




( ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වීමෙන් සහ සහ ඔවුන් නගරයේ සැරිසැරීම නිසා ඇතිව තිබෙන දැඩි අවදානම් තත්වය පිළිබඳව ජනතාව දැනුවත්කිරීම සඳහා අද(06) නිකවැරටිය "පැහැසර " පරිසර සංවිධානය විසින් අඬබෙරයක් ගසමින් නගරයේ ගමන් ගන්නා ලදී.
මෙහිදී මුබ ආවරණ නොමැතිව මුහුනේ ලේන්සු ගැටගසා ගෙන සිටි පිරිස් වෙත මුඛ ආවරණ ලබා දීමද , පවතින අවදානම පිළිබඳව අත් පත්‍රිකා බෙදා දීමද සිදු කෙරිණි.
රට පුරාම ජනතාව මුහුණ දෙමින් සිටින භයානක කොරෝනා වයිරස වසංගත තත්වයෙන් රට මුදා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතා කරන ලෙසද ,නිකරුනේ නගරයට පැමිණීමෙන් වැලකී කොරෝනා මර්දන මෙහෙයුමට සහය දක්වන ලෙසද පැහැසර පරිසර සංවිධානය ජනතාවට දැනුම් දුන්නේය.
නිකවැරටිය නගර සීමාව ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි .
COMMENTS
කවුද අර අනුන්ට මුඛ ආවරණ පළඳන මනුස්සයා?
පොලිසියෙන් නීති කැඩූ අය දණ ගස්වුවිට ඉන්දියාව කොපි කාලයයි... කියූ රජය මෙවැනි මෝඩ ඉන්දියානු දෙයක් කල පසු ගන්නා ක්‍රියා කුමක් විය යුතුද ? අප රට ජනතාව ඉන්දීය ජනය සේ මෝඩ නැත . උගතුන් පවා අනුනුන් කොපි කල විට කුමන කතාද?