(පුෂ්පකුමාර ජයරත්න)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු එහි උසස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට අපහාස කරන බව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අද (29) කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
නීතිඥ සමන් දිසානායක මහතාගේ මාර්ගයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේෙ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව තමන් එහි විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරමින් බාධා එල්ල කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයකින් සහ තමන්ට එරෙහිව කර ඇති අසත්‍ය පැමිණිල්ලක් හේතුවෙන් රජයේ වගකිවයුතු නිලධාරියෙකු වන තමන්ට අපහාසයක් වී ඇතැයි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මීට අමතරව වඳ සැත්කම් සිද්ධිය හේතුවෙන් අගතියට පත් මවුවරුන් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලන ලද වෛද්‍ය පරීක්ෂණයක් අධිකරණ නියෝගයක් මත අත්හිටුවා තිබියදී, ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාදීම තමන් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදි, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා නැමැත්තා තමන්ට දුරකථන මාර්ගයෙන් තර්ජනය කළ බවද වෛද්‍ය වීරබණ්ඩාර මහතා තම පැමිණිල්ල මගින් කියා ඇත.
මේ සම්බන්ධයෙන් අධිකරණයක නඩු විභාගයක් පවතින අවස්ථාවක අධිකරණයට අපහාස වන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හැසිරෙන බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන්වේ.
මෙම නිලධාරීන්ගේ නීති විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිස් කොමිසමට පැමිණිලි කරන බවද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.
COMMENTS
මුළු ලෝකයම දන්නවා මේ දත් දොස්තරවරයා මේ නඩුවේදී හැසිරුණු ආකාරය... තවත් මොන කතාද?
දැන් සී. අයි. ඩී. එකේ වැරදි හොයන්නෙ කව්ද ? රටම කැඳ හැළියක් වෙලා. හැම තැනකම හොරකම
ආරක්ශක අංශ හෑල්ලුවට ලක්කරන මෙවැනි දොස්තරලා සේවයෙන් පහකරන්න ඕන.
මෙයාව මුල්ලේරියාවට යවන්න.
මේ දොස්තර ජානිපෙට කත්අදින බව පැහැදිලියි. ඔය කියන අම්මලාව පරීක්ෂණයකට යොමුකරලා මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. 4000 ක් 190 ගානකට අඩු වෙලා. දැන් ඒ පාර මැහුම් දැමීම ගැන චෝදනාවක් කරනවා. චෝදනා කරලා විතරක් මදි... ඔප්පු කරන්නත් ඕනෑනේ. අර දොස්තර හාමුදුරුවෝ එයාගේ ජනප්‍රියතාවය සඳහා මේ ප්‍රශ්නය භාවිතා කරනවා. හැමදාම රෑ නිවුස්වලට අම්මලා පෙන්න පෙන්න කෑ ගහපු මාධ්‍ය දැන් නිශ්ශබ්දයි. මොවුන් සේරම මේ රට අවුල් ජාලාවක් කරමින් ඉන්නේ තමන්ගේ බලය ලබා ගැනීම සඳහා. මහජනතාව මීට වඩා බුද්ධිමත්ව කල්පනා කළයුතුමයි.
ලංකාවේ අහින්සක ජනතාවට දෙවියන්ගේ පිහිටයි. වගකීමෙන් කියන්නේ. ලංකාවේ නීතියක් නැහැ. ඩොලර් වලට රියල් වලට නිතිය යට ගැහෙනවා.. කිසිම දෙයක් ගැන හොදයි කියල කියන්න බැහැ. වංචාව, දුෂණය, ප්‍රෝඩාව, හැම තැනම. මෙහෙම වන්න හේතුව කුමක්ද. තේරුම් ගන්න. අපේ නායකයෝ දැන් විදේශීය බලවතුන්ගේ රූකඩ වෙලා....
අපේ රටේ නීතිය උඩු යටිකුරු වෙලා. පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියයුතු අය විත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාද පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අපරාධය ගැන සෙවීම අමතක කරලා වෙන වෙන දේවල් කරනවා. ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවා මිනිසුන් මරා දැමුවාම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියා කිරීම අමතක කරලා සාමය ආරක්ෂා නොකලා කියා පොලීසිය හිරේ දානවා. එතකොට ත්‍රස්තවාදය අමතක වෙනවා. බොම්බ පුපුරවා සිදුවූ විනාශයට හේතු හොයන්න පත්කරපු කොමිසම එහි අරමුණු අමතක කරලා වෙන වෙන දේවල් හොයනවා. (කාර්යාලයට සුදුසු සාරියද වගේ දේවල්). අධිකරණයේ නඩුවක් යන කාලයේ එහි සාක්ෂි කරුවන් කොමිටියට කැදවලා අධිකරණ තීන්දු වලට වක්‍ර බලපෑම් ඇතිකරනවා. ත්‍රස්තවාදීන්ට අතට අත දෙමින් ඔවුන්ව දිරි ගන්වමින් ක්‍රියා කර ඇති අය අත්අඩංගුවට නොගෙන, ත්‍රස්තවාදීන් හා යන්තමින් හෝ ගනුදෙනු කල අයව සොයනව. අනේ මන්දා. රටේ මිනිස්සු විපිලිසරව බලා ඉන්නවා.
දත් දොස්තරද , ඇස් දොස්තරද ප්‍රසව දොස්තරද කියලා වැඩක් නෑ. විමල්ගේ යාලුවෙක්ද සජිත් ගේ යාලුවෙක්ද රාජිත ගේ තරහ කාරයෙක්ද වැඩකුත් නෑ.... මිනිහ කියන ඒවා ඇත්තද බොරුද කියන එක තමා බලන්න ඕනි . පාට කන්නාඩි දාගන්නේ නැතිව බැලුවනම් සිංහල අපිට තව ටික කාලයක් හරි ඉන්න පුළුවන්.