IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘කොරෝනා ගැන මිස වෙන දේවල් අහන්න එපා’

(නිමල කොඩිතුවක්කු)
 
කොරෝනා වෛරසය හේතුවෙන් රටට භයංකාර අවදානම්  තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් දේශපාලන කරුණු ගැන පසුව කතා කිරීමට අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතා පැවැසීය.
 
වෙනත් දේ ගැන කතාකළොත් කොරෝනා වෛරසය සම්බන්ධ සාකච්ඡාව යටපත්වනු ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා ඉදිරි දින කිහිපය තුළ විධිමත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා දේශපාලන කරුණු කාරණා  ගැන කතා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
 
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(31) පැවති   මාධ්‍ය හමුවකදී වත්මන් දේශපාලන තත්වය පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකදී   ඔහු මේ බව පැවැසීය.
 
එහිදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මිස වෙනත් ප‍්‍රශ්න පිළිබඳ විමසීමෙන් වළකින ලෙසට විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

 (ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 



අදහස් (18)

‘කොරෝනා ගැන මිස වෙන දේවල් අහන්න එපා’

සඳුන් Friday, 31 January 2020 11:54 AM

කොරෝනා වෛරසයෙනුත් ලංකාව බේරෙයි.. එ්ත් මේ දේශපාලන වෛරසවලින් කවදා බේරෙන්නද?

:       1       216

සජිත් බබා Friday, 31 January 2020 11:58 AM

මං මේ දොස්තර විභාගෙ පාස්වුණු ගමන්... ඒ නිසා වයිරස් ගැන ඕනදෙයක් අහන්න.

:       282       306

RaveendraFriday, 31 January 2020 12:51 PM

මම නම් උස මිටි පිළිබඳව මහාචර්ය උපාධිය ලඟදි තමයි ලබාගත්තේ... ඒ නිසා උස මිටි ගැන කිසිදෙයක් අසන්නේ නැතිව වෙන ඕනෑම දෙයක් ඇහුවට කමක් නැහැ. විශේෂයෙන් නිදන් වදුල, පිළිබඳව ඇහුවට නම් කමක් නැහැ..

:       410       329

wimal Friday, 31 January 2020 12:08 PM

රඟපෑම්වලට හසු නොවනු අපේ රටේ ඉන්නේ දැන් බුද්ධිමත් ජනතාවයි.

:       103       149

අතුල Friday, 31 January 2020 12:25 PM

මොකද විපක්ෂ නායකතුමාට වෙලා තියෙන්නේ? රටේ ජනගහනය මිලියන 21.44. චීන කාන්තාවකට කොරෝනා වෛරසය වැළඳුණා කිව්වා. ඇයත් ‍රෝහලින් බැහැරව ගියා. චීන ජනගහනය මිලියන 130.8 යි. අද වෙනකොට 9929 කට ආසාදනය වී, 213ක් මියගොස් තිබෙනවා. ලංකාවේ කිසිම ආසාදිතයෙක් නොමැතිව, ඇයි විපක්ෂනායකතුමාට වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න බැරි? එතකොට ලංකාවේ ඉන්න මිලියන 21.44 ම "කොරෝනා - කොරෝනා" කිය කිය බඩගින්නේ ඉන්න ඕනෑද? අනිත් මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද? මුලු රටේ සියලුම දේවල් අක්‍රීය කළ යුතුද? විදේශීය සංචාරකයන්ට..? එතකොට පාර්ලිමේන්තුවේ.. කැබිනට් එකේ කතා වෙන්නෙත් කොරෝනා ගැන විතරද? රටේ මිනිස්සුන්ගෙන් 50% කට කොරෝනා වැළඳුණත්, රටේ සියල්ල අකර්මන්‍ය කළ යුතුද? රටේ වාසනාවකට සජිත් ජනාධිපති වුනේ නැත්තේ. රනිල් මැතිතුමා එ.ජා.පෙ.ට ආදරෙයි. එතුමා හරි.... මේ වගේ පොඩි දෙයකින් සැලෙන මිනිහෙක් කොහොමද පක්ෂයක්, රටක් පාලනයක් කරන්නේ?

:       452       677

Chathuri Friday, 31 January 2020 12:54 PM

මේ රෝගය දේශපාලකයින්ට හැදුණොත් සින්ගප්පූරුවෙන් බාරගනීද? මේ රෝගීන් තමන්ගේ රටෙනුත් හංගලයි තියන්නේ. ඉතින් එහෙම වුණොත් මහ රෝහල ලෑස්ති කර තබන්න. දේශපාලුවන්ට යන්න කට්ටියටම නොමිලේ ගුවන් ටිකට් පත් දෙන්න රවුමක් ගහලා එන්න..

:       0       50

chandima Friday, 31 January 2020 01:40 PM

මේක හරියට බූරුවන්ගෙන් පියාඹන හැටි ප්‍රශ්න කරනවා වගේ වැඩක්...

:       291       307

RaveendraFriday, 31 January 2020 04:17 PM

ඔබගේ අදහස් ඉතාම හාස්‍යජනක වුවත් එහි අර්ථය ගැඹුරුය...

:       1       73

Nimala Friday, 31 January 2020 03:43 PM

ඔව් ඉතින් මොනවා ඇහුවත් කියන්න දන්න එකක්යෑ... අඩුම ගානේ සාමාන්‍ය දැනුමට අදාල ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න පුලුවනෑ... සාමාන්‍ය පෙල වත් පාස් වෙලා නැති කොට..

:       1       184

nishaFriday, 31 January 2020 08:55 PM

කරුමේ කියන්නේ මිනීමැරුම්, අල්ලස්, දුෂණ තියෙන ජනපති කෙනෙක් පත් කරගෙන අහක ඉන්න කෙනෙක්ගෙන් පලි ගන්න හදන හැටි.

:       0       0

Bandara Friday, 31 January 2020 06:07 PM

හිනා යනවා කියන දේවල් වලට.

:       0       0

kamal Friday, 31 January 2020 10:49 PM

හපොයි මේක හැදෙන්න ඕනෑ අයට නෙමෙයි හැදෙන්නේ. අපේ කරුමේ තමයි...

:       0       0

Nirul Saturday, 01 February 2020 01:13 AM

විපක්ෂ නායක වෙලා ඔහොම කියනවානම් තව කොහොමද ජනාධිපති වුනොත්.

:       0       0

මුණසිංහ Saturday, 01 February 2020 01:34 AM

ඒ කියන්නේ සජිත් කොරෝනා වෛරසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙයා චීනයට යැවුව නම් හරි. එහේ තමා බරපතල තත්ත්වය තියෙන්නෙ. මෙහෙම කෙනෙක් ජනාධිපති නොකර ඇරියා වගේම අගමැති කමත් නොදී අරින එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ. ඇමති වෙලාත් මෙහෙම තමා වැඩ කරන්න ඇත්තේ.

:       0       0

ජයන්ත මිලානෝ Saturday, 01 February 2020 05:06 AM

ඇත්තටම මේවා නම් මෝඩ චූන් තමයි. මේ සැරෙත් එජාපයට ඇපත් නැතිව යනවා... අර්ථවත් විදිහට කතා නොකළොත් ඉතින් ඉවරම තමයි.

:       0       11

Dom Saturday, 01 February 2020 08:38 AM

දොස්තර සජිත්, බල්ලගේ වැඩෙයි, බලු නැට්ටේ වැඩෙයි දෙකම කරනවා...

:       0       0

Bamunuarachchi Saturday, 01 February 2020 04:15 PM

"ටොයෝටා කොරෝනා" ගැනවත් අහන්න එපාද?

:       0       0

Bamunuarachchi Monday, 03 February 2020 04:02 AM

කොරෝනා චක්‍රවර්ති කෙනෙක් බිහිවෙලා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 272 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site