
(පුෂ්පකුමාර ජයරත්න)
මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාරයේ භාරකාර තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන චීන ජාතික බෞද්ධ ව්‍යාපාරිකයෙක් විසින් රුපියල් ලක්ෂ 120 ක් පමණ වටිනා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කළේය.
පසුගිය සතියේ මෙරටට ගෙන එන ලද ලක්ෂ හයක් පමණ වටිනා එම මුඛ ආවරණ තොගයෙන් මුඛ ආවරණ ලක්ෂයක පමණ විශාල තොගයක් අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කිරීමට බුද්ධරක්ඛිත හිමියෝ කටයුතු කළහ.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට, රිදීගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වලට සහ තවත් ප්‍රාදේශීය රෝහල් කීපයකටද මෙසේ ලැබුණු මුඛ ආවරණ තොග පරිත්‍යාග කිරීමට බුද්ධරක්ඛිත හිමියන් කටයුතු කර ඇත.
මීට පෙර පැවති කොරෝනා වාර දෙකේදීම මේ ආකාරයටම එම චීන ජාතික ව්‍යාපාරිකයාගෙන් ලද මුඛ ආවරණ තොගයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ ආයතන වෙත බෙදාදී තිබේ.

COMMENTS
මේ තරම් කරන චින්තනේ තමයි මේ ගොල්ලෝ බනින එක.. ඒත් සමහරු අපේ මිනිස්සුන්ට කොරෝනා බෙහෙත වත් නොදුන් ඉන්දියාවට රට විකුණන්න යනවා..