(අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22) උපදෙස් දුන්නේය.
පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.
විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුම්වත් බවින් යුතුව අදහස් දැක්වීම කළ යුතු බවද විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.
COMMENTS
රන්ජන් තවම පාඩමක් ඉගෙන ගෙන නැහැ. අධිකරණය මෙයාගේ කනෙන් අල්ලලා ඇතුලට දාපු දාට තමයි ඔය කට වැහෙන්නේ.
ගොඩක් රටවල මේක නීතියක්. ඒ වගේම වැරදි අදහස් ප්‍රකාශ කරන අයට විරුද්දව නීතියෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඒකට අපේ දේශපාලකයන් අග විනිසුරුටත් එහා දේවල් දන්නවා වගේ කතා කරන්නේ. විශේෂයෙන් නිතිය ගැන දන්නා අය වුනත් විභාග වන නඩු සම්බන්දයෙන් කිසිම මතයක් ප්‍රකාශ නොකළ යුතය. නමුත් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වලට එසේ කිරීමෙන් මහජනයා අතර වැරදි අවබෝධ ඇති කරනවා.
අනේ මේ ලෝකේ කරන්නම බැරි වැඩේනේ ඔය තමුන්නාන්සේ ගෝලයන්ට කියන්නේ. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ නොවැ ආයිබොවන්. අනික් කටවල් කොහොමවත් වහන්න බෑ නොවැ.
මෙන්න නායකයෝ මිරිස් වතුර ගහහන්න..... ඔක්කොම ප්ලෑන් කරලා බබා වගේ හිටියේ නැනේ .