IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකගෙන් සීඅයිඩීයට විරුද්ධව පැමිණිල්ලක්

(පුෂ්පකුමාර ජයරත්න) 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු එහි උසස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට අපහාස කරන බව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අද (29) කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිඥ සමන් දිසානායක මහතාගේ මාර්ගයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ‍ෙ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව තමන් එහි විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරමින් බාධා එල්ල කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයකින් සහ තමන්ට  එරෙහිව කර ඇති අසත්‍ය පැමිණිල්ලක් හේතුවෙන් රජයේ වගකිවයුතු නිලධාරියෙකු වන තමන්ට අපහාසයක් වී ඇතැයි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මීට අමතරව වඳ සැත්කම් සිද්ධිය හේතුවෙන් අගතියට පත් මවුවරුන් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලන ලද වෛද්‍ය පරීක්ෂණයක් අධිකරණ නියෝගයක් මත අත්හිටුවා තිබියදී, ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාදීම තමන් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදි, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා නැමැත්තා තමන්ට දුරකථන මාර්ගයෙන් තර්ජනය කළ බවද වෛද්‍ය වීරබණ්ඩාර මහතා තම පැමිණිල්ල මගින් කියා ඇත. 

මේ සම්බන්ධයෙන් අධිකරණයක නඩු විභාගයක් පවතින අවස්ථාවක අධිකරණයට අපහාස වන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හැසිරෙන බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන්වේ.

මෙම නිලධාරීන්ගේ නීති විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ඉදිරියේදී පොලිස් කොමිසමට පැමිණිලි කරන බවද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.



අදහස් (15)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකගෙන් සීඅයිඩීයට විරුද්ධව පැමිණිල්ලක්

Dr.Krishna Priyan Monday, 29 July 2019 02:15 PM

මුළු ලෝකයම දන්නවා මේ දත් දොස්තරවරයා මේ නඩුවේදී හැසිරුණු ආකාරය... තවත් මොන කතාද?

:       948       756

chinthakaMonday, 29 July 2019 05:42 PM

"හැසිරුණු ආකාරය" කිව්වේ? අර ආණ්ඩුවට ඕන විදියට රුකඩ හැසිරීමක් උනේ නැති එකද? මම හිතන්නේ නැහැ මේ වගේ උගත් දොස්තර මහතෙක් ඔයගොල්ලෝ වගේ රුකඩ හැසිරීමක් කරයි කියල

:       596       722

JayanthaTuesday, 30 July 2019 03:49 AM

දත් දොස්තර කෙනෙක් .. ප්‍රසව හා නාරි වෛද්‍ය වරයෙක්ගේ වැඩ ගැන පැහැදිලි කිරීම . මේවට මොකෙන් හිනා වෙන්නද දන්නේ නැහැ . අනිත් එක මේ පුද්ගලයා විමල් ගේ ගෝලයෙක්.

:       220       131

indikaTuesday, 30 July 2019 05:35 AM

එතකොට සීඅයිඩී එකට මොනවද දන්නේ නෑ තිබුණු සුදුසුකම් !

:       15       1

සේන Monday, 29 July 2019 02:50 PM

දැන් සී. අයි. ඩී. එකේ වැරදි හොයන්නෙ කව්ද ? රටම කැඳ හැළියක් වෙලා. හැම තැනකම හොරකම

:       22       105

athuraTuesday, 30 July 2019 07:07 AM

ඒකනෙ ඒකනෙ දැන් තමයි හොරකම. ඒ කාලෙ කවුරුවත් හොරකම් කලේ නැහැ නොවැ.

:       0       1

Amila Monday, 29 July 2019 04:25 PM

ආරක්ශක අංශ හෑල්ලුවට ලක්කරන මෙවැනි දොස්තරලා සේවයෙන් පහකරන්න ඕන.

:       1246       1040

සක්විති Monday, 29 July 2019 07:28 PM

හෑල්ලුවට ලක් නොවෙන්න නම් යුක්තිය එක්ක නැගී සිටිය යුතුයි.

:       0       0

චාමරTuesday, 30 July 2019 01:58 AM

වෙද්‍යවරුන්ගේ කටයුතුවලට ඇගිලි ගසන බලපෑම් කරන මෙවැනි ආරක්ෂක නිලධාරීන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ..

:       0       0

bamunuarachchiTuesday, 30 July 2019 02:04 AM

ආරක්ෂක අංශ හොඳට කරලා තමයි 260ක් මැරිලා 500ක් දරුණු ලෙස තුවාල ලබලා ආරක්ෂක අංශ ලොක්කන් දෙන්නම රිමාන්ඩ් ගතවෙලා තිබෙන්නේ... ඉස්පිරිතාලෙන් ඉතුරුටික වහගන්න මොවුන් දොස්තරලාට තර්ජනය කරනවා. දොස්තරමහතුනි, පුළුවන් නම් මෙයාගේ පැලෝපීය නාලය මිරිකන්න.

:       0       0

Fahim Tuesday, 30 July 2019 01:47 AM

මෙයාව මුල්ලේරියාවට යවන්න.

:       0       0

කුමාර රාජකරුණා Tuesday, 30 July 2019 02:56 AM

මේ දොස්තර ජානිපෙට කත්අදින බව පැහැදිලියි. ඔය කියන අම්මලාව පරීක්ෂණයකට යොමුකරලා මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. 4000 ක් 190 ගානකට අඩු වෙලා. දැන් ඒ පාර මැහුම් දැමීම ගැන චෝදනාවක් කරනවා. චෝදනා කරලා විතරක් මදි... ඔප්පු කරන්නත් ඕනෑනේ. අර දොස්තර හාමුදුරුවෝ එයාගේ ජනප්‍රියතාවය සඳහා මේ ප්‍රශ්නය භාවිතා කරනවා. හැමදාම රෑ නිවුස්වලට අම්මලා පෙන්න පෙන්න කෑ ගහපු මාධ්‍ය දැන් නිශ්ශබ්දයි. මොවුන් සේරම මේ රට අවුල් ජාලාවක් කරමින් ඉන්නේ තමන්ගේ බලය ලබා ගැනීම සඳහා. මහජනතාව මීට වඩා බුද්ධිමත්ව කල්පනා කළයුතුමයි.

:       0       0

sugath Premalal Tuesday, 30 July 2019 04:24 AM

ලංකාවේ අහින්සක ජනතාවට දෙවියන්ගේ පිහිටයි. වගකීමෙන් කියන්නේ. ලංකාවේ නීතියක් නැහැ. ඩොලර් වලට රියල් වලට නිතිය යට ගැහෙනවා.. කිසිම දෙයක් ගැන හොදයි කියල කියන්න බැහැ. වංචාව, දුෂණය, ප්‍රෝඩාව, හැම තැනම. මෙහෙම වන්න හේතුව කුමක්ද. තේරුම් ගන්න. අපේ නායකයෝ දැන් විදේශීය බලවතුන්ගේ රූකඩ වෙලා....

:       0       0

shiro Tuesday, 30 July 2019 05:02 AM

අපේ රටේ නීතිය උඩු යටිකුරු වෙලා. පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියයුතු අය විත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාද පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අපරාධය ගැන සෙවීම අමතක කරලා වෙන වෙන දේවල් කරනවා. ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවා මිනිසුන් මරා දැමුවාම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියා කිරීම අමතක කරලා සාමය ආරක්ෂා නොකලා කියා පොලීසිය හිරේ දානවා. එතකොට ත්‍රස්තවාදය අමතක වෙනවා. බොම්බ පුපුරවා සිදුවූ විනාශයට හේතු හොයන්න පත්කරපු කොමිසම එහි අරමුණු අමතක කරලා වෙන වෙන දේවල් හොයනවා. (කාර්යාලයට සුදුසු සාරියද වගේ දේවල්). අධිකරණයේ නඩුවක් යන කාලයේ එහි සාක්ෂි කරුවන් කොමිටියට කැදවලා අධිකරණ තීන්දු වලට වක්‍ර බලපෑම් ඇතිකරනවා. ත්‍රස්තවාදීන්ට අතට අත දෙමින් ඔවුන්ව දිරි ගන්වමින් ක්‍රියා කර ඇති අය අත්අඩංගුවට නොගෙන, ත්‍රස්තවාදීන් හා යන්තමින් හෝ ගනුදෙනු කල අයව සොයනව. අනේ මන්දා. රටේ මිනිස්සු විපිලිසරව බලා ඉන්නවා.

:       0       0

Nandika Tuesday, 30 July 2019 06:14 AM

දත් දොස්තරද , ඇස් දොස්තරද ප්‍රසව දොස්තරද කියලා වැඩක් නෑ. විමල්ගේ යාලුවෙක්ද සජිත් ගේ යාලුවෙක්ද රාජිත ගේ තරහ කාරයෙක්ද වැඩකුත් නෑ.... මිනිහ කියන ඒවා ඇත්තද බොරුද කියන එක තමා බලන්න ඕනි . පාට කන්නාඩි දාගන්නේ නැතිව බැලුවනම් සිංහල අපිට තව ටික කාලයක් හරි ඉන්න පුළුවන්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 241 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site