IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත දේහයේ අවසන් කටයුතු පෙර චක්‍රලේඛ අනුවම

 

(සිරංගිකා ලොකුකරවිට) 

කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් - 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය 19 වනදා සිදුවූ මෙම මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සැළකිල්ලට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම සිරුර ආදාහනය කිරීමට පසුගිය 20 වනදා නියෝග කළේය.

මේ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ පුතකු දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ආදාහනය කිරීමට විරෝධය දක්වා භූමදාන කරන්නේනම් පමණක් දේහය භාරගැනීමට කටයුතු කරන බව දන්වා තිබිණි.

නමුත් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිසිය පසු දා (21) මියගිය පුද්ගලයාගේ ඥාතීන් සමඟ ගොස් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මෙම පැමිණිල්ල මෙහෙයවා තිබිණි.

පොලිසිය හා ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබිණි.

ඒ අනුව පොලිසිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටීම හේතුවෙන් එයට පිළිතුරු වශයෙන් ඉහත ලිපිය යොමුකර තිබිණි. (ඇමිණුම - 1)

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ දී මියගිය තැනැත්තාගේ ඥාතීන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත නිකුත් කළ ලිපියක් ද ඉදිරිපත් කර තිබිණි. එම ලිපියේ දක්වා තිබුණෙ අලි සබ්රි අමාත්‍යවරයා යෝජනා කළ පරිදි මළ සිරුරු බහාලීම සඳහා ශීතාගාර කන්ටේනර ලබාදීම සිදුකරන ලෙසයි. (ඇමිණුම - 2)

මේ පිළිබඳ 2020 දෙසැම්බර් 22 වැනි දින ජාතික රෝහල් නියෝජ්‍ය අධයක්ෂවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂවරුන්ට සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට, රෝහල් අධිකාරීවරුන්ට හා සියළුම අධිකරණ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කිරීමක් ද යවා ඇත. (ඇමිණුම - 3)

එහි දක්වා ඇත්තේ එම ලිපිය රජයේ අමාත්‍යවරයකු වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමඟ කරන ලද වෙනත් සාකච්ඡාවක දී පැන නගින ලද කරුණු සම්බන්ධයෙන් යවන ලද්දක් බවයි. එම ලිපිය කිසිසේත්ම මීට පෙර නිකුත් කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ චක්‍රලේඛ හා 2020 අප්‍රේල් 11 වැනි දින නිකුත් කරන ලද අංක 2170/8 දරණ ගැසට් පත්‍රයේ උපදෙස්වලට අමතරව නිකුත් කරන ලද ලිපියක් නොවන බවයි. ඒ අනුව වලංගු වන්නේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ. 

 



අදහස් (8)

කොරෝනා ආසාදිත දේහයේ අවසන් කටයුතු පෙර චක්‍රලේඛ අනුවම

වීරවිජේ Wednesday, 23 December 2020 10:32 AM

භූමදානය කලාම ස්වර්ගයට යනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න. එතකොට හරිනෙ... අධිකරණයත් පිලිගනියි. මිනිස්සුත් පිලිගනියි.

:       3       4

Darmasiri Wednesday, 23 December 2020 11:03 AM

මැරිච්ච මිනිහෙක් බදාගෙන වැළලෙන්න හදනවා මෙ රටෙ ආණ්ඩුවයි, අධිකරණයයි, පොලිසියයි, උසාවියයි... මොන විකාරයක්ද මෙ?

:       18       15

DarshanaThursday, 24 December 2020 02:09 AM

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ තීරණය නිවැරදියි. කුමක් හෝ හේතුවක් නිසාවෙනි මේ වගේ තීරණයක් අරගෙන ඇත්තේ... ඒක තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්න එකයි ගැටලුව....

:       0       0

Ashan Wednesday, 23 December 2020 11:42 AM

අපි හරිම පහත් මට්ටමකයි ඉන්නේ. වයිරසයක් දවස් ගානක් පොලොව යට පවතින්නේ නැහැ... මේ බව අනිත් රටවල් සියල්ල පිලිගත්තත් ලංකාවේ පිලි නොගන්නේ වෙනත් හේතුවක් නිසා බව පැහැදිලියි.

:       35       65

Wasantha jayasingha Wednesday, 23 December 2020 08:30 PM

එක රටක්, එක නීතියක්... ආගම් ඇදහිය හැකි වුණත් මේ වෙලාවේ නීතියට මුස්ලිම් අය ගරු කළ යුතුයි. මෙය පුද්ගලික ප්‍රශ්නයක් නොවේ..

:       0       0

janahitha Thursday, 24 December 2020 03:52 AM

කරුණාකර ඔබගේ නිගමනයන් සදහා වන නිර්ණායක වෛද්‍ය සභාවට ඉදිරිපත් කරන්න සලකා බලාවි. එය ඔවුන්ගේ වගකීමකි. තව මළසිරුරු පුලුස්සා දැමීමෙන් වන විපාකද ඉදිරිපත් කරන්න එය සුදුසු නොවන්නේ ඇයි ද කියා කරුණු ඉදිරිපත් කරන්න හින්දු නොවන බොදු කතෝලික, මුස්ලිම් සියලු දෙනා විසින් .... අපගේ හැගීම නම් සත්‍යයට වඩා මිනිසා තම විශ්වාසයන් තහවුරු කිරීම හැර වෙනත් කිසිවෙක් එහි ගැබ්වී නැත.

:       0       0

janaka Thursday, 24 December 2020 03:57 AM

මෙතන අදහස් දක්වන අය දැනගත යුතු ප්‍රධාන කාරණාව තමයි මේ රටේ වසංගත රෝග නිවාරනය සම්බන්ධ නිති රීති මාලාවක් තිබෙනවා. රටේ ජනතාවගේ සහ සියලුම සතුන්ගේ ජීවිතවල යහ පැවැත්ම උදෙසා එම නිති රීති සහ උපදෙස් පනවලා තිබෙන්නෙ නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න සහ පිලිපදින්නයි. එය මේ රටේ පලමු පුරවැසියාගේ සිට ඉතාම කුඩා බිලිදා දක්වා පොදුයි. මේ රට හෙල දේශයයි. මේ රටේ නිති රීති වලට අනුකුලව ජීවත් වෙන්න බෑරි එවුන් ඉන්නවා නම් මේ රට විනාශ කරන්නෙ නැතිව පිටවෙලා යන්න.

:       1       4

ගාමිනී Thursday, 24 December 2020 05:50 PM

මේක හිතාගන්ඩ බැරි වයිරසයක්... ජීවත්වෙන අයට හානියක්නොවී වයිරසය විනාස කලහැකි හොදම ක්‍රමය පුච්චන එක නම් ඒකට ආගම අදාල නැ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28738 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18206 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11186 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 687 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site