ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
එම වාර්තාවට අනුව එන්නත්කරණය හොඳින්ම කළ ඊශ්‍රායලය සහ සංගප්පුරුව වැනි රටවල පවා වයිරසය තවමත් පැතිරෙමින් පවතී. ඩෙල්ටා ප්‍රබේදයේ ඉතා ප්‍රබල බෝවීමේ හැකියාව මෙයට ප්‍රධාන හේතුවක් බව එම වාර්තාව කියයි. මෙම රටවල වාර්තාවන නව අසාදිතයන්ගේන් සියයට අසූවකටත් වඩා එන්නත් නොගත් අය වෙයි. දැඩි සත්කාර ලබන අය සියයට 98ක් එන්නත් නොගත් අය වෙති.
ඔක්තෝබර් 16 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් 16 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
නිමල් රාජපක්ෂ මහතාට ස්තුතියි. ශ්‍රී ලංකාවේ මහජනතාව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය අපි සැබවින්ම අගය කරමු.
විශිෂ්ට විශ්ලේෂණය. අපි හැමෝම මේ ලිපිය කියවා තේරුම් ගත යුතුයි.
මම මෙම ලිපිය නිතිපතා කියවන කෙනෙක් වන අතර මෙය අපගේ සමාජයට ඉතා ප්‍රයෝජනවත් වේ. මම සෑම සඳුදා දිනකම උදෑසන මෙම ලිපිය කියෙව්වේ කොරොනා වසංගතයට සම්බන්ධ ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමටය. ඔබට ස්තුතියි.
අතිශයින්ම පරයෝජනවත් විශ්ලේෂණයක්. කරුණාකර ඔබේ යහපත් වැඩ කටයුතු කරගෙන යන්න. මෙම ධනාත්මක ප්‍රතිචාර මඟින් වඩා හොඳ ලිපි වර්ධනය කිරීමට ඔබව පොළඹවනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වෙමු. ඔබටත් ඔබේ පවුලේ අයටත් තෙරුවන් සරණයි.