(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම අවශ්‍ය නම් අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගැනෙණු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
ලොකු ලොක්කොයි, උන්ගේ අතකොලුයි හොඳම එකෙන් ගහගෙන, අහිංසක දුප්පත් මිනිස්සුන්ට චීනාගේ ජරාව ගහන්න බලකරන එක හරිද?
හරි එන්නත ගහගන්නම් හැබැයි ඔයා ගහගත්ත එක දෙන්න... චීනෙන් ගෙන්නපු ජරා ගොඩවල් එපා.
එන්නත් ගැනීම අනිවාර්ය කර නීති සැකසීමට නොහැකි විය හැක. එම නිසා රටේ ඕනෑම සංවෘත තැනකට ඇතුල් වීමේදී, රාජකාරි කරන තැනට පැමිණීමේදී, පොදු වාහන භාවිතයේදී එන්නත් ලබා සිටීම අනිවාර්ය කළ හැක. නොමැති අයට එවා තහනම් විය යුතුය . එයයි කළ හැක්කේ.
එන්නත පිළිබඳ විවිධ අදහස් මතිමතාන්තර තිබෙනවා.මේ කියන ඒවා පොහොට්ටුවාදීන් කිසිදු තැකීමක් නොකර පිළිගත්තද,රටේ බුද්ධිමත් ජනතාව එසේ පිළිගන්නා එකක් නැහැ. එන්නත් කරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා හිතවතුනට ෆයිසර් ගැසූ බවට විශ්වාස කටයුතු ආරංචි පැතිර ගියා.ඒ දෙය නාමල් බේබි සනාථ කළේ හම්බන්තොට තමන්ගේ හිතවතුනට ෆයිසර් එන්නත ලබා දීමෙන්.තවද,ලෝකයේ ඉහළම පිළිගැනීම ඇති ෆයිසර් මිලදී නොගෙන,ඊට අඩු පිළිගැනීමක් ඇති චීන එන්නත් ගෙන ඒම හා ඒහා සම්බන්ධ කොමිස් ගනුදෙනුව පිළිබඳ පැතිර ගිය පුවත ආදී දේ අධිකරණයට ඉදිරිපත් වූවිට,වැඩේ හිතාන ඉන්නා තරම් ලේසි පහසු කාර්යයක් වන්නේ නැහැ.එසේ වුවහොත්,ඒ තත්වය රජයට දේශපාලන වශයෙන් අවාසි ලෙස බලපාවි.
එහෙම නීති ගේන්න බැහැ... ගෙනත් බලන්නකෝ මොකද වෙන්නේ කියලා... ඕක බලෙන් කරන්න බැහැ. එහෙම බලකරන්න ආවොත් ඒවට ලෝක සම්මුතීන් කියලා දේවලුත් තියෙන එක මතක තියා ගන්න... මිනිස්සු සේරම පොහොට්ටුවේ අයනේ.. රටේ මොලේ තියෙන තව කෝටි 1 1/2ක් ඉන්නවා..
මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මොකටද බලහත්කාරයෙන් ඉන්ජෙක්සන් දෙන්නේ
රජයක් නීති පැනවීම මගින් බලහත්කාරයෙන් කිසිදු පුද්ගලයෙකුගේ ශරීරයට එන්නතක් ඇතුළු කිරීමට හැකිද යන්න සොයා බැලිය යුතුයි .
කිසිම දෙයක් බලහත්කාරයෙන් කරලා සාර්ථක වුනේ නැහැ.
මොකටද බලෙන් ගහන්නේ.?
දේශීය වෙදකම අනුව කොවිඩ් රෝගීන් සුවකරන බව දැන්ගන්න ඇත. එම වෙද මහත්වරු තමන්ගේ සිරුරු බෙහෙත් මාපියාවේ රසායනාගාර කිරීමට විරුද්ධව සිටී. කොමිස් කුට්ටි තරකර ගැනීමට එන්නත අනිවාර්ය කිරීම එන්නතට අකමැති අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම දේශීය වෙදකම විනාශය කිරීමකි.
නීති අනිවාර්ය කරන්න ඉස්සෙල්ල පැහැදිලි කලානම් ඇයි එන්නත්කරණයට පෙර මිනිස්සුන්ගෙන් අත්සන් ගන්නේ. එය බලකිරීමක් නොවේද? මෙය මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ආකාරයට උල්ලංඝනය කිරීමක්.
ගහන්න බල කරන්න බෑ. එහෙම නීති ගේන මානව හිමිකම් උල්ලංගනයක්. මාස හයෙන් හයට බූස්ටර්, ගහනොකට හොඳ කොමිස් කනවා ඇති.
එන්නත් ලබා දුන්නත් කොරෝනා ව්‍යාප්ත වෙනවා... එන්නත නිසා කොරෝනා හැදෙන් නැත්තේ නෑ. ඒත් හැදෙනවා. එන්නත ලබාගන්න අයගේ ජීවිත අවදානම අඩුවෙනවා කියලා විතරයි සාක්ෂි තියෙන්නේ. එන්නත ලබා නොගත්ත අයගෙන් එන්නත් ලබාගත්තු අයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ. මොකද එන්නත ලබා ගත්තත් කොරෝනා හැදෙනවා. නිවැරැදි සෞඛ්‍ය නීති පිළිපදින එකයි අනිවාර්ය කරන්න ඕනෑ. එහෙම නැතුව එන්නත නොවෙයි. ඔච්චර එන්නත විශ්වාස නම් මොනවටද මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න අර ගන්නේ... එන්නත නිසා මොනවා හරි වුණත් නීතිය ඉස්සරහ සරණක් නෑ. බලෙන් එන්නත් කිරීමට උත්සාහ කිරීම සම්පූර්ණයෙන් වැරැදියි. ඒක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්... කොරෝනා එන්නත ලබා නොගත්තු අයගෙන් එන්නත් ගත්තු අයට බෝ වෙන නියමයක් කොහේවත් නෑ. කොරෝනා එන්නත ලබාගෙන තිබුණත් හැදෙනවා නම්... ඒ අයගෙන් අනිත් අයට බෝ වෙනවා නම් මොකක් ද එන්නත අනිවාර්ය කිරීමේ සාධාරණත්වය? එන්නත අරගෙන දෙමව්පියන්ට, දරුවන්ට ප්‍රශ්නයක් වුනොත් ඒ දේවල්වලට පිහිට වෙන්නේ කව්ද? එහෙම දේවල් වුනොත් ඊට පස්සේ කතා කරලා වැඩක් තියෙනවද?