
(ලක්ෂ්මී ජයකොඩි)
මුලතිව් කුරුන්තූරු මලෙයි පුරාවිද්‍යා කැනීම් වලින් හමුවී ඇත්තේ අෂ්ට තාරා ශිවලිංගයක් බව ඉතිහාසඥ ආචාර්ය එන්.කේ.එස්. තිරුච්චෙල්වම් මහතා පවසයි.
මේ අතර ආචාර්ය උදයශීලන් මහතා පවසන්නේ එය අෂ්ට තාරා ශිවලිංගයක් බවත් එම ශිවලිංගය හා නටබුන් පල්ලව යුගයේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වලට සමාන බවත්ය.
මෙම ශීවලිංගයට සමාන ශිවලිංගයන් තමිල්නාඩුවේ කුම්බගෝනම්හි කූන්තූර් මුරුගන් කෝවිලේ දක්නට ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.
කූන්තුර් කෝවිලේ නම කුරුන්තූරු මලෙයි ප්‍රදේශයේ නම් පවා සමානකමක් දක්වන බවද උදයශීලන් මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ කැනීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් වී නොමැති අතර මෙම කැනීම් කටයුතු වල බාර පුරා විද්‍යා නිළධාරීන් පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කුරුන්තූරු මලෙයි භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් වලින් මේ වනවිට අනුරාධපුර යුගයේ සහ දෙවන සියවස් වලට අයත් ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යුපගල) මතු කරගෙන ඇති බවයි.
මෙම පුරාවිද්‍යා භූමියේ පුරාතන ආදිශිවන් කෝවිලක් තිබුණු බවත් හින්දු බැතිමතුන් එම භූමියේ අඛණ්ඩ පුදපුජා පවත්වන බවත් පවසමින් එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කිරීමට දෙමළ දේශපාලඥයින් හා විවිධ පාර්ශව බාධා කළ අතර දෙමළ ජාතික සන්ධානය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් තවමත් අවසන් වී නොමැත.
COMMENTS
මේක නම් ශිවලිංගයක් වගේ තමයි.
මේවා හිනා යන කතා. ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයින්ගේ අන්තවාදී අදහස් පිළිගෙන වගෙයි මේ ද්‍රවිඩ උගතාත් හැසිරෙන්නේ. දාර කුමකටද? ඒ දෙයම ඇති නේද? මේ ඊනියා මතය බිඳින්න. කරුණාකර ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන් හා ඊනියා උගතුන් අපට මතක ඇති කාලයේ සිංහල, දෙමළ මිනිසුන් සිටි සාමකාමී පරිසරය බිඳ දැමුවා. තව දුරටත්, මේ භේදය වැඩිකරන්න එපා. පුරාවිද්‍යා සාක්ෂි අනුව එය දෙමළ උරුමයක් යැයි ඔප්පු වුවහොත්, අප එයට ගරුකොට ඒවාද රැකගනිමු. අපද, සත්‍යයට හිස නැමීම කරන්නෙමු. ඇතැම් ද්‍රවිඩ උගතුන් හා දේශපාලකයන් මෙන් අප අන්තවාදීන් නොවෙමු...
මේ අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයන් හා ඊනියා උගතුන් ජාතීන් භේද කරවීමට උප්පරවැට්ටි යෙදුවාට, මේ ජාතීන් සහජීවනයෙන් එකට ආගම් අදටත් අදහනවා ඔවුන්ට නොපෙනෙන හැටි... කතරගම දෙවියන් හා දේවාලය මෙයට කදිම නිදසුනකි. එක් පසෙක පන්සලය. ඊට යාබද දේවාලයන්ය. කතරගම දෙවියන්, ගනේෂ දෙවියන්, සරස්වතී දේවිය, ලක්ෂ්මී දේවිය බෞද්ධයින් වන්දනා කරනා දෙවිවරුන්ය. ජාති හා ආගම් බේදය වපුරා තම පුහු පාණ්ඩිත්වය පෙන්වීමට ඇතැම් අය වෙහෙසක් ගත්තද, එය වැළකී ගියේය. දෙවියන් පිළිගැනීම හෝ නොගැනීම තම පෞද්ගලික මතයක් බැවින්, එය තම කැමැත්ත අනුව සිදුවිය යුතු වුවද, ආගමික සහජීවනය ඇතිවී තිබීම ඇතැම් ද්‍රවිඩ දේශපාලකයන් නුරුස්නා දේවල් බව පෙනේ. එවැනි ආගමික සහජීවනයට තවත් සාක්ෂියක් වන්නේ දෙවුන්දර දේවාලයේ ඇති ශිවලිංගය හා අනෙකුත් හින්දු දේවල්ය. සිංහල මිනිසුන් ඒවා කඩා බිඳ දැමුවේ නැත. ඒ ආගමික සහජීවනය නිසාවෙනි. මෙය ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයන් විසින් දැනගත යුතුය. අපද මේ අන්තවාදීන්ගේ රැල්ලෙන් දෙමළ ජනතාව මුදාගෙන ඔවුන් අපේම අය සේ රැකගත යුතුයි. මේ අන්තවාදීන්ගේ බලය විඳිය හැකිවනුයේ එසේ කළහොත්, පමණයි.
එළකිරි..., සිංහල, දෙමළ අන්තවාදීන් දෙගොල්ලන්ටම දැන් අලුත් කටඋත්තර හදාගෙන එයි.
දෙමළ මිනිස්සු කවදාද ගල්වලින් පිළිම නෙළුවේ?, වැව් හැදුවේ? සිවලිංගයක්ද? නැතිනම් ඒ කාලේ ඔතන වැඩකළ මිනිස්සු දාලාගිය මිරිස් අඹරන ගලක්ද?
ඕක ඉක්මණට වහන්න. තව හාරන්න හාරන්න ඇපත් නැති වෙනවා.
කෑවා නේද වැඩේ..? අපි හිතුවේ බෞද්ධ සිද්ධස්ථානයක් මතුවෙයි කියලා. දැන් ඕක සද්ද නැතිව බුල්ඩෝසර් කරලා දාන්න. කුරුණෑගල නගරාධිපතිතුමාට කිව්වොත් වැඩේ හොඳට දන්න කෙනෙක් හොයලා දෙයි.
විවිධ කාල වකවානුවල ආක්‍රමණ විදිහට දකුණු ඉන්දියාවෙන් ආපු අයගෙන් පැවත එන අය ලංකාව තමුන්ගේ නිජබිම කියන එක හොඳම විහිළුවක්...!
දැන් පරීක්ෂා කරන්න ඕනේ ඔතන ඉස්සෙල්ලා මොකක්ද තිබ්බේ කියලා...
යූප ගල දන්නේ නැති බෞද්ධයින්.. අභයගිරිය පැත්තේ ගිය අය නම් දන්නවා ඇති පුරාණ වෙහෙර වලින් හම්බ වුණු යූප ගල් හැම තැනම තියෙනවා. මේවා අපිට හොඳ පාඩම්.., ඉතිහාසය කන්නද අහපු අය ඉන්න රටේ මේ වගේ අදහස් අහන්න දකින්න ලැබෙන එක පුදුමයක් නෙවෙයි.
කොට්ටෝරුවා කොටාගෙන කොටාගෙන යද්දී දවසක හොට පැටළෙනවා කියනවනේ...?