IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කරන්නාගොඩගේ පරීක්ෂණ අවසන් බව නීතිපතිගෙන් දැනුම් දීමක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ ළමයින් 11 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ලැබුණු ව්‍යාජ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ පෙත්සම අද කැඳවු අවස්ථාවේදීය.

එම විමර්ශන කටයුතු අවසන් හෙයින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බව අධිකරණයට දන්වා සිටියේය.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප‍්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.
 



අදහස් (0)

කරන්නාගොඩගේ පරීක්ෂණ අවසන් බව නීතිපතිගෙන් දැනුම් දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site