IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු

'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති බෙහෙත් පෙත්ත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ වර්ග කීපයක් නිර්මාණය කර තිබේ. එහෙත්, එම ඖෂධ ලබා දීම සිදුවන්නේ කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට පමණක් වන අතර, එසේ වන්නේ රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය. එහෙත්, 'මොල්නුපියවියර්' බෙහෙත් පෙත්ත එසේ අවධානම් එකක් නොවන බවත්, එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි.

'මොල්නුපියවියර්' බෙහෙත් පෙත්තෙන් සිදුවන්නේ, 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීමය.

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද මේ වනවිට සිදුකර අවසන් හෙයින්, බෙහෙත් කරල භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුළත 'මොල්නුපියවියර්' ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (17)

කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු

සිරිබිරිස් Saturday, 02 October 2021 07:17 PM

කොරෝනා කියන්නේ තනිකර ව්‍යාපාරයක්... දැන්නම් ඒක හොඳටම පැහැදිලියි...

:       18       34

ආර්ථිකව දියුණු ඇමෙරිකාව -නොදියුණු කුහක ලංකා ව Saturday, 02 October 2021 08:44 PM

කොහොමත් මේක කෘතිමව හදපු වෛරසයක් වෙන්න ඕනේ. නමුත් මේකේ අනික් පැත්ත තමයි ඇමෙරිකාව බෙහෙතක් ඉදිරිපත් කලොත් ඒක සායනික පරීක්ෂණ වලට ඉක්මනින් දාල අවශ්‍ය අවසර ඉක්මනින්ම ලබා දෙනවා. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ, කුලල් කා ගැනිලි,කැපිලි ,කෙටිලි ඔක්කොම තියෙනවා ඒකයි ලංකාව නොදියුණු වෙන්නත් ඇමෙරිකාව දියුණු වෙන්නත් හේතුව. මේවට කෙලින්ම දොස්තරලා,රජය වගකියන්න ඕනේ. ඔවුන්ගේ කුහකකම නිසා තමයි ලංකාවේ ඉදිරිපත් කල බෙහෙත් වලට කිසිම තැනක් නොදුන්නේ

:       11       27

රාවණාSunday, 03 October 2021 08:41 AM

එතකොට ධම්මික පැනිය පරීක්ෂණ වලට ලක් කලේ නැද්ද, ඖෂධ හොයා ගන්නා නිසි ක්‍රමවේද තියෙනවා, ඕනෑම කෙනෙකුට හිතළු ඉදිරිපත් කළ හැකියි තමන් සොයා ගත්තා කියා, නමුත් එවැනි හිතළු පරීකෂණ කිරීම මුදල් සහ සම්පත් නාස්තියක් පමණයි

:       2       4

kamalSunday, 03 October 2021 09:41 AM

ඇයි එහෙම කියන්නේ .දම්මික පැනියට උස්සලා දුන්නේ නැතිද ?මුට්ටි ගඟේ දාන්න උනන්දු කෙරුවේ නැතිද ?අපි තමයි හොඳටම කලේ

:       1       5

sugathSaturday, 02 October 2021 11:05 PM

මේක මෝඩ අදහසක්.

:       10       31

anuraSunday, 03 October 2021 09:12 AM

බෙහෙත් පෙත්තට ඇකැමැතිනම් නොබී ඉන්න. එසේ නැතිව තමන්ට ඔප්පු කිරීමට නොහැකි අදහස් පතුරුවා මිනිසුන් නොමග යවන්න එපා.

:       1       6

Nihal Saturday, 02 October 2021 08:14 PM

මීට කළිනුත් සාර්ථක ඒවා කොච්චර නම් හොයාගත්තුවා සෑහෙන ප්‍රමාණයක්...

:       0       0

Sriland Saturday, 02 October 2021 08:21 PM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...

:       0       0

Jays Sunday, 03 October 2021 02:45 AM

හොද පුවතක්. නමුත් මට හිතෙන්නේ නැහැ ලෝකෙ කොයි රටට මේ පෙත්ත ගියත් ලංකාවට එයි කියලා. මොකද මේක චීනෙ හදපු එකක් නෙමේ නිසා. ඔන්න චීනෙ මේ වගෙ පෙත්තක් හැදුව නම් පහු වෙනිදම බඩු ලංකාවේ

:       0       7

C.K.Lankaputhra Sunday, 03 October 2021 03:19 AM

අම්මෝ ඇමරිකාවෙන් නම් එපා. චීනෙන් නං හා.

:       0       6

හේතුහාමි Sunday, 03 October 2021 06:26 AM

ලෝක බලවතුන් ආදායම් සෙවීමට ආයුධ වෙළදාමත් බෙහෙත් වෙළදාමත් කලා .මේ වන විට රටවල් යුද්ධයට අකමැති තත්වයක් දක්වන නිසා බෙහෙත් වෙළදාම උපක්‍රම මගින් කර ආදායම් තරකර ගන්නවා. ලෙඩක් හදල, බෙහෙතුත් හදනවා. හදපු ලෙඩ ගැන දන්න කෙනෙකුට ගැලපෙන බෙහෙතුත් හදාගන්න පුළුවන්

:       5       3

Senarath Sunday, 03 October 2021 09:51 AM

ලෙඩේ හදලා පතුරවපු උදවිය ඒකට බෙහෙතුත් දන්නවා ඇතිනේ. මේක එයාලගේ ආර්ථිකේ ගොඩ දාගන්න කරපු වැඩක්

:       4       7

lankika Monday, 04 October 2021 08:55 AM

කකුලෙන් අදින්න එපා, මේක භයානක උවදුරක් බෙහෙත් සොයන උදවිය දිරිමත් කරමු.

:       0       0

Narada Sunday, 03 October 2021 12:21 PM

ඩොලර් 700.00 හෝ ශ්‍රී ලංකා රුපියල් 140,000.00. අපිට මිලදී ගත හැක්කේ කෙසේද?

:       0       2

Dhammika pani Monday, 04 October 2021 08:52 AM

මෙම බෙහෙත ඉතාමත් කම්මැලි කකුලෙන් අදින මනසක් ඇති ගෑස් පාන් තෙල් නිෂ්පාදනයට අඩුවෙන් ඉල්ලන ජාතික ධනය ගසා කන්නන් පාලනයට පත් කරන ජාතියකට හරි යන්නෙ නැතිලු

:       0       0

janabala Monday, 04 October 2021 08:56 AM

සල්ලි මිලදී ගන්න අය ඉන්නේ ලංකාවේ පමණයි.

:       0       0

hesa Monday, 04 October 2021 11:37 AM

ඒ අලුත් රෝග 9 ක් එන්න නම්, ඒ එන්නත නිසා වෙන්න පිලිවන්නේ. එන්නත නොගත් අයට කිසි ලෙඩක් නැහැනෙ. දැන් කැප්සූල්ස්.. මේවා නම් විකාර.. මීට කලින් මිනිස්සුන්ට කැස්ස හෙම්බ්‍රිස්සාව හැදුනම ඉඟුරු මිශ්‍ර කොත්තමල්ලි බීල දින 3න් සුව වෙනව.. නිවසෙ ඉන්න අයටත් වැළදෙනව තමා.. ඒත් ඡීවිතක්ෂයට පත් වෙනවද.. මේක මුලු ලෝකයේම ව්‍යාපාරයක් බවට පත් කරන් ඒ නමින්.. බෙහෙත් විකුනාගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site