කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1021 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

 

 

 


ශ්‍රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව අද(19) දිනය වනවිට ආසාදිතයන් 1020 ක් දක්වා එම ගණන ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගැනිනි. මෙම රෝගීන් 28 දෙනා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් පිරිසකි.

එසේම, කොරෝනා ආසාදිතයෝ 442නෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ආසාදිත පුද්ගලයන් 569දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, අද දිනයේදී 10දෙනෙකු සුවය ලැබූ බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.