IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ඇමෙරිකාවට - පළමු රෝගියා මියයයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති.
 
මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ.

මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි කාන්තාවකි.

කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මිය යාමට ඉඩ ඇති නමුත්, ඇමෙරිකානු ජාතිකයන් බහුතරය බිය නොවිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
 
නිව්යෝක් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන් ස‍ඳහන් කළේ, නිල වශයෙන් තහවුරු කර නොගත් ආසාදිතයන් ගණනක් මේවනවිටත් සිටින බවය.
 
වොෂින්ටන් නගරවාසීන්ගෙන් 150දෙනෙකු ආසාදිතයන් බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත් අනාවරණය කළේය.
 
පසුගිය සතියක කාලය තිස්සේ ඇමෙරිකානු බලධාරීන් වයිසරය ව්‍යාප්ත වන බවට දිගින් දිගටම අනතුරු අඟවා තිබූ නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටියේ, වයිසරය ඇති රටවල සිට පැමිණෙන පිරිස නිවාරණ ක්‍රියාපටිපාටියකට යොමුකර අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් කලබල නොවන ලෙසය.
 
වොෂින්ටන්හි පිහිටි තාක්ෂණික විද්‍යායතනය අද සහ හෙට යන දෙදින තුළ  වසා දැමීමටත් සෞඛ්‍ය පියවර ගැනීමටත් පාලනාධිකාරිය කටයුතු කර ඇත.
 
වයිරසයෙන් මිය ගිය ගණන මේ වනවිට 3041 දක්වා ඉහළ ගොස් ඇති අතර, 88,443ක් ආසාදිත තත්වයේ පසුවෙති.
  
(සීඑන්එන් ඇසුරිනි)

16844



අදහස් (3)

කොරෝනා ඇමෙරිකාවට - පළමු රෝගියා මියයයි

Liya Monday, 02 March 2020 04:20 AM

නිවාරණ වැඩේ සාර්ථක නැහැ. ලංකාවටත් ලගදීම අනිවාර්යයෙන්ම එනවා. කවුරු වූනත් කමක් නැහැ කොරෝනා තියන රට වලින් නිවාඩු වලට ලංකාවට එන එක වහාම නවත්වන්න.

:       81       623

almeida Monday, 02 March 2020 05:55 AM

1 නොවේ දැන් 2....

:       0       21

kamal Monday, 02 March 2020 06:58 AM

ඇමරිකාවේ කොහෙද සෞඛ්‍යය සේවයක් තියෙන්නේ ? මෙහෙට එව්වානම් හොඳ කරලා යවන්න තිබුනා. පව්...... නිවන් සුව අත්වේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site