






(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කර ඇතැයි නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පවසයි.
දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගෙන් හා අධික රථ වාහන ප්‍රමාණයකින් දිනපතා පිරී පැවැති නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශයන් මසකට පමණ අධික කාලයක් කිසිඳු ශබ්ද හා විෂ දුමෙන් මෙන්ම පරිසර හානි විවිධ මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පැවැතීම හේතුවෙන් මෙම පරිසර හිතකාමී වෙනස්කම් සිදුව ඇති බවද ඒ මහතා පැවැසීය.
නකල්ස් වනාන්තර පද්ධතිය පිහිටි අවට ගම්මාන මෙන්ම දුම්බර මිටියාවත ඇතුළු අනෙකුත් අවශේෂ ප්‍රදේශවල පරිසර පද්ධතිය මේ දිනවල වෙනස්කම් රැසකට භාජනය වී ඇති බවත්, වෙනදට වඩා දැඩි ශීතලක් මෙන්ම සුන්දර පරිසර වටපිටාවක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා කීය.
නකල්ස් පරිසර පද්ධතිය තුල මෙන්ම අවට ගම්මාන ආශ්‍රිතව විවිධ කුරුල්ලන් හා අනෙකුත් සතුන් නිදහසේ පරිසරය විදිමින් ඔවුන්ට රිසි සේ ගැවසෙමින් කාලය ගත කරන අයුරුද දැක ගන්නට ඇතැයි ඒ මහතා පැවැසීය.
මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් පරිසර පද්ධතීන්වලට කෙතරම් දුරට බලපෑම් එල්ල කර ඇති වගට වර්තමානයේ වනාන්තර පද්ධති ලක්ව ඇති දැඩි වෙනස්කම් වලින් මනාව පෙනෙන බවත්, පරිසරය රැකුනොත් මිනිසා රැකෙන බවට කදිම පිලිතුරක් මෙම පරිසරය වෙනස්කම්වලින් ජනතාවට පෙන්නුම් කරන බවද ඒ මහතා කීය.
නකල්ස් ලෝක උරුම වනාන්තර පද්ධතියේ හා ඒ අවට ප්‍රදේශයන්ගේ දැනට නිර්මාණය වී තිබෙන පරිසර හිතකාමී මෙම දැඩි වෙනස්කම් මුළු රටටම බලපාන කරුණක් බවත්, වර්තමානයේ රට තුල නිර්මාණය වී ඇති මෙකී තත්ත්වය සෙසු වනාන්තර පද්ධතීන්ද වෙනස්කම්වලට භාජනය කරනු ඇතැයි පරිසරවේදී සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
ඔව්. මේ දියුණුයි කියාගන්නා මානව වර්ගයා කියන්නේ මිහිතලයේ පැතුරුණු පිළිකාවක්. මම කැමතියි මේ පිළිකාව මේ ලෝකයෙන් තොලොන්චි වෙලා යනවට.
මිනිසා සිතා සිටියේ ඔවුන් පෘතුවියේ බලවත්ම ජීවීන් කියයි. නමුත් මිනිසා දැනගෙන සිටිය යුතු ප්‍රධානම කාරණය වන්නේ ඔවුන්ගේ බලවතා අන් කවුරුත් නොව. ස්වභාවධර්මය බවයි. අන් ජීවීන් නොමැතිව ස්වභාව ධර්මයට පැවතිය නොහැකි නමුත් මිනිසා නොමැතිව ස්වභාව ධර්මය වඩාත් හොඳින් පැවතිය හැක.
කෙලෙහිගුණ නොදත් "දෙපාවා" විසින්, තම ' ලාබය ' වැඩිකරගැනීම පිණිස ඉවක් බවක් නැතිව විනාශ කරන ලද මිහිකත හෙවත් සොබාදහම් මාතාව පසු ගිය මස 3 තුළදී ක්‍රම ක්‍රමයෙන් සුවවෙමින් සිටින බව ලෝකයේ හැම දෙසින්ම ඇසෙනවා. විකිරණයෙන් අපිව ආරක්ෂා කරන ඕසෝන් ස්ථරයේ බටහිර රටවල් වලට උඩින් පිහිටි කොටසේ සිදුවී තිබු " පැල්ම " නැවත හාවිමට පටන්ගෙනලු. මුළු ලෝකයේම අහසේ පැතිරී තිබු නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2 ) ප්‍රතිශතය සීග්‍රයෙන් පහත බැසීමට පටන්ගෙන මුළු අහසම විනාශ කළ ගුවන් යානා සියල්ලම අද බිම වැතිරිලා.''නැප්තා'' වැනි අතිශය විෂ ද්‍රව්‍ය මුහුදට අනිවාර්යයෙන්ම එක්කරන නවුකාවන් ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවෙලා.පසුගිය අවුරුදු 3 තුල මුළු ලෝකයටම තර්ජනයක් වෙමින් චීනය සහ ඇමෙරිකාව කළ විනාශකාරී " ඉන්ධන දහනය " 50% න පමණ පහතට වැටිලා.පරිසරයේ වායුගෝලයේ තිබු ඊයම් ප්‍රමාණය අඩුවෙලා. ඒවගේමයි අපේ ලංකාවෙත් සංචාරය කරනවා කියමින් පරිසරය විනාශ කරපු "මෝඩයින් "අද ගෙවල් වලට කොටු කරලා. සොබාදහම් අම්මගේ අකීකරු දරුවන් වුන මිනිසා අද මුහුණදී සිටින කොරෝනා නම් විනාශකාරී අවාසනාව ගෙනා වාසනාව කෙතරම් ලස්සනද ? පුදුමයි... ඇත්තටම පුදුමයි....
ලෝක උරුමයක් වන නකල්ස් වනාන්තර ලස්සන සුන්දරත්වය. බුදු සරණයි සියලු ලක් වාසීන්ට !
මෙම ජායාරූප දැකීමේදී අනේ මේ අපේ රට කොච්චර ලස්සනද යන්න වැටහෙන්නේ අපට පමණක්ද ? මෙම වෛරසය ලෝකයේ හැම අතින්ම බලවත් කිවූ හාදයන්ටත් යන එනමං නැතිකර ස්වභාවධර්මයාට අවනත වෙයව් යන පණිවිඩය හොදින්ම ලබාදී ඇති මෙවන් මොහොතක අප රටේද පරිසරය විනාශ කරන අයට ද යමක් පැහැදිලිව කියාදී ඇති බවක් මෙම ලිපියෙන් පැහැදිලිය.
මම හිතන්නේ මෙම ප‍්‍රදේශය වසරකට මාසයක්වත් ලොක්ඩවුන් කිරීම වඩාත් සුදුසු යැයි කියාය...
මිනිසුන් නැත්නම් මේක පින්කෙතක් තමයි
මේවා බළධාරීන්ගේ (ඇත්තටම ජනාධිපතිතුමාගේ) අවධානයට යොමුවිය යුතුමයි. මේ වසංගතයෙන් පසුව පරිසරය රැකෙන විධිහේ නව නීති ශක්තිමත් කළ යුතුයි. මෙවන් පරිසර පද්ධතිවල වාහන ධාවනය කරමින් පරිසර විනාශ කිරීමට ඉඩ නොදිය යුතුමයි. සංචාරක වියාපාරෙ දියුණූ කරන්න ඕනානම් ඒවට වෙන විකල්ප පරිසරය රැකෙන විධිහට හොයා ගත්තාවෙ.. බලන්න ඕනම එකෙක් පයින් ගිහින් බලලා ආවාවේ.. ඊට අමතරව වාහන ධාවනය අවම කරන්න අවධානය යොමුවිය යුතුමයි. මේ ගෙදර ඉදන් වැඩ කරන ක්‍රමවේදය හා එකි සෑම තැනකටම හදුන්වා දිය යුතුයි. ඒ තුලින් විශාල ඉන්ධන දහනයක් නවත්වා ගත හැකියි.
හෝටන් තැන්න වගේ ස්ථානවල ගියාම ඉන්න සතුන්ට බිස්කට් දෙනවා එපා කිව්වත් බිස්කට් දෙනවා. දවටනය, පොලීතීන් එතනම විසි කරනවා. අපේ අයට දැනීමක් නැතිකම හෝ දැනෙන අවයව කපා දමලද කොහෙද? යන්න දෙන ගණන වාහන, ටිකට් හරහා හෝ සීමා කරන්න ඕනේ. බීමත් මිනිසුන්ට යන්න නොදී ඉන්නත් ඕනේ.රටේ ස්වභාවික සම්පත් විදෙස් සංචාරකයින්ට විතරක් නොවේ වැඩි අයිතිය දේශීය සංචාරකයින්ට. අපි සලකන්නේ විදේශිකයින්ට විතරයි.
අපි නකල්ස් ගියෙමු. එය ඉතා ලස්සන පරිසර පද්ධතියකි.
පරිසරය හුස්ම ගනී... අපේ හැමදේ ලෝක උරුම කරලා අපට නැති වෙනවා .
මටනම් පෙනෙන්නේ මිනිස්සු වනකරපු මහපොළොව දෙවියෝ යළි හදනවා වගේ.
මිනිස්සුන් මෝඩයෝ කරන මේ වගේ කතා කියන එක ලංකාවේ පණ්ඩිතයන්ගේ හැටියක්. මාසෙකින් පරිසර පද්ධතියක් වෙනස් කරන්න පුවන්නම් පරිණාමය බොරුවක්. අර මහත්තයෙක් කිව්වා වගේ මවලා තමයි තියෙන්නේ. මෙවැනි පරිසර වේදියෝ කුමකටද?
මටනම් පේන්නේ මේ කොරෝනා වයිරසය හරහා ලෝකෙට පෙන්නපු දෙයක් තියෙනවා. සත්තු සර්පයින් පවා ලොකු නිදහසක් ලබාගෙන. ගහකොළ නිදහස ලබලා. මේ වෙන්නේ දෙවියන්වහන්සේගේ විසින් ලෝකය මවලා ඒකේ උතුම්ම ජීවය මනුස්සයා මැව්වට ඔවුන් හරියාකාරව ලෝකේ ගෙනිච්චේ නෑ. අවසාන අවස්ථාව දීලා තියෙන්නේ ගහකොළ ලස්සනට තියාගෙන ඔක්කොම ආදරෙන් සතුටෙන් සමගියෙන් ඉන්න. එවිට ලොව මීටවඩා සුන්දර වේවි.
ඔව් ඔව් වෙනස්කම්නම් ගොඩක් වෙන බව පේනවා. එහෙම දිනකම දුම්බර කදුවැටියේ කොහේ හරි අක්කර සිය ගානක් ගින්නෙන් විනාශ වෙනවා. මේවා ඔය පරිසර සංවිධාන දන්නවද කියන්නත් සැකයි. ඊයෙත් මඩොකලේ කන්ද ගිනි ගත්තා. කිසිම බලධාරියෙක් පේන්නත් නෑ.