මාරාන්තික වෛරසය පැතිර යෑමත් සමඟ චීනය අද (24) තවත් නගරයකට සංචාරක තහනමක් පැනවීය.
ඒ අනුව මේ වනවිට චීනයේ නගර නවයකට සංචාරක තහනම් පනවා තිබෙන අතර එම නිසා මිලියන 32කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති. 
වයිරසය පිළිබඳ මුලින්ම තොරතුරු වාර්තා වූයේ හුබෙයි පළාතේ ජින්ග්ෂූවලිනි.
ග්‍රිනිච් වේලාවෙන් අලුයම 4 සිට දුම්රිය සේවාවලට නගරයෙන් පිටවීම නවතා දැමූ අතර, පොදු බස් රථ, මගී ප්‍රවාහන සේවා, සංචාරක බස්රථ, බෝට්ටු යනාදී සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීහු පියවර ගත්හ.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට චීනයේ නව වසර උදාවෙනවා. 2018 වසරේදී බල්ලා ඔවුන්ගේ සලකුණ වන අතර 2019 ඌරා ඒ තත්වයට පත් වුණා. හෙටින් ලබන නව වසරේ සත්ත්ව සලකුණ කොරෝනාවයිරස් විය යුතුයි.
චීන්නු මේ වසංගතය කොහොමහරි රටින් තුරන්කරයි. හැබැයි ලංකාවට එහෙම ආවොත් පැල්පදියම් වෙනවා. දැක්කනේ ඩෙංගු ලංකාවට ආවා.. තාමත් ඩෙංගු අඩංගු වී ඇත.
ලංකාවේ දොස්තරලා හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න ගියත් රෝගීන්ව බය කරලා"කොරෝනා" වලට ලේ පරීක්ෂාවක් කරගෙන එන්න කියලා ලියලා දෙයි. කුමන මාර්ගයකින් හෝ දොස්තරලගේ මඩිය තරවෙන අතර, ඒකෙනුත් රුපියල් දෙතුන් දාහකට තට්ටු වෙන්නේ අසරණයින්ට තමයි.
ලංකාවට එන්න කලින් වළක්වා ගතහැකි ක්‍රියාමාර්ග ගත්තා නම් හොඳයි.