(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාදිත බොරැල්ල මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයකු නිවැසියන්ට ද නොදන්වා නිවසින් පිටවී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉකුත් 26 වෙනි දින සිදුකරන ලද පි සි ආර් පරීක්ෂණයකදී එම පුද්ගලයා කොරොනා වයිරසය ආසාදිත වූ බවට තහවුරු වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීයයි.
බොරැල්ල පොලිසියේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊයේ 28 එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට ද නොදන්වා ඉකුත් 27 වැනි දින නිවසින් පිටවී ගොස් ඇති බවට නිවැසියන් දන්වා ඇත.
එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ගේ 0718591587 හෝ බොරැල්ල පොලිසිය ස්ථානයේ 0112694019 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හරක්... රටටම බෝකරන්න යනවා.
මන්ද මානසික මනුස්සයෙක් වෙන්න ඇති....