IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොරෝනා ආසාදිත වු සේවකයා බෝඩිමෙන් පැන යයි

(ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කොරෝනා ආසාදිත තරුණයකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.

මාතලාන සිය බෝඩිම තුළ තාවකාලිකව නවතා සිටියදී ඔහු එසේ පැන ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක්  පැවසීය.

පැන ගොස් ඇති සේවකයා මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කහපත්වල මල්දෙනිය ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවකු බවද එම ප්‍රකාශකයා කීය.

මොහුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යන තෙක් මාතලාන ප්‍රදේශයේ සිය බෝඩිම තුල රැඳී සිටින ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් දී තිබියදී  එසේ පැන ගොස් ඇති බවට හෙළි වූ බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

මොහු නැවතී සිටි බෝඩිම තුල සිටි තවත් අයකුට ද කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවද  එම ප්‍රකාශකයා කීය.

 



අදහස් (0)

කොරෝනා ආසාදිත වු සේවකයා බෝඩිමෙන් පැන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site