෙක වගකීම් විරහිත විදියට මේ හැසිරීම පාලනය කරන්න පොලිසියට අමාරුනම් ත්රිවිධ හමුදාවට හෝ භාර දෙන්න.
මෙච්චර කල් ගත්ත තීරණ වලින් අපි දැනටමත් වලපල්ලට ගිහිල්ලා තියෙන්නෙ.ඒ හින්ද නිකන් ඉන්න එක රටටයි අපිටයි ගුණයි .
තවත් කැකිල්ලේ තීරණ රැසක් කියලා වෙනස් කරානම් හරි
අද තීරණේ හෙට වෙනස් කරන ජෝකරයින්... කිසිම ස්ථිර ප්ලෑන් එකක් නෑ... වැඩේ දන්න අයගෙන් අදහස් ගන්නේ නෑ... අන්දරේ රජ වෙලා වගේ...