( රේඛා තරංගනී ෆොන්සේකා)
 
කරදියාන කුණු කන්දට මිශ්‍ර සහ අවශේෂ කසළ බැහැර කිරීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අද (01 ) සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසළ බාර ගැනීමට පියවර ගත්බව  අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ  අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.
 
පළාත් පාලන ආයතන හතකට  ක්‍රියාත්මකවන පරිදි මෙම තහනම පනවා තිබිණි.
 
පළාත් පාලන බල ප්‍රදේශ 7 ක ජීවත්වන මිලියනයක පමණ ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කළ නොහැකි බව ඔහු පැවසීය.
 
ඒ අනුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ  අධිකාරි සභාපතිවරයා වන චමිල හේරත් මහතාගේ උපදෙස් මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරන බව සඳහන් කළ ඒ මහතා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කරන බවද පැවසීය