
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමේ නියෝගයට විරෝධය පළ කරමින් කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීමෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.
කුරුණෑගල මහ නගර සභාවේ උසස්ම නිලධාරියාගේ සිට කම්කරුවන් දක්වා වූ සමස්ත කාර්ය මණ්ඩලයම අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියහ.
මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගරය පිරිසිදු කිරීම්, කසළ බැහැර කිරීම්, ගිනි නිවීම් සේවාව, මහ නගර සභාවෙන් සැපයෙන සියලු සේවාවන් සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
කුරුණෑගල නාගරික සුපිරි වෙළඳ සංකීර්ණය සහ කුරුණෑගල නාගරික පුස්තකාලය ද ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර පසුව ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත දහවල් 11.00 ට පමණ වෙළඳ සංකීර්ණය ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කෙරිණි.


COMMENTS
පුදුම දේවල්නේ ලංකාවේ දේශපාලනය කියන්නේ. වැරැද්දක් කරලා ඒකට වරෙන්තු කරපුවාම ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. මෙව්වා ඉතින් ඔක්කොම ලොක්කාගේ ඉඳලා කරන ප්ලෑන් තමයි. නැතිනම් ඔහොම කරන්න පුළුවන්ද?
මේ වගේ බ්ලැක්මේල් වැඩ කරන ප්‍රාදේශීය සභා සෙට් එකක් එක්ක කොහෙද රට දියුණු කරන්නේ? මොවුන්ගේ සභාපති සහ ඕවා සංවිධානය කරන සෙට් එක එලවා දාලා , ඔවුන්ට යටින් සපෝර්ට් කරන මන්ත්‍රී කාරයින්වයි හරියට කන්ට්‍රෝල් කරගන්න ජනාධිපතිතුමනි... මෙවා මාර වැඩ, සභාපති වරදක් කරලානම් හෝ නැතුවනම් වුණත්, උසාවියට ඉදිරිපත් වෙලා එයින් නීතියට අනුකූල වන ආකාරයට කටයුතු කළ යුතුයි. මේක, ඉතා වැරදි පූර්වාදර්ශයක්... මෙහෙම සභාපතිවරුන් රට කනවා, එක්කෝ කරපු වැඩේට මන්ත්‍රීයත් සම්බන්ධ ඇති, මෙහෙම සද්දෙ දාලා තගා එකෙන් වැඩේ කරන්න හදන්නේ... රට පරණ කාලකන්නි තැනට ඇදන් යන්න එපා... මේ අලුතින් රට හදන්න ආරම්භක දවස්වලම...
අපේ රටේ මිනිසුන් උගත්ද? බුද්ධිමත්ද? මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන එක අපේ දේශපාලකයින් බොහෝමයක් අහලාවති නැතිව වගෙයි පෙනෙන්නේ.
මේ තමයි බමුණුආරච්චිලා බලාපොරොත්තු වුණු පාලනය. වර්ජනයක් කරලා නීතියක් වෙනස් කරන්න පුලුවන්නම්. එ්ක මහින්ද යුගයක්ම තමයි.
කුරුණෑගල මහ නගර සභාවේ කට්ටිය මෙහෙම කළා කියලා දැන් රටේ නීතිය වෙනස් කරලා, අධිකරණ ඔක්කොම වහලා, විනිසුරුතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩල ඔක්කොම ටික ගෙදර යාවි එහෙනම්... අනේද කියන්නේ...
බලනකොට රටේ වැඩි දෙනෙක් කත් අදින්නේ රටේ දේවල් විනාශ කරන අයටනේ. අනේ මන්දා කුරුණෑගල..
සියලුම සේවකයන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි..
ටොයියන් සහ බයියන් නිතරම සිතන්නේ එහෙම නැතිනම් ඔවුන්ට කියාදීලා තිබෙන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. මේ නූගත් බයියන් මේ රට කුඩුවලින්, අරක්කු වලින්, හොරුන්ගෙන් පාලනය කරන්න හිතාගෙන ඉන්නවා ඇති. තම ඉතිහාසයත් අන්ත දූෂිත බව දන්න රටේ පාලකයින් බයියන්ට යටත් වීම හැර, වෙනත් යමක් රටේ මහජනතාව වෙනුවෙන් කරයිද..? අපි මේ සංදර්ශනයේ අවසානය වනතෙක් බලා ඉඳිමුද.?
අත්අඩංගුවට ගන්න යන්නේ අධිකරණ නියෝගයක් මගින් නම් මෙම වර්ජනය අධිකරණයට අපහාස කිරීමක්..
අධිකරණයට අපහාස කිරීමේ වරදට සියලු දෙනා සිරගත කළ යුතුය.
එක මයිල් ගහකට අත තියෙන්න දෙන්නෙ නෑ කිව්වේ.
පැතූ වෙනස සැපද? එක්රටක්, එක් නීතියක්..
කොහොමද නීතියට දාන තර්ජනය? බලයට ඇවිල්ලා දවස් 3 යි. සුබ පෙර නිමිති.
ඡන්දෙන් තෝරා එවන්න එපා කියපු අයගෙන් සැලකියයුතු පිරිසක් නැවත පාර්ලිමෙන්තුවට ජනතා කැමැත්තෙන් තෝරා පත්කරගෙන නොවැ. මේ අවුල්වලට මුල ඒකයි.
මොලේ උඩ ඉන්න මිනිසුන්ගේ තරම .රටකට වෙච්ච් දේ.
මෙය වැරදි පූර්වාදර්ශයක් නීතිය සැමදෙනාටම එක භා සමාන විය යුතුයි අනිවාර්යෙන්ම මෙය දේශපාලනඥයන්ගේ උසිගැන්වීම උඩ කළ දෙයක්
දැන් බලාගන්න පුළුවන් ජවසම්පන්න විපක්ෂයේ වැඩ.
මම නම් මහා නගර සභාවේ සේවකයින්ගේ තීරණය එක හෙලා අනුමත කරනවා. කුණු ගොඩවල් වලට කැමති කුරුනෑගල ජනතාවගේ කුණු මොකටද පිරිසිදු කරන්නේ? ඇතා ගලත් කළු ගල් ව්‍යාපෘතියකට යොදවන්න කියා ගරු, නගරාධිපති තුමාගෙන් මම ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිමි.. ඔබ තුමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනා යුතු පුද්ගලයෙක් බව තමයි මට නම් හැඟෙන්නේ...
මොනවා කරන්නද රටේ අවාසනාව.
මම හිතමින් ඉන්නේ දිලීප පීරිස් මහත්තයාට මොකද වෙන්නේ කියලයි.
හොඳයි වැඩේ. අධිකරණය මේ විදිහට හෑල්ලු කරන්න, අවමන් කරන්න රජයේ සේවකයන්ට පුළුවන්ද? ජේ.ආර් ගේ, ප්‍රේමදාසගේ කාලෙටත් වඩා අන්තවන ලකුණු තමයි පේන්නේ...
රටේ ජනතාව මොරදෙනවා බුවනෙක සභාව කඩපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න කියලා... ඇතුලේ ඉන්න අය කියනවා එපා කියලා... මෙහෙමත් අය ඉන්නවද?
මෙය ඇත්තටම නොවිය යුතු දෙයක්... රටට දෙන වැරැදි ආදර්ශයක්. නගර සභාවක කුමන සේවකයාත් වැටුප් ලබන්නේ ජනතාවගේ මුදලින්... ඇත්තටම අසනීප නම් ඒකට ලෙඩ නිවාඩු ගැනීම සාධාරණයි. එම නිවාඩු ඇත්තේ එමනිසයි.. ඒත් සේවකයන් ලෙඩ නිවාඩු දැම්මා කියන එක රජයේ කාර්යාල වසා දැමීමට හේතුවක් නොවේ. ඒ අයට ගෙවල්වලට වෙලා ඉන්න ඕනේ හින්දා... ඔවුන් නැවත වැඩට ආවමවත් එම නිවාඩු සටහන් කරන එකක් නැහැ. ඔක්කොම එකට ගත්ත හින්දා ඒක සාමාන්‍ය දවසක් ලෙසට සලකාවි. මෙච්චර කාලයක් ඔය විදිහටම අනිත් දෙපාර්තමේන්තුවලත් වැඩ වුණා. මෙමගින් වෙන්නේ රටේ ප්‍රශ්න වැඩිවෙන එක විතරයි. රජය අපකීර්තියට පත්වීම විතරයි. නීතියෙන් කරන්න තිබෙන දේ එයාට කරන්න දීලා සේවකයන් එයාලගේ වැඩ හරියට කරනවා නම් කිසිම කෙනෙක්ට බයවෙන්න දෙයක් නැහැ... වැරැද්දක් නැතිනම්...
මේවා කාගේ වැරදිද? මේ මිනිස්සු මේ දේවල් කරන්නේ කාගේ හරි කීමකට වගේම සමහරවිට ඒ අයගේ තර්ජන වලට බියෙන් වෙන්න ඇති. රස්සාවල් බේරගන්නත් වෙන්න පුලුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දින්නේ කොහොමද කියලා දන්නෝ දනිති. ඡන්දයට පෙර මේ ගොඩනැගිල්ල කැඩුවේ ඡන්දෙන් පසුව මේ ක්‍රියා මාර්ගය ගන්නම බලාගෙන වෙන්න ඇති. ඒකනේ ඇඟට අත තියන්න නොදෙන බව කිව්වේ. රටේ මහජනතාවනි, දැන්වත් ඇස් ඇරලා බුද්ධියෙන් බලන්න.
මේක ඉතාම දරුණු ලෙස අධිකරණයට අපහාස කිරීමක්. පුදුමය කියන්නේ මුලු නගර සභාවම මේ වරෙන්තුකරු පිටුපස සිටීමයි. ඉතාම පැහැදිලි කරුණ නම් දේශපාලුවා අධිකරණයට හෝ නීතියට කිසිදා යටත් නොවන වගයි. මේකද රටේ ජනතාව බලාපොරොත්තු වූ නීතියේ පිළිසරණ? එකමඑක මිනිහෙක් නිසා මුලු රටත් සමස්ත අධිකරණයත් අසරණ වෙලා. ලංකාව කිසිදාක මොන ජගතා ආවත් ගොඩදැමිය නොහැකි බවට මෙන්න සාක්කි...
දිනක වැටුප වහාම කපාහරින්න...
ජනවරම තක්කඩියන් ආරක්ෂා කරන්න භාවිතා කරන්න එපා... ඉන්න හිතෙන රටකුයි ජනතාව පැතුවේ...
හලෝ වහල්ලු නොවන මිනිස්සු කවුද කියලා පැහැදිලි කරනවද? ඔහෙලා ජවිපයේ වහල්ලු නොවේද? 2/3 ලැබී ආණ්ඩුවක් පිහිටුවලා දින 4 ‘‘ පැතූ වෙනස සැපද?‘‘ කියලා අහන අයත් ඉන්නවද? ඔය මොන ආණ්ඩුවත් ජෙප්පන්ට වඩා හොඳයි කියලා ජනතාව පෙන්වා දී තිබෙනවා.