IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු විමසයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් දුන් තොරතුරු පරස්පර බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසූ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වෙයි.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරණ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ස්විට්සර්ලන්තයේ බර්න් නුවරට පැමිණි අවස්ථාවේදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් පැච්කාල් බේරිස්විල් මහත්මිය විසින් පිළිගනු ලැබු බවද එහිදී ඇය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නිවේදනයට තානාපතිවරයාගේ අවධානය යොමු කරවමින් එහි සඳහන් වන අන්දමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් දුන් පරස්පර තොරතුරු මොනවාදැයි ඔහුගෙන් ප්‍රශ්න කළ බවද ස්විට්සර්ලන්ත ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වේ.

තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ සිද්ධිය සම්බ්නධයෙන් කෙරෙන විමර්ශනවලට ස්විට්සර්ලන්ත රජය පුර්ණ සහයෝගය දෙන බවත් නියමිත නීත්‍යානුකුල ක්‍රියාවලිය මගින් මෙම සිදුවීම සමථයකට පත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් පැස්කාල් බේරිස්විල් මහත්මිය එහිදී සඳහන් කර ඇත.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තවමත් ඇගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය (විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව) රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත් බවත් සිදුවීම සම්බන්දයෙන් ඉක්මන් සහ පූර්ණ පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එහි දැක්වේ.

අදාළ නීත්‍යානුකුල ක්‍රියාමාර්ග මගින් මෙම සිදුවීම සමථයකට පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය දෙන බවද පැස්කාල් බේරිස්විල් මහත්මිය තානාපතිවරයාට දැනුම් දී තිබේ.

තානාපති නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇගෙන් ප්‍රශ්න කළ නොහැකි බවත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය සියල්ලට වඩා ප්‍රමුඛ බවත් සඳහන් කර ඇති ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා බලධාරීන් කරන විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට ස්විට්සර්ලන්තයට කිසිදු වුවමනාවක් නැති බවද සඳහන් කර ඇත.

එමෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම් දැඩි ලෙස සැලකිල්ලට ගන්නා බවද පැස්කාල් බේරිස්විල් මහත්මිය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර විශ්වාසය ගොඩනැගීම සඳහා පියවර ගැනීමට ස්විට්සර්ලන්තය සූදානම් බවද පැස්කාල් බේරිස්විල් මහත්මිය තානාපති කරුණාසේන හෙට්ට්ආරච්චි මහතාට තවදුරටත් සහතික වී තිබේ.

055

 



අදහස් (12)

කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු විමසයි

Thiwa Tuesday, 03 December 2019 04:16 PM

ගාලියා ප්‍රැන්සිස් මහත්මියගේ කටට පිස්තෝලයක් ඔබන අවස්තාවේ එතන හිටපු අයගෙන් වහාම ප්‍රශ්න කල යුතුයි

:       1       36

suranimalaWednesday, 04 December 2019 11:37 AM

එහෙම කලානම් අද ශ්‍රී ලංකාවට තෙල් එන්නේ නැහැ.පිටි නැහැ.බෙහෙත් නැහැ.මුකුත් නැහැ.

:       2       1

chandana Tuesday, 03 December 2019 05:14 PM

මෙයාගෙන් ඇහුවොත් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දේවි. මතකනේ මෙහෙදී වැඩ කරපු හැටි.

:       1       26

හරේන්ද්‍ර Tuesday, 03 December 2019 06:02 PM

ඔය ඉල්ලන් කන්න තමයි හදන්නේ. අනිවාර්යෙන්ම. අපේ අයගේ මෝඩ වැඩක් නිසා මහා ප්‍රශ්නයකට ඇදී ගෙන යනවා. ඒ අයට මේ හිඟන දුප්පත් අපිව අවශ්‍ය නැහැ. ඒවගේමයි මේ ප්‍රශ්නය අතහරින්නෙත් නැහැ. ලෝකයේ ප්‍රභල රටවල් ඔක්කොම ඒ අය හා එක්වෙනවා. නමුත් අපි වගේ දුප්පත් අයට ඒ බලවත් ධනවත් දියුණු රටවල සහය අනිවාර්යෙන්ම අවශ්‍යයි. එහෙම නොවෙයි කියන කෙනෙක් ඉන්නවානම් මිනිහා සමහරවිට අංගොඩින් වැරදි බෙහෙත් ගත්ත ලෙඩෙක් විය හැක.

:       111       135

dilanThursday, 05 December 2019 02:52 PM

ඔයාට කියන්නේ මහත්තයෝ "පරගැති මානසිකත්වය" කියලා. කොටින්ම අපිට වැඩියෙන් ආර්ථික අගාධයේ ඉන්න ඉන්දියාව, නේපාලය, බංගලාදේශය පවා තමන්ගේ ජාතික අභිමානය රැකගන්න ඔයාකියන කාරණා වලින් වලින් ඔබ්බට ගිහින් කටයුතු කරනවා. ලෝකේ කිසිම ජාතියක් ආර්ථික වශයෙන් උස්-පහත් වුණාට වෙනත් ජාතියක අතකොලු වියයුතු නැහැ..

:       1       2

ලලිත්Friday, 06 December 2019 05:22 AM

හරේන්ද්‍ර, ඔයා වාගේ හීන මානයෙන් පෙලෙන අය ඔය බලවත් ධනවත් කියන රටවල් වලට වැඳගෙන හිටියට අපේ රටේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න ඒ රටවල් වලට ඒ තරම් ලේසියෙන් බෑ. අනෙක් එක මතක තියාගන්න ඔය කියන රටවල් ධනවත් වෙලා තියෙන්නේ අපේ වගේ රටවල් වල සම්පත් සූරකාලා බව.

:       19       1

maheshika Tuesday, 03 December 2019 09:21 PM

මොනවා කරන්නත් හංගගෙන ඉන්න කෙනාව එළියට දාන්න. බහුබූතනේ කියන්නේ. සහයෝගය දෙනවා කිය කියා කරන්නේ හාත්පසින්ම විරුද්ධ දෙයක්නේ. ලංකාවේ ඉන්නේ මෝඩ රැළක් කියලද හිතාගෙන ඉන්නේ?

:       53       108

ramithWednesday, 04 December 2019 11:34 AM

ඒ අය දන්නවා ලංකාවේ ඉන්න මෝඩ ගෝත්‍රික වහල් රැලක් කියලා. ඒ ගෝත්‍රිකයින් හිතාගෙන ඉන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. ඔය කියන කාන්තාව දන්නවා පොලිසියට ගියොත් සිදුවන්නේ කුමක්ද කියා. කොහොම වුනත් හෙට අනිද්දාම කාටවත් නොදන්වා ඔය පවුලම ලංකාවෙන් පිට කරනවා. ඒ සඳහා අවශ්‍ය ස්විස් පාස්පෝර්ට් දැනටමත් ඒ අය හදලා ඇති. එහාට ගිය ගමන් තමයි ලංකාවට ප්‍රශ්නය ඩබල් වෙන්නේ.

:       1       1

ලලිත්Friday, 06 December 2019 05:25 AM

රාජිතද ඔය විස්තරේ ඔයාට කිවුවේ?

:       1       1

SL Wednesday, 04 December 2019 03:24 AM

මොහු හොර පප්පෙක්.රජතාන්ත්‍රිකයෙක් නෙවි !

:       137       154

tarzan Wednesday, 04 December 2019 03:53 AM

මුළු ලංකාවේම ඉන්න මිනිස්සු ටික ගෝල් ෆේස් එකට ගෙනල්ල පිකෙටින්ග් එකකක් කරමුද යාලු ?

:       143       33

anura Wednesday, 04 December 2019 12:23 PM

සාලාව අවි ගබඩාව පුපුරන්න ඇරලා උඩ බලාගෙන හිටිය මෙයා ස්විස් ප්‍රශ්ණයේදී හරි උත්තරයක් දේවී යැයි බලාපොරොත්තු විය නොහැක. මොහු හරියට රාජකාරිය නොකරනවා නම් වහාම එම තනතුරෙන් පන්නා දැමිය යුතුයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13225 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site