IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ අය අතර ලාංකිකයෙකුත්

චීනයේ පැතිරෙන කොරෝනා කාණ්ඩයේ වෛරසය සම්බන්ධව වැරදි තොරතුරු සහ මිත්‍යා මත රාශියක් ගෝලීය වශයෙන් සංසරණය වන බව ඒඑෆ්පී පුවත් සේවය පවසයි. චීනයේ මිලියන 11ක ජනතාවක් මියයන බවට අසත්‍ය මත ව්‍යාප්ත කළ බව කියන ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන්ද කරුණු වාර්තා වී තිබේ.

පර්යේෂකයන් පවසන්නේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් මේ සඳහා යොදා ගන්නා බවයි. වුහාන් නගරයෙන් මතුවූ වෛරසය ජනවාරි මස මුලදී ප්‍රසිද්ධියට පත්වූදා සිටම වැරදි තොරතුරු ව්‍යාප්ත වූ බව ඔවුහු පවසති.

නොමග යවන වවුල් සුප් වීඩියෝ, මරණ සංඛ්‍යාව විශාල කර දැක්වීම්, සාවද්‍ය ප්‍රතිකාර ක්‍රම, එන්නත් සහ කුමන්ත්‍රණ සම්බන්ධ තොරතුරු මහජනතාව බිය වද්දවමින් සහ නොමග යවමින් ප්‍රචාරය වන අතර ජාතිවාදය අවුළුවන ප්‍රකාශ ද ඒ අතර ඇති බව ඔවුහු සඳහන් කරති.

මාධ්‍ය අධ්‍යයනය සඳහා වන පොයින්ටර් ආයතනයේ ක්‍රිස්ටිනා ටර්ඩගුයිලා මහත්මිය පවසන්නේ රටවල් 30ක් ආශ්‍රිතව කරුණු පරීක්ෂා කිරීමේදී සංවිධාන 50කට වැඩි සංඛ්‍යාවක් වැරදි තොරතුරු රැල්ලක් ලෙස සමාජ ගතකිරීමට දායක වී ඇති බවයි.

භීතියට සහ ව්‍යාකූලත්වයට හේතුවන වැරදි තොරතුරු විශාල ප්‍රමාණයක් ඒඑෆ්පී මාධ්‍ය ආයතනයේ තොරතුරුවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ කණ්ඩායමට ද සොයාගැනීමට ලැබී තිබේ.

වෛරසයේ මූලාරම්භය ගැනත් ව්‍යාජ පේටන්ට් බලපත්‍රයක් ගැනත් රෝගය සුව කරගන්නේ කෙසේද යන්න ගැනත් බොහෝ වැරදි පුවත් වාර්තා වී ඇත. වෛරසයට එරෙහි එන්නතක් සඳහා 2015දී පේටන්ට් ලබාගෙන ඇති බවට පැතිර ගිය සාවද්‍ය පුවත එයින් එකකි. මෙම බලපත්‍රය කුකුළු මස් වලින් ව්‍යාප්ත වන වෛරසයක් සඳහා ලබාගත්තකි. සේලයින් හෝ ලවණ සහිත ජලයෙන් වෛරසය විනාශ කළ හැකි බවට ද වැරදි මතයක් ප්‍රචාරය වී ඇත.

අන්තර්ජාලයේ විශාල වශයෙන් ව්‍යාප්ත වූ කාන්තාවක් වවුල් සුප් පානය කරන වීඩියෝව වසර 2016දී පැසිෆික් දූපතක් වන පලාවු හි දී චීන සංචාරක බ්ලොග්කරුවකු විසින් රූගත කළ එකක් බව පෙනී ගොස් ඇත. සත්‍ය දැනගත් වහාම එම දර්ශන ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන කිහිපයක් පරීක්ෂා කර යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ.

"බොහෝ දෙනකුට ඔවුන්ගේ මූලික තොරතුරු මූලාශ්‍රය වන්නේ සමාජ මාධ්‍ය ජාලය වන අතර එය විමර්ශනයකින් තොරව පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටය" යනුවෙන් නවසීලන්තයේ වෛද්‍ය සමාජ විද්‍යාඥයෙකු වන රොබට් බර්තෝලමියු පවසයි.

නිරන්තරයෙන් අසත්‍ය තොරතුරු ගලා ඒම නිසා වෛරසය සමග පොරබදිමින් සිටින සෞඛ්‍ය නිලධාරීන්ට එම කාර්යය නිසි පරිදි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද ඔහු පවසයි.

(එඑෆ්පී ඇසුරිණි - 085)



අදහස් (3)

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ අය අතර ලාංකිකයෙකුත්

wedage Thursday, 30 January 2020 11:01 AM

ඇමති කෙනෙක් වෙන්න ඇති...............

:       0       8

කපුරුහාමි Thursday, 30 January 2020 11:06 AM

අපේ උන් ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. සමහර කට වාචාල දේශපාලුවන් කරන්නෙත් ඔය වගේ වැඩනේ..?

:       0       10

Mahee Thursday, 30 January 2020 11:22 AM

යන්තම් ඇති, තව පොඩ්ඩෙන් අපේ සංස්කෘතියට බරපතල හානියක් වෙන්නයි තිබුනේ. ගැලවුම් කාරයෙක් හිටිය වෙලාවට අපිව ලෝක තලයට ගෙනයන්න.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1102 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site